විමල් හා පොහොට්ටු අවුල විසදන්න අගමැති බාර ගනී…

February 13, 2021 at 4:40 pm | lanka C news
විමල් හා පොහොට්ටු අවුල විසදන්න අගමැති බාර ගනී…

අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් බාරගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ සඳහා මැදිහත් වන්නැයි ආණ්ඩු හිතවාදී භික්ෂූන් වහන්සේලා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමක් මත මෙම කටයුත්ත බාර ගෙන ඇති බවයි.

ඇමැති විමල් වීරවංශ මහතා ගිය සතියේ පසුගිය සතියේ ලංකාදීපයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මත මත මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිවී තිබිණි

31,224 views

10 Comments to “විමල් හා පොහොට්ටු අවුල විසදන්න අගමැති බාර ගනී…”

  1. ආන්ඩුව says:

    බැසිල් හබක්. Dual Citizens ලා කොහොමද මේ රටට ආදරය කරන්නේ. අප්‍රසන්න රෙනතුන්ගලට කොහොමද ඒවා තේරෙන්නේ.

    • Tomba says:

      දන්න කෙහෙල් මලක් කතාකරපන්. ගෝටාභය යුද්දේ ප්ලැන් කරනකොට, යුද්දේ මෙහෙය වෙනකොට ද්විත්ව පුරවැසියෙක්, සරත් ෆොන්සේකා ඇමරිකාවේ ග්‍රීන් කාඩ් හිමියෙක්. එතකොට උඹ ඒක දැක්කේ නැද්ද? දැන්ද පේන්නේ ද්විත්ව පුරවැසියන් ගේ ඇද කුද.?. යකෝ ද්විත්ව පුරවැසියෝ තරම් පෙන්ෂන් වලින් ලංකාවට සල්ලි එවන එවුන් ඉන්නවද?උඹලා දන්න මගුලක් නෑ කවුරු හරි කියපු දෙයක් අල්ලන් කෑ ගහනවා.

  2. Amaris says:

    මොන අවුලක්ද ?මෙතන කිසිම අවුලක් නෑ .අවුල තියේන්නේ මහින්ද නිසා .ඔහු තවදුරටත් දේශපාලනයේ රැදී සිටීමයි ප්‍රධාන ප්‍රශ්ණය .කලයුත්තේ දෙවියන්ගේ නාමයෙන් දේශපාලනයෙන් සමුගෙන ජනාධිපතිට රට ගෙන යාමට ඉඩදීමයි .ඔහුට දැන් තියෙන්නේ අනුකම්පාවක් පාර්ලි මේන්තුවේදී කිසිවෙක් ඔහුව විවේචනය කරන්ඩ යන්නේ නෑ .මේවා ඔහුට තේරුම් ගැනීමට තරම්වත් මානිශික ශක්තියක් ඔහුට නෑ .අඩුම වශයෙන් මේවගේ කොමෙන්ට් එකකක් වත් පලකරන්ඩ බයයි .ඔහුට තිබෙන මහජන ප්‍රතිචාරය ඔහුට දැන ගැනීමට සැලස්විය යුතුයි .මෑතදී අප අතරින් වියෝ උන රටක් වටින ගයාන් වෛද්‍ය තුමා අප අතරින් වියෝ උන අවස්තාවේදී ජාති බේදයකින් තොරව මුලු රටම මහත්සේ කම්පා උනා .ඔහුන් සියල්ලම කීවේ එකම දෙයයි ඒ ඇයි මේ හොද මිනිසුන් අප අතරින් වෙන්වන්නේ .ඒ සමගම එක්තරා සුවිෂේශී පුද්ගලයෙක් ඉලක්ක කර කීවේ ඇයි මේවගේ රට විනාශ කරන පුද්ගලයින්ට මොකුත් නොවන්නේ කියල .ඕකයි රටේ තත්වය බෞද්ධ ධර්ශනයට අනුව බැදීම් අත හැරීමට පුරුදු වනවානම් මේ වගේ ප්‍රශ්ණ ඇති වන්නේ නෑ .කරුණාකර මේ කොමෙන්ට් එක පලකරන්න .ඔය කියන ටොයියෙක්වත් බයියෙක්වත් නොව මම ශ්‍රී ලාන්කිකයෙක් .

    • Nalin says:

      100% agreed .That’s just what everybody says .Amaris ayya good coment .

      • Kimbula🐊 says:

        අකේ පුමාරිස්ට ඔල්මාදෙ 🤣 මොන්ගලයාගෙ ක්‍රෝටන් ටොයියො දවල් හීන දකිනවා 🙃
        කවුද බන් අගමැතිතුමාට යන්ඩ කිව්වෙ ?එතුමා සිටිය යුතුමයි. ඊට අමතරව ගෝටා ජනපතිටත් පොදු ජන පෙරමුණේ ඉහල තනතුරක් ලැබිය යුතුයි.ඒකයි විමල් ඇතුලු දේශ හිතයිශී සැමගේ ජනතා මතය.

    • Saman says:

      අනේ අපොයි .මේ මනුස්සය ඇයි තාමත් මේක අල්ලගෙන ඉන්නේ මුලු රටම යන්ඩ කියල කියද්දී .ජනාධිපතිට ඉඩ දීල කරුණාකර දැන්වත් යන්ඩ .

    • MD says:

      ඔයාවත් හරියට බුදුදහමේ අතහැරීම තේරුම් නොගෙන කොහොමද තවකෙනෙකුට කියන්නේ.මේ කමෙන්ට් දාන්න කියල කියන්නේ අල්ලාගෙන ඉන්නවා කියන ඵකනේ.හරිනම් කමෙන්ට් ඵක දැම්මත් ඵකයි නොදැම්මත් ඵකයි කියලා හිත හදාගන්න.

  3. Anuradha says:

    අගමැතිතුමෝ ඇතුළත ගිණි පිටතට නොදෙන්න එය ඔය පොහෝට්ටුවේ බිත්ති හතරට සිමාකරන්න ඉක්මණට. ඔය සාගර කියන හිපාටුවා එලවා දමන්න එකා අවුලෝපු ගිණි පුළිඟු ටික වහාම නිවාදමන්න. එය එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවේ දිග්ගැස්සේන්න ඉඩහරින එක එකෙන් වන්නේ මිනිසුන් කලකිරීමක් පමණයි.

  4. 😪🤬😪🤬😪🤬😪🤬😪🤬🤬😪🤬 says:

    රටම වනසන චීවර ඇඳගත් ඔය හැත්ත
    අඹුඩ ගසා හොඳ හාන්ට පන්සල් වත්ත
    බණ පද නොකියා රජසැප විඳින පුත්ත
    කට පවා පිංකැට සේ සීල් තැබිය යුත්ත

  5. "මෝඩ සිංහළයා" says:

    “”ආණ්ඩු හිතවාදී භික්‍ෂූන් වහන්සේලාට “” පාඨකයකුගෙ පිලිතුර….

    බුදු දහම වනසයි චීවර ඇඳ මේ ධාරි
    මුස්ළිම් ගරු කරයි ආගමට බල ධාරි
    කිතුනු සනසයි දහම අදහා සිත ධාරි
    සිංහලයා වැනසේ ක්‍රෝධය ක්‍රියා ධාරි

Main News