‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’.. ජාතික විරෝධතා ව්‍යාපාරය ඇරඹෙයි..

February 15, 2017 at 2:31 pm | lanka C news
‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’.. ජාතික විරෝධතා ව්‍යාපාරය ඇරඹෙයි..

‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ රටපුරා පැවැත්වීමට සූදානම්කර ඇති ජාතික විරෝධතා ව්‍යාපාරයේ පළමුවැන්න හෙට(16) ප.ව 3.30ට අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම ජාතික විරෝධතා ව්‍යාපාරයට ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ශ්‍රී ලනිප නායකයන් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ, එස්.සී. මුතුකුමාරණ හා ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහභාගි වෙති.

– අනුරුද්ද බණ්ඩාර

35 views