විමල් තුන් මාසයකට පසු බර ඇප මත නිදහස්..

April 7, 2017 at 10:40 am | lanka C news
විමල් තුන් මාසයකට පසු බර ඇප මත නිදහස්..

දින 87ක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ ඇප මත නිදහස් කර තිබේ.

මන්ත‍්‍රීවරයා ඇප මත නිදහස් කර ඇත්තේ රුපියල් පනස්දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. එක් ශරීර ඇපයක් පවුලේ ඥාතියෙකු විය යුතු බවටද නියෝග කර ඇත.

තම දියණියගේ අසනීප තත්වය හා මේ වසරේ සාමාන්‍යපොල විභාගයට පෙනී සිටීමට නියමිත යයි අධිකරණයට ඉදිරිපත් වූ සුවිශේෂී කරුණු සලකමින් මෙසේ ඇප ලබා දී ඇත.

මන්ත‍්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණ භාරයට ගෙන ඇත.

කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින මන්ත‍්‍රීවරයා ගිලන් රථයෙන් අධිකරණයට පැමිණ ඇති අතර ඇප ලබා දීමෙන් පසු නැවත වතාවක් රෝහල බලා ගියේය.

අධිකරණයේ ඇප ලබා දීමේදී දේශපාලන බලපෑම් සිදුවන්නේ යයි පවසමින් මන්ත‍්‍රීවරයා උපවාසයකද නිරත වු අතර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත පසුව එය නතර කරන ලදී.

රජයේ වාහන අවභාවිතයට අනුබල දුන්නේ යයි මන්ත‍්‍රීවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වන දිනයි.

133 views
Main News