‘විමල් වහා නිදහස් කරනු’.. නුවරඑළියේ ජනතාව වීදි බසිති..

February 15, 2017 at 8:02 am | lanka C news
‘විමල් වහා නිදහස් කරනු’.. නුවරඑළියේ ජනතාව වීදි බසිති..

ආණ්ඩුවිරෝධී සටනේ අභීත සෙන්පතියකු වූ ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා සිරගත කොට තමන්ට එරෙහි ජනතා නැගිටීම යටපත් කිරීමට ආණ්ඩුව සිතනවානම් එය මුලාවක් බව ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, සී.බී. රත්නායක මහතා පැවසීය.

‘දේශපාලන දඩයම නවතනු!- විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ  නුවරඑළිය නගරයේ පැවැති පොදුජන විරෝධතාව අවසානයේ ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සදහන් කළේය.

‘ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතාට බොරු චෝදනා එල්ල කරලා අත්අඩංගවට අරන් දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ සිරගතකොට තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දඩයම් කරලා මේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින ජනතා බලවේගය යටපත් කරන්න හිතනවානම් ඒක මුලාවක්. ඉතාමත් නුදුරේදීම අපි මේ ආණ්ඩුව ගෙදර යවලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ නුවරඑළිය දිස්ත්‍රික් මෙහෙයුමට මමත් ජානිපෙ නුවරඑළිය දිස්ත්‍රික් නායක නිමල් පියතිස්ස මැතිතුමාත් දැඩි සහෝදරත්වයෙන් උරදෙන බව සහතිකයක් දෙනවා’

– අනුරුද්ධ බණ්ඩාර

0 views

8 Comments to “‘විමල් වහා නිදහස් කරනු’.. නුවරඑළියේ ජනතාව වීදි බසිති..”

  1. anu says:

    colombo walin fun ekata nuwaraeliye giyapu

  2. well done ….SINHALESE WAKE UP immediately and send this yamapalana eelam parayo curse HOME NOW…….and SAVE OUR HERO WIMAL WEERAWANSA……SOON!!!

    • Salmal says:

      A hero is somebody who is selfless, who is generous in spirit, who just tries to give back as much as possible and help people & Motherland . A hero to me is someone who saves own Country & people and who really deeply cares. WIMAL WEERAWANSA…is a great Politician
      The Prison Doors must Open And he shall be Released soon as possible
      Wake up Sinhalese Folks Wake up Protect our great leader Wimal Weeravansha
      May The Triple Gem Bless you

  3. Sadda says:

    Janathawa thala pelana ayata viruddhawa negee siteema samaharek ayata fun gannawa wage denenne. Meka jathiye abhagyak.

  4. Champa says:

    නිමල් පියතිස්ස පළාත් සභා මන්ත්‍රීකමේ නොඉඳ අනිවාර්යයෙන්ම අනිත් පාර පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. නිමල්ට පුළුවන් එතකොට නුවරඑළියේ ජනතාවට ලොකු සේවයක් කරන්න. (මට මතකයි පියල් පහුගිය මහා මැතිවරනේදී දේශපාලන වැඩ සටහනක කරපු කතාවක්). තව කෙනෙක් ඉන්නවා නැගෙනහිර. අර කොටි කොඩිය බිම දාලා සිංහල කොඩිය ඉස්සුවේ අවුරුදු ගානකට ඉස්සෙල්ල. (ෂී… මට නම මතක නැහැ.) ඒ වගේ රටට ආදරේ, එඩිතර මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.

    ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙකේම දැන් ඉන්න මන්ත්‍රීවරු අතරින් රටට කිසි වැඩක් නොකරන රිලව් ඔක්කොම ගෙදර යවලා ඊළඟ පාර්ලිමේන්තුව දේශප්‍රේමී, ප්‍රතිපත්තිගරුක, හොඳ දැක්මක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් පුරවන්න ඕනේ.

    ජාතික නිදහස් පෙරමුණේ ඉන්න “කැලෑ මල්” ඔක්කොටම ඊළඟ පාර්ලිමේන්තුවට ඇවිල්ල රටම සුවඳවත් කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ.

    • Saradiel says:

      දේශපාලන දඩයම නවතනු!- විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ එය මුළු සිංහල ජනතාවගේම ඉල්ලීමයි

    • Champa says:

      Correction:

      (මට මතකයි “නිමල්” පහුගිය මහා මැතිවරනේදී දේශපාලන වැඩ සටහනක කරපු කතාවක්).

  5. Hiran says:

    Roger Seneviratne Nuwara Eliye Padinchi Karayek da? Ekama set Eka thamayi Hema thenama Yanne. Nuwara Eliye wathu demala ayata Wimal gena Kisi kekkumak nehe.

Main News