විමල් ආණ්ඩුව සමග ඞීල් හෙලිවේ.. විමල් වීරවංශ වැලිකඩ හිරේට දමති..
January 10, 2017 at 3:53 pm | lanka C news
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනවාරි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
පසුගිය රජය සමයේදී රජයේ වාහන අවභාවිත කිරීමට අනුබල දුන්නේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. එමගින් රජයට මිලියන 41ක අලාභයක් සිදුවී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
විවිධ දේශපාඥයින් විසින් පසුගිය කාලය පුරාම චෝදනා කරනු ලැබුවේ මන්ත්‍රී වීරවංශට ආණ්ඩුව හා රහස් සබදතා ඇති නිසා අත්අඩංගුවට පත් නොවී සිටින බවයි.