විමල් මීලග රාජ්‍ය නායක වීමේ ගමනක.. ඔහුට බියවී රාජපක්‍ෂ පවුලෙන් කුමන්ත‍්‍රණයක්.. මහින්ද යලි ගෙනාවේ විමල්..- අභයාරාමාධිපති හිමි යලිත් මාධ්‍ය හමුවක

February 13, 2021 at 11:20 am | lanka C news
විමල් මීලග රාජ්‍ය නායක වීමේ ගමනක.. ඔහුට බියවී රාජපක්‍ෂ පවුලෙන් කුමන්ත‍්‍රණයක්.. මහින්ද යලි ගෙනාවේ විමල්..- අභයාරාමාධිපති හිමි යලිත් මාධ්‍ය හමුවක

මහින්ද සුළඟ ආරම්භ කරන ලද්දේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර බන්දුල ගුණවර්ධන ආදීන් විසින් බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් එලවන්න හදන්නේ රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක් අනුව යැයි ද උන්වහන්සේ කියා සිටිති.

මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ආවේ විමල් වීරවංශ බව පිළිගත යුතු බවද පවසන උන්වහන්සේ බැසිල් විමල් ගැටුම කාලයක් තිස්සේ පවතින එකක් බවද පෙන්වා දෙති.

රටේ මීළඟ නායකයා වීමේ ගමනක් විමල් වීරවංශ පැමිණ ඇති බවත් රාජපක්ෂ පවුල ඒකට බය වී ඇති බවත් උන්වහන්සේ තවදුරටත් සඳහන් කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂට රටේ ජනතා මනාපයක් නැති නිසා නායකත්වය නුසුදුසු බවත් උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

173,200 views

27 Comments to “විමල් මීලග රාජ්‍ය නායක වීමේ ගමනක.. ඔහුට බියවී රාජපක්‍ෂ පවුලෙන් කුමන්ත‍්‍රණයක්.. මහින්ද යලි ගෙනාවේ විමල්..- අභයාරාමාධිපති හිමි යලිත් මාධ්‍ය හමුවක”

  1. යකුනේ සූදානම් වනු ..! says:

    ඉතාම අවාසනාවන්තලෙස ඵන්නත් අත්හදාබැලිමේ බටහිර ක්‍රියාවලියට හා දඩි බටහිර උපත් පාලන යාන්ත්‍රනයට ශ්‍රීලංකාව පත්කරනු ලැබූයේ ඡනාධිපතිගේද අනුදැනුම යටතේ විම ඉතාම අවාසනාවන්ත තත්වයකි.!

    කෙසේ වෙතත්..
    ගොඨාභය ඇවැසි කාළයක් බලයේසිටිනු ඇවැමෙන් ..,
    “විමල් විරවංශ” රට බාරගැනීමට ‘නිර්භීතව’ ඉදිරිපත් වන්නේනම්, ලෑස්තිනම් ඹහුව අනාගත ඡනාධිපති බවට පත්කරවීම සඳහා අප සැම සූදානමින්..!
    නොඵසේනම් අපගේ “සුවිශේෂ” චරිතය විසින් ශ්‍රීලංකාව් ඡනාධිපති ලෙස අනිවාර්‍යන් බලයට පැමින සියඵම හොරැන් තක්කඩියන් පාවාදාන්නන් දෙපිටකාට්ටුවන් දංගෙඩියට යවනවා ඵ්කාන්තයි ස්ථීරයි යකුනේ සූදානම් වනු ..!

  2. Chamara says:

    බැසිල් ජනපති කරනවාට වඩා හොදයි රනිල් ජනපති කරන එක.
    රනිල් කොහොමත් විකිණීමට උපන් හපන්, ඒ වගේ ද බැසිල් අපේ ජන්දය අරං අපිටම කෙලවනකොට.

Main News