විමල් වීරවංශ රිය අනතුරක..

February 3, 2018 at 12:00 pm | lanka C news
විමල් වීරවංශ රිය අනතුරක..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ගමන් ගත් මෝටර් රථය රිය අනතුරකට ලක්ව තිබේ.

ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රිකයෙන් පොහොට්ටුව ලකුණින් ජාතික නිදහස් පෙරමුණ යටතේ තරග වදින අපේක්‍ෂකයන් වෙනුවෙන් පැවැත්වූ ජනහමු සදහා සහභාගී වෙමින් සිටියදීය.

පිටුපසින් පැමිණි කැබ් රථයක් විමල් වීරවංශ මහතා ගමන් ගත් මෝටර් රථයේ හැපී ඇති අතර එහි පසුපස අසුනේ සිටි වීරවංශ මහතා විසි වී ඉදිරි අසුනේ ගැටී ඇති මුත් තුවාලයක් සිදුව නැත. ඉන් පසු තම මෝටර් රථය අලූත්වැඩියාව සදහා යොමු කර වෙනත් වාහනයකින් මන්ත‍්‍රීවරයා ජනහමු ඇමතීම සදහා ගොස් ඇත.

පසුපසින් හැපී ඇති කැබ් රථය ජාතික නිදහස් පෙරමුනේ රත්නපුර දිස්ත‍්‍රික් නායක දීපාල් ගුණසේකර මහතාගේ වාහනයයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය බ‍්‍රහස්පතින්දා (31) දිනයේදීය.

37 views

33 Comments to “විමල් වීරවංශ රිය අනතුරක..”

  1. රියට අනතුරක් says:

    රියට අනතුරක් උනාට කමක් නැහැ. දේශයේ කථිකයාට අවදානමක් නොවී. තෙරුවන් සරණයි.