විමල් හිරේ දැමීම ඉතා නිවැරදියි.. අද රටේ නීතිය හරියට ක‍්‍රියාත්මක වෙනවා..- ජවිපෙ

March 22, 2017 at 4:40 pm | lanka C news
විමල් හිරේ දැමීම ඉතා නිවැරදියි.. අද රටේ නීතිය හරියට ක‍්‍රියාත්මක වෙනවා..- ජවිපෙ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සිදු කර ඇති වැරදි වලට දඩුවම් විදිය යුතුම බවත් දැන් නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක වෙමින් ඇති නිසා ඔහු වැලිකඩ හිර ගෙදර සිටින්නට සිදුව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මවහතා පවසන්නේ ඔහු දැන් විදවන්නේ පෙර වැරදිවල විපාකවලට බවත් ඔහුට එල්ල වී ඇති චෝදනාව බරපතළ බවත්ය.

මේ වගේ සිදුවීම් නිසා දැන් නීතිය ක‍්‍රියාත්මක වන බව ජනතාවට දැනෙන බවද පවසන ජවිපෙ මන්ත‍්‍රීවරයා රාජ්‍ය බලය හෙබවූ කාලයේ කළ කී දෑවල පලවිපාක ඔහු භුක්ති විදිමින් සිටින බවද කියයි.

98 views
Main News