විමුක්ති සළු වෙයි.. අත්තනගල්ලේ ශ්රීලනිප තරුණ පෙරමුණ බාරයි.. පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයට…
January 1, 2017 at 10:40 am | lanka C news
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ගම්පහ අතත්නගල්ල ආසනයෙන් දේශපාලනයට ගෙන ඒම සදහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව මුලින්ම අත්තනගල්ල ආසනයේ ශ්රීලනිප තරුණ පෙරමුණේ ප්රදාණත්වය විමුක්ති කුමාරතුංග මහතාට ලබා දීමට නියමිතය.
විමුක්ති දේශපාලනයට ගෙන එනවාට මුල්ින් විරෝධය පෑ ගම්පහ දිස්ත්රික්කයේ සංවිධායකවරුන් බහුතරය දැන් සිය මුල් ස්ථාවරය වෙනස් කරගෙන විමුක්තිට කැමතිත් නැති අකමැතිත් නැති තැනකට පත්ව තිබේ.
ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවණයේදී විමුක්ති කුමාරතුංග මහතා ගම්පහ දිස්ත්රික්කයෙන් තරග වැදීම ස්ථිර තත්වයේ පවතී.