විමල් වීරවංශ හදිසියේම අත්අඩංගුවට..??

January 6, 2017 at 8:40 am | lanka C news
විමල් වීරවංශ හදිසියේම  අත්අඩංගුවට..??

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද හෝ හෙට දිනය ඇතුලත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ ඉහලම ප‍්‍රධානීන් කිහිප දෙනෙකුගේ මූලිකවයෙන් පැවති හමුවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත දැඩිව දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවීමකින් තොරව එහි නිලධාරීන් පිරිසන් හිටිහැටියේ මන්ත‍්‍රීවරයාගේ නිවසට හෝ ඔහු සිටිනා ස්ථානයකට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට ඉඩ ඇති බවද එකී ආරංචි මාර්ග සදහන් කරයි. මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගන්නා ලද්දේද ඒ ආකාරයෙනි.

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙමය සිදුවන්නේ සැලසුම්සහගත දේශපාලන උපක‍්‍රමයක් ලෙස විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

30 views

One Comment to “විමල් වීරවංශ හදිසියේම අත්අඩංගුවට..??”

  1. Champa says:

    ජනවාරි මාසේ විමල්ව අත්අඩංගුවට ගත්තොත් ඒකට ඒකාබද්ධ විපක්ෂයත් හවුල් කියලා මම දෙසැම්බර් මාසෙ මුලම කිව්වා. සැලසුම මොකක්ද කියලා ඕනේ මෝඩයකුට තේරෙනවා. ඒකාබද්ධ විපක්ෂය ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කිව්වට ඒකට විරුද්ධව කිසි දෙයක් කියන්නේ නැහැ. රනිල්ටයි සම්බධන්ටයි ඕනේ විදියට ඕක පාස් කරලා දෙනවා.

    අතන උඩ කියලා තියෙන නිසා විමල්ව අත් අඩංගුවට ගන්න කාරනාවක් නැහැ කියලා, ඉතුරු ටික නොලියා නවතිනවා.

Main News