විමල් වීරවංශත් ඊළඟ ජනාධිපතිවරණයට සුදුස්සෙක්.. එහෙත් මගේ මනාපය මහින්ද රාජපක්‍ෂගේ තීරණයටයි..- බැසිල්

May 26, 2018 at 11:20 am | lanka C news
විමල් වීරවංශත් ඊළඟ ජනාධිපතිවරණයට සුදුස්සෙක්.. එහෙත් මගේ මනාපය මහින්ද රාජපක්‍ෂගේ තීරණයටයි..- බැසිල්

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ කදවුරේ අපේක්ෂකයා ලෙස තම එකම තේරිම මහින්ද රාජපක්ෂ මහතා බවත්, එහෙත් අද වනවිට ජනතාවට රටේ නායකයා ලෙස එසේ සුදුස්සෙක් පත්කර ගැනීමේ ප්‍රාජා අයිතිය ආණ්ඩුව විසින් නැති කර ඇති බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කොට ඇත.

රාජපක්ෂ කදවුරේ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි මාධ්‍යවේදි ප්‍රසන්න සංජිව තෙන්නකෝන් විමසා ඇති අතර එහිදි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා පවසා ඇත්තේ ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය බවත් එම තීරණයට තමගේ ද මනාපය වන බවයි.

චමල්, ගෝඨාභය, බැසිල් වැන්නන් ඊළඟ ජනාධිපතිවරණයට සුදුස්සන් නොවන්නේ දැයි මාධ්‍යවේදියා විමසද්දී එම නම්ද සුදුසු බවත් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ මෙන්ම කුමාර වෙල්ගම මහත්වරුන්ද තරගයකට සුදුසුකම් ලබන නමුත් තමා ඇතුළු ඒ සියලුම දෙනා ජනාධිපතිවරණයට සුදුසු තරගකරුවෝ නොවන බවත් ඵීලිතුරු දී තිබේ.

තමාගේ එකම අපේක්ෂාව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරිම නොවන බවත් එම තරගය දිනවීම තම අපේක්‍ෂාව බවත් බැසිල් රාජපක්‍ෂ මහතා තව දුරටත් සදහන් කර ඇත.

9 views

10 Comments to “විමල් වීරවංශත් ඊළඟ ජනාධිපතිවරණයට සුදුස්සෙක්.. එහෙත් මගේ මනාපය මහින්ද රාජපක්‍ෂගේ තීරණයටයි..- බැසිල්”

  1. Mahasona says:

    දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ජනාධිපතිවරණයට සුදුසු තරගකරුවෝ ඇයි ඒ සදහා තරග නොකරන්නේ ?
    බැසිල් මහතා ගැන නම් අපට පැහැදීමක් නැත …ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම් ජනපති තනතුරට වඩාත් සුදුසුයි

  2. ශාන්ත බණ්ඩාර says:

    විමල් විරවංශ වැනි තරුණ නායකයින් සහ අනාගත බලාපොරොත්තු විනාශ කරලා දැම්මේ මේ අය තමයි. විරවංශ සහෝදරයා වැනි අය විනාශ කලෙ මේ ගොල්ලෝම තමයි.

  3. පොදු ජනයා, says:

    දේශපාලනය ගැන මනා අවබෝධයකින් කතා කරන ඉතා වැදගත් සම්මුඛ සාකච්ඡාවක්, ඔබතුමාගේ අපේක්ෂාව පොදු ජනතාවගේ අපේක්ෂාවයි.

  4. වෛද්‍ය සමරසේකර says:

    පොදු විපක්ෂයේ සමහර බොලද නායකයින්ට නියම පිලිතුර,. ජයවේවා

  5. samare says:

    දේශපාලන බුද්ධිමතුන් දෙන උත්තර වල හැටි කොහොමද?

  6. somapala says:

    yes yes yes sir, Wimal is also very suitable after Gotabhaya Rajapakse

  7. jvp says:

    Matath Hare Asai Janadhepathi Wenna Oeeeeeeeeeeee

  8. LION voice says:

    YES indeed… WELL SAID ………Hon Wimal Weerawansa too is an EXCELLENT candidate to be President of Sri Lanka after Gotabaya Rajapahsha in 2020…..jayama wewa!!!!!

  9. SUNIMAL says:

    ගොටාබයට ජය පතමු

  10. karu 1 says:

    මේ තීරණාත්මක ජනපතිවරණයේ අප සැමගේ ඒකයන බලාපොරොත්තුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ බෙදීමකින් තොරව රට දිනවිය හැකි ජනතා ප්‍රසාදය වැඩියෙන්ම හිමි කෙනා ව අපේක්ෂකයා ලෙස නම්කර ඔබ සැමගේ දායකත්වයෙන් දිනවීමයි. ජයවේවා. ඔබ දරන මතයට ගොඩාක් ගරු කරනවා.

Main News