විමල් වීරවංශ උත්තර නොදී මග හරිනවා.. – FCIDය අධිකරණයට දන්වයි..

December 16, 2016 at 1:20 pm | lanka C news
විමල් වීරවංශ උත්තර නොදී මග හරිනවා.. – FCIDය අධිකරණයට දන්වයි..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් සිදු කරමින් ඇති විමර්ශනයන්ට ප්‍රකාශ ලබාදීම ඔහු විසින් හිතාමතාම ප‍්‍රමාද කරන්නේ යයි අද කොටුව මහෙසේත‍්‍රාත් අධිකරණයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිලි කර ඇත.

පසුගිය රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කලේල යයි එල්ල වී ඇති චෝදනා මත අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශයන් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස මන්ත‍්‍රීවරයාට දන්වා ඇතත් ඔහු බොහෝ අවස්ථාවල විවිධ හේතු දක්වා එය මග හැරි බවද පැමිණි දිනයන්හිදීද රැුදී සිටියේ අවම කාලයක් බවත් පොලිසිය විසින් අධිකරණයට දන්වා ඇත.

මේ සම්බන්දයෙන් සලකා බලමින් අධිකරණය නියෝග කරනු ලැබුවේ ඉදිරි 28-29 යන දින දෙක තුලදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ප‍්‍රකාශ ලබාදෙන ලෙසයි.

මන්ත‍්‍රී වීවරංශ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් එහිදී කියා සිටියේ මන්ත‍්‍රීවරයා මේ ධිනවල විදෙස්ගතව සිටින බවයි. එම හේතුව නිසා මෙරටට පැමිණෙන දිනයේ සිට ආසන්නම දින දෙකක් තුලදී මන්ත‍්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස වෙත පැමිණිය යුතු යයි අධිකරණය නියෝග කරනු ලැබීය.

35 views
Main News