දෑහිතකාමී මහා නාහිමිගේ ඉල්ලීමට හිස නමයි.. වීරවංශ උපවාසය අවසන් කරයි..[Video]

March 30, 2017 at 10:48 am | lanka C news
දෑහිතකාමී මහා නාහිමිගේ ඉල්ලීමට හිස නමයි.. වීරවංශ උපවාසය අවසන් කරයි..[Video]

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 21 වන දා සිට ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අවසන් කර තිබේ.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව කහවුරු කලේය. මන්ත‍්‍රීවරයා උපවාසය අත්හැර ඇත්තේ රාමාඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි නාහිමි, සියම් මහ නිකායේ අනු නායක නියංගොඩ විජිතසිරි අනුනායක නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමට ගරු කරමින් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ආහාර වර්ජනය නිසා  මන්ත‍්‍රීවරයා ඊයේ දිනයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට අතුලත් කරන ලදී.

ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීම මහතා විසින් මේ සම්බන්ධයෙන් දක්වන ලද අදහස්…

72 views

45 Comments to “දෑහිතකාමී මහා නාහිමිගේ ඉල්ලීමට හිස නමයි.. වීරවංශ උපවාසය අවසන් කරයි..[Video]”

  1. kamalsiri kuruwita says:

    නියම මහ නායක උතුමන්ලා වන්නේ මේ සත් කාර්යයට ඉදිරිපත්වූ නම සඳහන් වූ සහ නම සඳහන් නොවූ ඔබවහන්සේලාටය .ඔබවහන්සේලාට හෙළ ජාතියේ ගවුරව ප්‍රණාමය පුන්යනුමොදනා පුර්වකව පුදන්නෙමු . සාධු !! සාධු !!! සාධු !!!!

  2. Yasantha says:

    විමල් සහෝදරයා මේ උපවාසය නතර කල එක ඇත්තටම හොඳ දෙයක්! මොකද අපට රටට ජාතියට ඔහු තවදුරටත් අවශ්‍ය නිසා.ඒ වගේම ඔහුගේ උපවාසයත් හරි. මොකද ඔහු අර හිකනල් ලපකුමාර මෙන් නොව සැබෑවටම හොඳින් පන්නරය ලැබූ JVP කාරයෙක් නිසා.ඒ වගේම ඔහු හොඳ සටන් කරුවෙක් නිසා. මට හිතෙන විදියට විමල් සහෝදරයා මේ උපවාසය මගින් ගවපාලන ආණ්ඩුවට එරෙහි සටන එක පෙරමුණකට ගෙන ඒම සඳහා අවශ්‍ය අඩිතාලම දැම්මා! දැන් ඉතුරු පිරිස මේ පෙරමුණ තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තේරිය යුතුයි.ගවපාලනයේ අවසානය ඉතා ඉක්මනින් ලඟාවේවා!

  3. අවිශ්ක says:

    රාජ්‍ය දේපොළ අවභාවිතය කියන්නෙ ඇප නැති ( නඩුව අහල ඉවර වෙනකන්) වැරැද්දක්.එහෙම දෙයක් මෙහෙම උපවාස කරල නවත්තන්න හදන්නෙ කොහොමද කියලයි මට නම් හිතා ගන්න බැරි.කොහොමත් මම නම් හිතන්නෙ නෑ මේ මනුස්සයට දේශපාලන බලය මත ඇප ලැබුනත් සාමාන්‍ය මනුස්සයෙක්ට නම් නඩුව දිනල එලියට හරි පැරදිලා ඇතුලට හරි යන්න වෙනව මිසක් උපවාස කරා කියල එලියට එන්න පුලුවන් වෙයි කියල

    • White Shark says:

      රාජ්‍ය දේපල අවභාවිතා වලට මීට කලිනුත් නඩු අහලා තියෙනවා. හැබැයි ඒ එක නඩුවකදී වත්, විමල් අලාභයක් කල කියලා තවමත් ඔප්පු කරලා නැති ගානට වඩා මහා පරිමාණ අලාභ කරපු නඩු වලටවත්, නීතිපති විරුද්ධ වෙලා නැහැ ඇප දෙනවට.

      විමල්ට විතරයි එහෙම කලේ. විමල්ගෙන් පලි ගන්න නෙමෙයි නම්, අනිත් අයට තියෙන අයිතිය විමල්ට අහිමි වුනේ කොහොමද?

      විමල් කිව්වා උසාවියෙන් වැරැදිකාරයෙක් කියල ඔප්පු වුනොත් හිරේ යන්න ලෑස්තියි කියලා. තාම විමර්ශනය අවසන් කරලාවත් නැතුව ඇපත් නොදී හිරේ තියා ගන්න එකටයි විමල් විරුද්ධව කතා කලේ.

  4. Ramani says:

    A great relief to the entire nation!

  5. අයර්ලන්තෙ ලප කුමාර says:

    අයියෝ! අපේ බලාපොරොත්තු ඔක්කම සුන්වුනා.
    දැන් ඉතින් මට පුංචම්මගෙම පිහිටයි.

Main News