විමල් සිරකර ආණ්ඩුව කරන්න හිතන දේ කරන්න බෑ.. රනිල්-මෛත‍්‍රී එය තේරුම්ගත යුතුයි..

March 3, 2017 at 6:48 pm | lanka C news
විමල් සිරකර ආණ්ඩුව කරන්න හිතන දේ කරන්න බෑ.. රනිල්-මෛත‍්‍රී එය තේරුම්ගත යුතුයි..

විමල් වීරවංශ වැනි ජාතික නායකයන් සිරගත කොට දිනෙන් දින ගරා වැටෙන මේ ආණ්ඩුව තම බලය රැකගැනීමට හිතනවානම් එය වැරදීමක් බව ඒකාබද්ධ විපකෂයේ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පෙන්වා දෙයි.

‘විමල් වහා නිදහස් කරනු ’ යන තේමාව යටතේ රත්නපුර නගරයේ පැවති පොදු ජන විරොධතාවයෙන් අනතුරුව මාධ්‍ය වෙත වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රංජිත් සොයිසා මහතා මෙසේද සඳහන් කළේය.

“මේ යහපාලන ආණ්ඩුව තමන්ගෙන් දිනෙන් දින ගිලිහී යන බලය රැකගැනීමට අද ඒකාබද්ධ විපකෂයේ නායකයන් දඩයම් කරමින් සිටිනවා. රට වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන්, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නඟන දේශපාලන නායකයින් මෙසේ දඩයම් කිරීමට එරෙහිවයි අද අපි මේ විදියට පාරට බැස්සේ.

විමල් වීරවංශ කියන්නේ මේ රට වෙනුවෙන් ඉදිරියෙන්ම සිට සටන් වැදුන නායකයෙක්. ඔවුන් මේ විදියට සිරගත කරලා මේ ආණ්ඩුවිරෝධී සටන යටපත් කරන්න බැහැ. අපි ඉල්ලනවා, වහා විමල් වීරවංශ මහතා නිදහස් කරන්න කියලා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව තේරුම්ගත යුතුයි, තමන්ගේ නොහැකියාව ඒකාබද්ධ විපකෂය මර්ධනය කරලා වහගන්න බැහැ, කියලා. ”

මෙම පොදුජන විරෝධතාවයට ජාතික නිදහස් පෙරමුණේ නියොජ්‍ය නායකවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ඒකාබද්ධ විපකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන් ද ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහාමඞ් මුසම්මිල්, රත්නපුර දිස්ත්‍රික් නායක, පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

0 views

One Comment to “විමල් සිරකර ආණ්ඩුව කරන්න හිතන දේ කරන්න බෑ.. රනිල්-මෛත‍්‍රී එය තේරුම්ගත යුතුයි..”

  1. Sirisena Yatawara says:

    UNP led Ranil W… and CBK ruling alliance must stop hunting political rivalries, that is not the norms of democracy of Parliamentary politics .

    The USA Embassy and Indian Embassy in Sri Lankan that what by hook or crook to punished Wimal Weerwasa is members of Parliament.

    This purely interfere of internal politics of by foreign powers.
    While TNA and current JVP leadership also behind detain of Wimal??

Main News