විමල් යලි රිමාන්ඞ්.. කොටි රැදවියන්ගෙන් ජීවිත තර්ජන…

February 20, 2017 at 12:40 pm | lanka C news
විමල් යලි රිමාන්ඞ්.. කොටි රැදවියන්ගෙන් ජීවිත තර්ජන…

කිසිදු පහසුකමක් නොමැති ස්ථානයක දින 42ක් තිස්සේ රඳවා තැබීමෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මූලික අයිතිවාසිකම් පවා අහිමිවෙලා – විමල්ගේ නීතීඥයෝ පෙන්වාදෙති

දින 42ක කාලයක් තිස්සේ දිනකට පැය 13 බැගින් අඩි 8ක් දිග අඩි 4ක් පළල සිර මැදිරියක රඳවා තැබීමෙන්ද ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති ස්ථානයක රඳවා තැබීමෙන්ද තම සේවාදායකයාගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වී ඇති බව විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කණ්ඩායම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත දැනුම් දුන්හ.

වාහන අවභාවිතයට අනුබල දීම යන චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින විමල් වීරවංශ මහතා අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී එම නීතීඥ පිරිස එසේ දැනුම් දුන්හ.

එසේම විමල් වීරවංශ මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ ඝාතන ලයිස්තුවේ ඉහලින්ම සිටි අයකු බවත් අද ඔහු මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් හා පාතාල සාමාජිකයන් සමඟ රඳවා තැබීමෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවත් මෙම නීතීඥ කණ්ඩායම පෙන්වා දුන්හ.

එම කරුණු දැක්වීම අවසානයේ මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයාට දැනුම් දුන්නාය.

අද දින විමල් වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතීඥ කපිල ගමගේ, නීතීඥ පාලිත ගමගේ, නීතීඥ ප්‍රේමනාත් දොලේවත්ත, නීතීඥ සම්පත් මෙන්ඩිස් , නීතීඥ අසිත් සිරිවර්ධන ඇතුළු නීතීඥ කණ්ඩායමක් සමග ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

5 views

21 Comments to “විමල් යලි රිමාන්ඞ්.. කොටි රැදවියන්ගෙන් ජීවිත තර්ජන…”

  1. berawaya says:

    hip hip hure ….
    hip hip hure….
    hip hip hure

    nice job yahapalanaya keep it up

    • Champa says:

      මම මේක දකින්න කලින් ලිව්වේ වෙනස් comment එකක්. (ඒක පස්සේ දානවා ). විමල් ඉන්නේ මෙච්චර බරපතල තත්වෙක කියල මම දැනන් හිටියේ නැහැ. මිනිස්සු කවුරුවත් දන්නේ නැහැ. විමල් හිර කරලා ඉන්නේ අඩි 8X4 ක??? LTTE කාරයොත් ඉන්න තැනක ???

      විමල්ව අනිවාර්යයෙන්ම, වහාම නිදහස් කරන්න ඕනේ. LTTE එකට විරුද්ධව ජීවිතයේ සෑහෙන කාලයක් වෙන් කරපු, සටන් කරපු විමල්ව, hardcore LTTE කාරයෝ ඉන්න තැනක රඳවා තැබීම අමානුශිකයි. ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී හිටින, ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි විමල් නිසැකවම LTTE diaspora එක හසුරුවන LTTE කාරයන්ගේ ඉලක්කයක්. ආණ්ඩුව උවමනාවෙන්ම විමල්ගේ ජීවිතයට තර්ජනයක් එල්ලා කරලා තියෙනවා. මේක හුඟක් බරපතල දෙයක්. බොරු චෝදනා හදලා හිර කරලා ඉන්න විමල්ව අනිවාර්යයෙන්ම, වහාම නිදහස් කරන්න ඕනේ.

      මේක කියන්නේ අතිගරු ජනාධිපතිතුමාට.

      අසාධාරණ විදියට සිරගත කරලා තියෙන විමල් ඔබ නිදහස් කල යුතුයි. ඔබ ලජ්ජා වෙන්න ඕනේ නේද, මහබැංකුව කොල්ල කාපු ඔබේ අගමැති මේ විදියට බොරු චෝදනා නගලා විමල්ව හිරේ දාපු එකට? දේශපාලන ප්‍රතිවාදියෙක් දිහා බලන විදියට වෛරයෙන් විමල් දිහා බලන්නේ නැතුව, රටට තමන්ගේ පණටත් වඩා ආදරය කරන විමල් දිහා දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව, රට වෙනුවෙන් අනුපමේය සේවයක් කරපු, ජාතිය වෙනුවෙන් නැගී හිටපු, විමල් නිදහස් කරන්න ඔබ කටයුතු කරන්න ඕනේ, ජනාධිපතිතුමා. දෙමල මුස්ලිම් දේශපාලකයෙක්ට මෙහෙම කරන්න ඔබ කවදාවත් ඉඩ දෙනවද? ඔබ සිංහලයෙක් නේද? ලැජ්ජයි !

      මේක කියන්නේ මල්වතු-අස්ගිරි මහනායක හාමුදුරුවරුන්ට, අනෙකුත් මහා සංඝ රත්නයට, රණවිරුවන්ට සහ රටට ආදරය කරන ජනතාවට

      විමල්ව මේ විදියට LTTE කාරයින්ගේ ඉලක්කයක් කරන්න ආණ්ඩුවට ඉඩ දීලා බලා ඉන්නවට ඔබ හැමෝම ලැජ්ජා වෙන්න ඕනේ. ඒකීය රටක් වෙනුවෙන් නැගී හිටපු, මුළු සිංහල ජාතිය වෙනුවෙන්ම නැගී හිටපු, විමල් වෙනුවෙන් කතා කරන්න බැරි, විමල්ව නිදහස් කරන්න කියන්න බැරි සිංහලයා සිංහලයෙක්ද? ලැජ්ජයි!

      • Salmal says:

        ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
        අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
        කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
        අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”
        රටත් ජාතියත් සමයත් කරණ කොට
        තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
        ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
        සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

        Wake up ‘Sinhalese folks’ Wake up Protect our great Sinhalese leader Wimal Weeravansha

      • Saradiel says:

        ගරු විමල් මහතාව, එල්.ටී.ටී.ඊ සැකකරුවන් හා පාතාල සාමාජිකයන් සමඟ රඳවා තැබීමෙන් ඔහුගේ ජිවිතයට තර්ජනයක් .
        .වහාම ඔහුව නිදහස් කර යුක්තිය සාධාරණ ඉටු කරන ලෙස ලක් රජයෙන් අපි ඉල්ලමු ..
        රටේ දේශද්‍රෝහී දේශපාලකයින් වූ විග්නේශ්වරන් සුමන්දිරන් වැනි දෙමල ජාතිවාදී බෙදුම්වාදීන් මෙන් ම …නැගෙනහිර විල්පත්තුව අපේ රටේ ජාතික සම්පත් විනාශකරන මුස්ලිම් ඇමතිලා නිදහසේ සිටි .. මොකද්ද මේ රටේ අවනීතිය ?
        .දේශපාලන පලිගැනීම් නතර කර ගරු විමල් නිදහස් කරනු .
        ..සිංහල මිනිසුනේ වරෙව් ඉදිරියට අයුක්තියට හිස නොනමවූ

      • Champa says:

        මේ අඩි 8 X 4 කියන්නේ හරිම පොඩි ඉඩක් නේ. හරියට මගේ ඇඳුම් තියෙන wall closet එක තරම්නෙ size එක. හරිම පොඩි තැනක් නේ. විමල් දවස් 42ක්ම හිටියේ මෙතැනද?

        විමල් රට වෙනුවෙන් කල මෙහෙවර පැත්තකට දැම්මත්, මුළු රටම ආදරය කරන වාමාංශික විප්ලවවාදී සිංහල දේශපාලන නායකයෙකුට, දේශපාලන පක්ෂ නායකයෙකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, මහා විශාල අපරාධකාරයෙකුට, මිනීමරුවෙකුට සලකනවාටත් වඩා මේ තරම් අමානුෂික, දුෂ්ඨ, හිතක් පපුවක් නැති විදියට සලකන්නේ කොහොමද?

        • Upali says:

          අනේ චම්පෝ.. විමල් කොටි එක්ක යුද්ධ කලාද කියල මම දන්නෙ නෑ. ඒත් කොටින්ට එරෙහිව යුද්ධෙ මෙහෙයවලා ජයග්‍රහණය කරපු හමුදාපතිව එයාව මරන්න කොටි කාන්තාව ගෙනාපු කොටි සාමාජිකයත් එක්ක උසාවියෙ එකට බංකුවෙ වාඩි කරල තියද්දි ඔයාගෙ මේ වගේ කමෙන්ට් දැක්කෙ නෑනෙ.

          • Champa says:

            යකාගේ වැඩක්නේ. තමන් මරන්න ආපු කොටි දෙනත් එක්ක ……… ……….. හොඳනම්, ඒ කොටි දෙනගේ උදව්වට ආපු මිනිහා එක්ක ඉඳ ගත්තහම මොකොද වෙන්නේ?

          • ලිහිණි says:

            රටේ භාණ්ඩාගාරය යහපාලනයේ පෞද්ගලික දේපලක් ලෙස සලකා භුක්ති විඳිමින් හොරා කන වත්මන් දේශපාලකයෝ උතුරේ ත්‍රස්තවාදී කොටින්ට දොලපිදේණි දෙමින් දේශප්‍රේමී දේශපාලකයින්ට බොරු චෝදනා දමමින් සිරගෙදර යවමින් තර්ජන කරමින් නඩු අසන අසාධාරණ ක්‍රමයට ජනතාව විරුද්ධව නැගී සිටිය යුතුයි මහ බැන්කුවෙන් බැඳුම්කර හොරාකෑම හොරා කෑමක් නොවේ ද ? ඒ හොරු ඇයි අත්අඩංගුවට නොගන්නේ ?

      • champika says:

        චම්පා ගන්න මල්ල යන්න ආප්ප කඩේට,කන්න ආප්ප,බොන්න සෙරෙප්පු සුප්..

        • Champa says:

          That is thousand times better than having a secret deal with Ranil, being party to robbing the country and betray and deceive the masses.

    • LION says:

      TO- berawaya
      There are a lot of idiots in this country like this stupied berawaya……Shut your mouth idiot berawaya …..
      Never insult our great Sinhalese leader Wimal

    • CAT says:

      මෙන්න ‘ berawaya ‘ නම්වූ නිවට යහපාලන/ යූඑන්පී ගැති බත්බැලයෙක් කඩේ යනවා

  2. මං හරි ආසයි බටලන්දේ ඝාතයකා , මහා බැංකු මහා හොරා මැරිච්ච
    දවසක ගුණකථනයක් කරන්න කියලා විමල් ඇමතිතුමාට දුන්න දවසක
    අහගෙන ඉන්න ?

  3. Oshada says:

    Thawa madi

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Bohoma age kalayutu niyogayak.

  5. lolla says:

    You are a HERO Sir…………

  6. JUDGE LANKA BAGALAWATHI says:

    Buddhist literature says one leady DEVEL assigned to hunt human who canes to lake she authorised by main DEVEL who is rule the country. She used all kind of false reason to get human to get flash of them to DEVEL club. So, this may be happening again. However, after.watching this Yamaya made hard punishable work to get at last.

  7. Champa says:

    (මේක මම LCN බලන්න ඉස්සෙල්ල ලියපු comment එක).

    අන්තිම අසාධාරණ තීන්දුවක්. මේ පාර හරි ඇප දෙන්න තිබුනා. යමපාලන ආණ්ඩුවේ “වීරවංශ භීතිකාව” උඩු දුවලා.

    මේ විදියට විමල්ව දිගින් දිගටම හිරබාරයේ තබා ගැනීම තරයේම හෙලා දකිනවා!!!

    තනිකරම දේශපාලන පලිගැනීමකට විමල්ව හිරගත කලේ. වෙන සාමාන්‍ය කෙනෙකුට නම් එක දවසක්වත් හිරේ දාන්නේ නැහැ. හොර නඩුවත් වීසි කරලා.

    හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා සරත් නන්ද ද සිල්වා මැතිතුමා පෙන්වලා දුන්න පැහැදිලිවම තවමත් පරීක්ෂණ ඉවර නැහැයි කියලා කියපු චෝදනාවකට ASP කෙනෙක් බොරු සහතිකයක් දීලා විමල්ව හිරේ දාලා තියෙන්නේ කියල. මහේස්ත්‍රාත්වරිය ඒ වාර්තාව කියැව්වේ නැති එක තමා පුදුමේ. යහපාලන ආණ්ඩුවේ නඩුකාරයොත් නිකම් කරකවලා ඇත ඇරලා වගේ. යන්නේ කොහෙද, පොල්ලේ මල්. නඩුකාරය වෙනුවට නඩු වාර්තාව කියවන්නේ අගමැටිතුමා.

    අධිකරණය තනිකරම “වික්කමසිංහකරණීය” වෙලා.

    රනිල් මහා භාණ්ඩාගාරය මංකොල්ල කාල නිදැල්ලේ ඉන්නවා. ඔප්පු කරලවත් නැති වාහන අවභාවිතාවකට අනුබල දුන්න කියලා විමල්ව තවත් සති දෙකකට හිරේ දානවා. එතකොට මාස 2ක්ම වෙනවා.

    මේක මහ අසාධාරණයක්. අගමැටිතුමෝ, ජනාධිපතිතුමෝ, මහබැංකුවේ සල්ලි වලට වඩා වාහන ලොකුද? සල්ලි බිලියන් ගණන් හොරාකෑවට කමක් නැහැ, හැබැයි වාහන වලට අත තිබ්බොත් හිරේ දානව. ඒකද කියන්නේ. මහබැංකුවට ගුල්ලෝ ගැහැව්වට කමක් නැහැ, යකඩ තමයි පරිස්සම් කරන්න ඕනේ. නෙද්දකින්. මේකද මහලොකු යහපාලන නීතිය? .

    මේ තමයි “සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී චෞර ජනරජය”. රට වෙනුවෙන් කතා කලොත් සිරගෙය. අවනීතියට වුනත් හිස නමන්න වෙනවා. හැබැයි සල්ලි වීසි කළාම පොලිස් කාරයොත් සල්ලි වලට ගත්ත හැකි, නඩුකාරයොත් සල්ලි වලට ගත්තහැකි, නීතිපතිවත් සල්ලි වලට ගත්තහැකි, අරලිය ගහ මන්දිරේ නිලධාරියොත් සල්ලි වලට ගත්තහැකි, ගෞරවාචාර්ය අගමැතිවත් සල්ලි වලට ගත්තහැකි. එතකොට නඩුත් හාම්දුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගෙ. මහ බැංකුවත් හාමදුරුවන්ගේ. මහා භාණ්ඩාගාරෙත් හාමුදුරුවන්ගේ. පොලීසියත් හාමුදුරුවන්ගේ. අධිකරණයත් හාමුදුරුවන්ගේ.

    යකඩ ගොඩක් හින්ද බොරු චෝදනාවක් හදලා නඩු දාපු විමල්ට කැළෑ නීතිය! බිලියන් ගණන් බැඳුම්කර හොරා කාපු රනිල්ට රාජකීය සමාව! සල්ලි වල කිසි වටිනාකමක් නැහැ. යකඩ තමයි මෙවුන්ට වටින්නේ.

    විමල්ගෙම වචන වලින් කිව්වොත් මේ තමයි හොර ආණ්ඩුවේ “තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය”!!! හොරු රජ වුනාම, දේශප්‍රේමියෝ හිරේ යනවා. අනිත් පැත්තත් එහෙමයි. දේශප්‍රේමියෝ එලියට එනකොට හොරු හිරේ යන්න ඕනේ (පොතේ හැටියට).

    මේ ඊළඟ කොටස (මගේ) ආදරණීය විමල්ට.

    මහබැංකුව හොරා කාලා ආර්ථිකය කඩා වට්ටලා වික්කමසිංහ ගෞරවාචාර්ය උපාධියක් ගත්ත විමල්!!! Soros-No. 2. ඔන්න වැඩ. රට ජාතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කරපු ඔයාට හිර ගෙදර. හැබැයි ඉතින් අරක – Honorary එකක් නිසා, දීලා ආපහු අරන්. ගෞරවයක් වගේ පෙන්නපු අපහාසයක්. ආචාර්ය වික්කමසිංහ කියල කියවගන්න ඕනේ නම් දුර කතර ගෙවාගෙන, ඕස්ට්‍රේලියාවටම යන්න ඕනේ. නියම දඬුවම. වික්කමසිංහ තව ගෞරවාචාර්ය උපාධියක් ගන්න, රට බෙදලා දායිද දන්නේ නැහැ, නේද? ඒක නිසා ඉක්මනට නිදහස් වෙලා එන්න.

    විමල්, ඔබ වෙනුවෙන් මුළු රටම ඉන්නවා. (Photos ගොඩක් මගේ e-mail එකට ඇවිල්ල තිබුනා). අර ලස්සණ හිනාවට හුඟක් ස්තූතියි. දවස් 40ක් හිරේ දාලා හිටියත්, ආයෙත් සති දෙකකට හිරේ දැම්මත් ඔබව මානසිකව වට්ටන්න බැහැ කියන පණිවුඩේ ඔබ ආණ්ඩුවට දීලා තියෙනවා. තමන්ව අභූත චෝදනාවක් කරලා හිරේ දැම්මත් කිසි වෛරයක් තරහවක් නැහැ කියලා ඔබ පෙන්වනවා. විමල්ට ඔච්චර ලස්සණ හිනාවක් තිබුනා කියලා මට මතක නැහැනේ. (ඒක miss වුනේ කොහොමද මට?) Seriously, you look adorable! 🙂

    ජාතික නිදහස් පෙරමුණ කතරගම කිරිවෙහෙරට ගිහින් ඔයාට සෙත් පතලා ආශිර්වාද කළා. (විමල් දන්නව නේද කතරගම දෙවියෝ කියලා සිංහල මිනිස්සු විශ්වාස කරන්නේ කිරිවෙහෙර හදපු මහසෙන් රජ්ජුරුවෝ කියලා?) තව මම විස්තර දැක්ක පිටරට ඉන්න ශ්‍රීලාංකිකයොත් පක්ෂ භේද නැතුව පන්සල් වලට එකතු වෙලා විමල්ට මේ අසීරු කාලය ගත කරන්න ධෛර්ය, ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ආගමික වැඩ සටහන් සංවිධානය කරලා තියෙනවා. ඔබට කරපු අයුක්තිය, අසාධාරණය, දේශපාලන පලිගැනීම ගැන මිනිස්සු පිළිකුලෙන් කතා කරන්නේ ජාතිභේද පාට පක්ෂ භේද නැතුව.

    මං මතක් වෙන මතක් වෙන ගානේ ප්‍රාර්ථනා කරන විදියටම, ඔබට මහානුභාවසම්පන්න ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, සියලු දුක් දෝමනස්ස මැඩගෙන සිටින්නට චිත්ත ධෛර්යයත්, අසමසම ශක්තියත්, යෝධ බල යෝධ වීර්යයත්, හුඟක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

    • Champa says:

      රුහුණු මහා කතරගමේ
      දේවාලේ වැඩ වසනා
      කඳ සුරිඳේ හද බැතිනේ
      දොහොත් මුදුන් දී වඳිනා

      දියත පතල තෙද බල ඇති
      කතරගමට ඔබ අධිපති
      හාස්කම් වලින් අඩු නැති
      සුරිඳුනි මා ඔබ දැක ඇති

      ඉතිහාසේ මතක පුරා
      රට රැකි විරුවන් රැක්කා
      ඔබ අද නිහඬව ඉන්නා
      “රණ හඬ” සිර ගත වෙන්නා

      ජාතියටම පණ දුන්නා
      රට රැක ගත් හෙළ විරුවා
      මිනිස් කමට නිගා දෙමින්
      යදම් දමා සිර කෙරුවා

      උණු කඳුලැලි වැගිරෙන්නා
      සෝ ලතැවුල් නැත නිම්මා
      රට වෙනුවෙන් ඔහු කළ දෑ
      සිහි වී හද වැළපෙන්නා

      බැතිබර හදවත පෙන්වා
      පඬුරක් මම ගැට ගැහ්වා
      සුරිඳුනි ඔබ එය දන්නා
      “මගෙ හදවත” රැක දෙන්නා

      වන සෙනසුන අත හැරලා
      කතරගමට ඔබ වැඩියා
      කඳුලින් ඔබෙ පා දොවනා
      සුරිඳුනි ඔබ මා දකිනා

      ජීවමානවම සිටිනා
      ඔබෙ අනුහස මම දන්නා
      කඳ සුරිඳුනි බල පෙන්නා
      ඔහු නිදහස් කර දෙන්නා

      දකුණෙ උපන් මටත් අයිති
      රන් සිහසුන රන් ඔටුන්න
      සුරිඳුනි ඔබෙ දෝතට ගෙන
      මම කියනා තුරු රකින්න!

      අත් හල රට බාර ගන්න
      වැනසුණු රට ගොඩ නඟන්න
      වෛරය ක්‍රෝධය නිම කර
      හදවත් සුවපත් කරන්න !

Main News