විමල් මුලින්ම සන්ධානයක් හදමු කීවේ එජාපය සමගයි.. අප එය පරාජය කලා.. – කුමාර ගුණරත්නම් කියයි.. [Video]

June 16, 2020 at 11:20 am | lanka C news
විමල් මුලින්ම සන්ධානයක් හදමු කීවේ එජාපය සමගයි.. අප එය පරාජය කලා.. – කුමාර ගුණරත්නම් කියයි.. [Video]

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී මුලින්ම සන්ධානගත වීමට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායක කුමාර ගුණරත්න මහතා සඳහන් කරයි.

2001 වසරේදී පැවති චන්ද්‍රිකා ආණ්ඩුව අර්බුදයට ලක්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සන්ධානයක් ගොඩ නගා ගැනීමට විමල් විරවංශ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට මුලින්ම යෝජනාවක් ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.

නමුත් එය දේශපාලන මණ්ඩලයේදී පරාජයට පත්වූ බවද ඔහු පැවසීය.

ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ආදීන් සමග සන්ධානගත දේශපාලන දිසාවට ජවිපෙ හැරුණු බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේය චමුදිත සමරවික්‍රම සමග යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

528 views
Main News