විමල් වීරවංශ එකුන් විසි ප්‍රතිඥාවක් සමාජගත කරමින් මැතිවරණ ව්‍යාපාරය අරඹයි..
June 20, 2020 at 8:02 am | lanka C news
අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව අරඹන සිය ගමනේ මඟ සලකුණු සනිටුහන් කරමින් කරුණු 19කින් යුත් ප්‍රතිඥාවක් මහා සංඝරත්නය අභිමුව ලබාදීමට කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අංක 19 න් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළේය.
“එකුන් විසි ප්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුම” ලෙස නම් කර ඇති මෙම ප්‍රතිඥාව 19 සවස බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී ඒ මහතා ලබා දුන්නේය.
එම අවස්ථාවට බෙල්ලන්විල රජ මහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපෙ චන්දවිමල හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ. ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු විද්වත්හු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විමල් වීරවංශ මහතා අද සමාජගත කළ “එකුන්විසි ප්‍රතිඥාව” පහත පරිදි වේ.
“එකුන් විසි ප්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුම”
මම විමල් වීරවංශ වෙමි. මා උපන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර ප්‍රදේශයක ය. මාගේ පියා සංගීතය සහ නැටුම් ආත්මය කොට ගෙන ජීවත් වූ සුන්දර මිනිසෙකි. ඔහු මිනිසාට මෙන්ම ගහට කොළට සතා සීපාවාට ආදරය කළ මහ පොළොව මත සෙමින් පය තබා ඇවිද ගිය මිනිසෙකි. මා මිනිසුන්ට ආදරය කරන්න, දුක් විඳින මිනිසුන් වෙනුවෙන් කඳුළක් හෙළන්න ඉගෙන ගත්තේ ඔහුගෙනි. කුඩා කල සිටම ශ්‍රී ලංකාව නම් වූ පුණ්‍යභූමිය කෙරෙහි මා තුළ වූ ආදරය ජීවත් වන සෑම දවසකම අතුඉති ලා වැඩුණි. මා නව යොවුන් වියේදීම ජනතා විමුක්ති පෙරමුණට ආකර්ෂණය වන්නේ එසේය.
යුක්තිය, සාධාරණය රජයන සමාජයක් ගොඩනගන්න, සෑම මිනිසකුටම කෑමෙන් බීමෙන් අඩුවක් නැති සතුටින් ඉන්න පුළුවන් සුන්දර රටක් හදන්න, ඒ රට දෙකඩ වී මිනිසුන් එකිනෙකා මරාගැනීම වළක්වන්න, ඉන්දියානු සහ බටහිර අධිරාජ්‍යවාදී බලපෑමෙන් රට නිදහස් කරගන්න, මා මෙන්ම තවත් තරුණ තරුණියන් දසදහස් ගණන් තමාගේ ජීවිතය පරිත්‍යාග කරන්න සූදානම් විය. මා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයකු ලෙස නිම කළ විසිවසරක දීර්ඝකාලීන දුෂ්කර පාගමන තුළින් මේ රටේ ඉරණම වෙනස් කළ හැකි වූවා යැයි මම විශ්වාස කරමි. සුඩානය බෙදා වෙන් කළ ආකාරයට අපගේ ආදරණීය මාතෘභූමිය දෙකඩ කර සිංහල, දෙමළ, මුස්ලිම් සියලු මිනිසුන් බල්ලන්, බළලුන් සේ මරා ගැනීමට සලස්වන සැලසුම් පරාජය කොට ඉතිහාසය වෙනස් කිරීමට අපට හැකි විය.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ තම උදාර අතීත උරුමයට පිටුපාමින් රට පාවාදෙන නව ගමනකට මුල පුරන විට, එම ඛේදජනක ඉරණමෙන් එම පක්ෂය ගලවා ගැනීමට මට ඉඩ නොදෙන විට මාගේ සහෘදයන් සමග නව ගමනක් ඇරඹීමට මට සිදු විය. ඒ අතීත සහ වර්තමාන දීර්ඝ ගමනේදී මා පාර්ලිමේන්තුව තුළ විසි වසරක් මාගේ භූමිකාව රඟ දක්වා ඇත. එය දුෂ්කර මෙන්ම සුන්දර අත්දැකීමකි. ඔබ ද ඊට සාක්ෂිකරුවෙකි. මම අද ඔබ ඉදිරියේ, මහා සංඝරත්නය අභිමුව දණ නමා, මාගේ හෘද සාක්ෂියේ ප්‍රතිඥාව ඉදිරිපත් කරමින් මහා සමාජය සමඟ මෙසේ උතුම් වූ සමාජ ගිවිසුමකට එළඹෙමි. ඒ තුළින් ඔබ සහ මා අගෝස්තු පස්වන දින සිට අරඹන නව ගමනේ මග සලකුණු සනිටුහන් කරනු ඇත.
1. මම ඇතුඵ මාගේ පක්ෂයේ සියලු සාමාජිකයන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම ලබා දුන් හැටනව ලක්ෂයකගේ අපේක්ෂා සෑම විටම හිස්මුදුනේ තබාගෙන කටයුතු කරමි.
2. අයුතු දේශපාලන බලයට, ධන බලයට, මැර බලයට හෝ නිල බලයට යටත් වී යුක්තිය සහ සාධාරණත්වය පාවාදීමට මම කිසි දිනෙක කටයුතු නොකරමි. එසේ කළ නොහැකි නම් මාගේ දේශපාලන දිවියට සදාකාලිකවම සමුදෙන්නෙමි.
3. මා විසින් මාගේ දිවි දෙවැනි කොට රට වෙනුවෙන් අතීතයේදී ඉටු කළ භූමිකාව මාගේ අනන්‍යතාව ලෙස පිළිගන්නා අතර එය කිසිදිනෙක කිසිදු හේතුවක් නිසා අත් නොහරිමි.
4. වසර 35ක කාලයක් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස සහ දේශපාලන නායකයෙකු ලෙස මා විසින් අත්පත් කොටගත් සහ සමාජය විසින් මා වෙත ලබාදුන් සදාචාර බලය අන් කිසිදු බලයකට වඩා වැදගත් කොට සලකන අතර එම බලය මම සෑම විටම පොදුජන යහපත සඳහා පමණක් යොදවමි.
5. පුද්ගලික සුඛවිහරණය සඳහා මම කිසිවිටෙක මහජන මුදල් හෝ දේපළ අවභාවිතා නොකරමි.
6. අපගේ ඓතිහාසික මහා සභ්‍යත්වයේ උරුමය රැකීම මාගේ පරම දේශපාලන වගකීම සහ යුතුකම ලෙස සලකන අතර දේශපාලන සටන් බිමේ කුමන ස්ථානයක මාගේ භූමිකාව ඉටු කළත් මහා සංඝරත්නය ප්රමුඛ සම්බුද්ධ ශාසනයට එරෙහිව දියත්වන බහුවිද කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා මම කොන්දේසි විරහිතව දිවි ඇතිතෙක් කැප වී ක්‍රියා කරමි.
7. නීති විරෝධී සහ සදාචාර විරෝධී ආර්ථික සහ සමාජ – සංස්කෘතික ක්‍රියාකාරකම්වලින් මුදල් ඉපැයීම හෝ වෙනත් කුමන හෝ ප්රතිලාභ ලබාගැනීම කිසිවිටෙක අනුමත නොකරන අතර ඒවා දිරිමත් කිරීමෙන් වැළකී සිටීමට සහ ඒවායින් ගැලවී සිටීමට මෙන්ම අන් අය ඉන් ගලවා ගැනීමටත් සෑම විටම කටයුතු කරමි.
8. ජාතිවාදයට, බෙදුම්වාදයට සහ ආගමික අන්තවාදයට මේ රට තුළ තීරණාත්මක දේශපාලන සාධක බවට පත්වීමට ඉඩ නොදෙමි. ඒ සඳහා වන දේශපාලන උපාය උපක්‍රම තේරීමේදී මගේ පුද්ගලික පැවැත්ම හෝ ආරක්ෂාව සෑම විටම දෙවැනි කොට සලකමි.
9. පාතාලය සහ මත් උවදුර මැඩලීම සඳහා වන ජනාධිපතිතුමාගේ උවමනාව සහ පොදු ජනතාවගේ අපේක්ෂාව මාගේ ප්‍රමුඛතම දේශපාලන අධිෂ්ඨානයක් බවට පත් කරගන්නෙමි.
10. මම සෑම විටම පුද්ගලිකව නීතියට සහ යුක්තියට ගරු කරමි. වරදක් සිදුවුවහොත් සමාව ගැනීමට සහ එය නිවැරදි කර ගැනීමට ධෛර්යසම්පන්න වෙමි.
11. මම දේශපාලන ක්‍රියාමාර්ග තේරීමේදී සහ ඊට නායකත්වය දීමේ දී සෑම විටම රටේ ව්‍යවස්ථාවට, නීති පද්ධතියට, ඓතිහාසික සභ්‍යත්වයේ උරුමයට සහ වටිනාකම් පද්ධතියට යටත්ව කටයුතු කරමි, කිසිදු පුද්ගලික හෝ පුද්ගල සාධක මත පදනම් වන දේශපාලන හේතු මත එම ප්‍රතිපත්තිය වෙනස් නොකරමි.
12. දේශපාලන අධිකාරි බලය යොදා ගනිමින් රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීමට හෝ මහජන මතය නොසලකා කටයුතු කිරීමට හෝ ඔවුන් පීඩාවට පත්වන ආකාරයට දේශපාලන ක්‍රියාමාර්ග තේරීමට කටයුතු නොකරමි.
13. අපගේ මුතුන්මිත්තන් අප උරුම කරගත් මහා ශිෂ්ටාචාරය තුළ ගොඩනැඟූ දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුළු අප රට සතු විශේෂ දැනුම් පද්ධතියට ගරු කරමි, සෑම විටම එය ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට සහ අප රටේ ජනතාවගේ පමණක් නොව සමස්ත මානව සංහතියේ යහපත සඳහා යොදාගැනීමට ඉතා අභිමානයෙන් මැදිහත් වෙමි.
14. මම සෑම විටම දේශීය නිෂ්පාදන අගය කිරීමටත් ඒවා පරිභෝජනයට ප්‍රමුඛතාව දීමටත් කටයුතු කරන අතර අපේ දේ අගයන සමාජයක් බිහි කිරීම මාගේ ප්‍රමුඛතම දේශපාලන අරමුණක් සේ සලකමි.
15. ගහට කොළට, සතා සීපාවාට, ගුරු දෙගුරුන්ට, ආගම දහමට ආදරය කරන සහ ගරු කරන දරු පරපුරක් බිහි කිරීමෙන් තොරව වර්තමාන සමාජ පරිහානිය ආපසු හැරවිය නොහැකි බව පිළිගන්නා අතර එම පිළිගැනීම මත පිහිටා අනාගත ආණ්ඩුවේ දේශපාලන තීන්දු තීරණ ගැනීමට මැදිහත් වෙමි.
16. දේශපාලන සතුරා සහ මිතුරා වෙන් කර ගැනීමේදී මම සෑම විටම රට, දැය, සමය යන නිර්ණායකයන්ට සාපේක්ෂව පමණක් තීන්දු තීරණ ගනිමි, අන් සියලු නිර්ණායක ඊට ද්විතීක කොට සලකමි.
17. ජාතියේ උස් නිදහස වෙනුවෙන් දිවි පිදූ සහ ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් රණවිරුවන් මෙන්ම සෙසු බහුවිද සටන්කරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය වෙනුවෙන් සංසාරගත වගකීමක් සේ සලකා පෙනී සිටිමි. ඊට එරෙහිවන්නන්ට එරෙහි සටන, මාගේ සියලු සටන් අතර ප්‍රමුඛතම සටනක් බවට පත්කර ගනිමි.
18. දරු පවුල වෙනුවෙන් ජීවිතය මිරිකා ලේ, කඳුළු, දහදිය හෙළන අප රටේ යසෝදරා පරපුරේ කාන්තාවන් මැදපෙරදිග සුල්තාන්ලාගේ සහ රට තුළ ක්ෂුද්රමූල්ය ජාවාරම්කරුවන්ගේ වහලුන් බවට පත් කිරීමේ දුෂ්ට ක්‍රියාවලිය අවසන් කරන ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් මම සිහින දකිමි. ඒ සිහින සැබෑ කරන සාධාරණ යුක්තිගරුක සමාජයක් බිහි කළ හැකිය, යන විශ්වාසය කිසි දිනෙක අත්නොහරිමි.
19. පිටරටින් අඩු මිලට ආනයනය කරන බාල ආහාර ගිල දමමින්. රටේ ගොවියා සහ ආහාර සුරක්ෂිතතාව වලපල්ලට යවන, ව්‍යාජ ලෙස පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටින බාල රැවටිලිකාර දේශපාලනය මම ප්‍රතික්ෂේප කරමි. ඒ වෙනුවට මහජනයා කැමති වුවත් අකමැති වුවත් ඔවුන්ට සහ රටට යහපත් වන ආර්ථිකයක් සහ පාරිභෝගික රටාවක් ගොඩනැගීම සඳහා වන කථිකාව සහ සටන නොබියව සහ නොපැකිලව ඉදිරියට ගෙන යමි.
මේ වගට,
විමල් වීරවංශ,
ප්රතිඥාකරු,
2020 පොසොන් මස 19 වැනි දින
බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදීය.
Oh My God…..Save my country from these kind of cunning politicians….
හිනා යනවා පස්ස පැත්තෙන්…
Mewata puken hina gihin Gooooo kala Marenna hithenawa……
If pohittuwa stands in a place today with Gotabaya president, that enormous task has been done by wimal.If he does not open his mouth we do not see any future in politics of pohottuwa.Other members can not say anything convincingly to the people other than wimal.So that he is the biggest enemy of UNP <LTTe led JVP and all unpatriotic forces.
Very true. I also vote for him. Jayawewa!!!
Trying some thing to do to get votes, nothing else
Only dramas .
10. මම සෑම විටම පුද්ගලිකව නීතියට සහ යුක්තියට ගරු කරමි. වරදක් සිදුවුවහොත් සමාව ගැනීමට සහ එය නිවැරදි කර ගැනීමට ධෛර්යසම්පන්න වෙමි. ??????ඒ කියන්නේ මු ඕනෑම වරදක් කරලා සමාව ගනියි. අපි තමයි දඩ ගෙවලා හිරේ යන්න වෙන්නේ
Meya kiyanne boru mat akkata school giye api danne nadda meyage hati meya nusa mage hodama yaluwawa Maruna nama lalith kulatunga. Aduma gane me yakku atakota hoda jvp Dan salli hoyanna desapalanaya karanawa munta jandaya dena aya tamai lankawa kanne.
pansal wala election wada karann tahanam .meyat wiruddwa ellection komisama neetiya kriyatmaka karanna ona.