විමුක්ති කුමාරතුංගගෙන් නිවේදනයක්…

August 11, 2021 at 3:00 pm | lanka C news
විමුක්ති කුමාරතුංගගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

——

මාධ්‍ය නිවේදනයයි.

ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්ථා කර තිබුණි. ඒ වාර්ථා වලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි.

ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයෙකු ලෙස මාගේ වෘත්තියටත් සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි.

මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි. එම නිසා අනාගතයේ මා ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්ථා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට මා දැඩි උත්සාහයක් දරා ඇත. මාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් මම ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට
හිතවත්
වෛද්‍ය. විමුක්ති කුමාරතුංග

136,088 views

35 Comments to “විමුක්ති කුමාරතුංගගෙන් නිවේදනයක්…”

  1. විමූක්ති පූතා ඔහේ කිරි දෙන්නූ බලන් ඔහේම ඉදපන් පූතේ.... says:

    මෙහේ පාර්ලිමේන්තූවේ ඉන්න බෙල්ල බඩ මහත වටූහරක්ට බේත් කරල වැඩක් නෑ. ආච්චිලා සීයලා මෙහේ ඉදල වලව්වෙන් ඉලව්වට ගියා. ඔයාලටත් ඔහේම ඉදල ඔය රට කන එක හොදයි පූතේ. ජාතක ලැයිස්තූව හරක් ගෙන් පිරිල. ජහ්.. ජහ්…හොර කොටියා… ජහ්…

  2. කුකුලා says:

    මෙයා මීහරකියකගේ පුතා නොව ඉතා හොඳ නායකයෙක් වූ විජයගේ පුතා ලෙස හිතන බවයි පෙනෙන්නේ. ලන්කාවට නම් දේශපාලකය කිරීමට යන්න එපා, මේක අසූචි වලක් කිරීමට චන්ද්‍රිකා ප්‍රධාන චරිතයක් රග පෑවා.

    • CAT says:

      මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි-විමුක්ති ..ඒ නිසාද LTTE ත්‍රස්තවාදී සමයේ ඔවුන්ට සහය දීමට ලංකාවේ ඉපදීම ගැන ඔබ ලජ්ජා වෙන බව පවසමින් කොටින්ට සහය පල කරන ප්‍රකාශ කලේ ….ඔබ ගැන රටේ ජනතාවට ඇත්තේ පැහැදිලිවම අප්‍රසාදයක් …කරුණාකර ඔබේ මවත් සමග අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් වී සිටින්න

  3. ජිම් පුතානෝ says:

    69 ලක්ෂයකට වෙදකම් කරන්න පුලුවන් වෙයිද මන් දා?

  4. චන්ද දායක says:

    Gentlemen around .

  5. Hora-gollek says:

    Thank you for staying in the UK.
    Your two previous generations have done more than enough damages to our country.
    So please do not change your mind of NOT coming to SL.

  6. ගෞම් ඊයාරාජ් says:

    විමුක්ටී ඔවා ආවත් මෙහෙ ප්ලේස් නෑ සියවස් ගානකට පෞලේ දේශපාලනය කරන්න ඉන්නේ එක පෞව්ලක් විතරයි… ඔවා රිටයර් වෙන්න.මේ රටේ ගොං බෛයන්ව අන්දවන්න පුලුවන් පෞලේ පොරකට විතරයි .✌✌

  7. වියතා says:

    අනේ බුදු පුතේ…..උබල තාත්ත නං අපි ගරැකරපු මිනිහෙක්…..මානව හිතවාදී මිනිහෙක්…..ඒත් උබල අම්මා නං රටත් , අපිත් , උබලෑ තාත්තවත් කෑවා…..
    විස්කි ගහල රෑට බුදියගෙන කවදාවත් වෙලාවට වැඩක් නොකර ජනාධිපතිකමත් කෑවා……ගජමිතුරු කල්චර් එක ලංකාවේ හැදුවේ උබල අම්මා…කොටින්ම කියනවනං උබල සීයයි , ආච්චියි හදාගත්ත ගරැත්වය විනාස කරල දැම්මා…මේ රට උබලට නැති කරපු එක කාලකන්නි ගෑනියෙක් තමයි උබල අම්මා…

  8. මම ඇමරිකන් says:

    මම හිතුවා අම්මා ඔයාගේ බෙල්ට තෝන්ඩුව දැම්මා කියා පාර්ලිමන්ට් එකට දක්කන්න වැඩිපුරම ඉන්නෙ බත් කන හරක්නෙ

  9. මැඩියා says:

    අපිට පාන්ද බං.උබේ නිවේදනය රෝල කරල ගහගනින්.

    • Gamarala says:

      විමුක්ති ඔබේ ප්‍රකශ වලින් අපේ රටට ඇති ප්‍රයෝජනයක් නැත ..ඔබ කවුද ? කටවහගෙන වැඩක් බලාගනින් …

  10. ජෙප්පන්ගේ පුතා says:

    ඔයාගෙ තනතුර පශු වෛද්‍ය කියලා නිවැරදි වෙන්න ඕනෑ. ඔයා බෙහෙත් කරන්නේ සතුන්ට මිසක් මිනිසුන්ට නොවේ.එනිසා ජනතාව නොමග යවන්න එපා.

    • John the baptice says:

      ලන්ඩන් වල කාර් වල සිටින නයෙක් අල්ලන් හිටපන් …..අපේ රටේ සත්තුන්ට වෙදකම් කිරීමට ඕනෑතරම් පශු වෛද්‍ය වරු සිටිනවා

Main News