විමල් හිරේ දැමීම ඉතාම නිවැරදියි.. යහපාලනය හොදයි නියමායි.. – ජවිපෙ පස්වනක් ප‍්‍රීතියෙන් පිනා යයි..

January 15, 2017 at 12:40 pm | lanka C news
විමල් හිරේ දැමීම ඉතාම නිවැරදියි.. යහපාලනය හොදයි නියමායි.. – ජවිපෙ පස්වනක් ප‍්‍රීතියෙන් පිනා යයි..

විමල් වීරවංශ මහතා රිමාන්ඞ් කර ඇත්තේ රට වෙනුවෙන් යුතුකම් කල නිසා යයි රට පුරා පොස්ටර් අලවා තිබුනත් සත්‍ය වශයෙන්ම ඔහු යුතකම් කර ඇත්තේ තම පවුලේ උදවිය වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුන පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ රාජ්‍ය දේපල අවභාවිත කර ඇති සියළු දෙනාට තරාතිරම නොබලා දඞුවම් දිය යුතු බවයි.

වීරවංශ මහතා දේශපාලනිකව අත්අඩංගුවට ගත්තෙකු නොවන බවද පෙන්වා දෙන මන්ත‍්‍රීවරයා ඔහු වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හෙළන්නේ ගිය රජය සමයේ රාජ්‍ය දේපල අවභාවිත කර සුර සැප විඳි පිරිස් යයිද කියා සිටියේය.

110 views
Main News