වියත්මග උගතුන්ට ඇතැමුන් බියවෙලා.. මැතිවරණ අපේක්‍ෂකත්වයට බාධා කරනවා..- මහාචාර්ය චන්න ජයසුමන

January 22, 2020 at 2:10 pm | lanka C news
වියත්මග උගතුන්ට ඇතැමුන් බියවෙලා.. මැතිවරණ අපේක්‍ෂකත්වයට බාධා කරනවා..- මහාචාර්ය චන්න ජයසුමන

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදීමට සූදානම් වන වියත්මග සංවිධානයේ සාමාජිකයන්ට එම පක්ෂයේ ඇතැම් සංවිධායකයන් විසින් බාධා සිදුකරන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

වියත්මග සංවිධාන යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා එම ප්‍රතිපත්ති රටක පැහැදිලි කිරීමට සඳහා වියතුන් එක්ව පිහිට වූ සංවිධානයක් බව ද ජයසුමන මහතා සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනෙන් වියත්මග සංවිධානයේ වැඩි පිරිසකට නාම යෝජනා ලැබුණු ඇති බව විශ්වාසයක් ඇතැයිද ඔහු පැවසීය.

මෙම පිරිස්වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයන් විසින් විවිධ බාධාවන් සිදුකරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

එම සංවිධායකයන් දැන උගත් පිරිසක් ඉදිරියට එනවට බිය වී ඇතැයි ද ඔහු කීය.

කෙසේ වෙතත් වියත්මග සංවිධානයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ බාධාවක් නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව මෙම තත්වය කළමනාකරණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

මහාචාර්යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

467 views

35 Comments to “වියත්මග උගතුන්ට ඇතැමුන් බියවෙලා.. මැතිවරණ අපේක්‍ෂකත්වයට බාධා කරනවා..- මහාචාර්ය චන්න ජයසුමන”

  1. SL says:

    We need capable scholars in the parliament . who are clean and want to build the country.
    no need to ” බෝක්කු උඩ ලගල ගමේ famouse උණු ” losers !

  2. SL says:

    We need capable scholars in the parliament . who are clean and want to build the country.
    no need to send ” බෝක්කු උඩ ලගල ගමේ famouse උණු ” losers to the parliment!

  3. වැඩ්ඩා says:

    දොස්තර පාදෙණිය වගේ උගත්තු නම් ඔය කියන්නෙ, අපිට දෙයියන්ගෙම පිහිට තමා

  4. Kadiya says:

    රාජපක්‍ෂවරුන්ට රටේ ඉහළ පිළිගැනීමක් තියනවා වගේම ගෝඨාභය මැතිතුමා සහ වියත්මඟ සංවිධානයටද උගත්, නැණවත්, දේශප්‍රේමී ජනතාව තුල ඉතාමත් ඉහළ පිළිගැනීමක් තියනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න දේශප්‍රේමී, දක්‍ෂ මන්ත්‍රීවරුන්ටද ජනතාවගේ ආදරය, ගෞරවය ඉමහත්. ඒ වගේම පාදඩ චරිත ජනතාව හොඳින් හඳුනනවා. කුඩු කාරයෝ, නීති විරෝධී ව්‍යාපාර කරන්නෝ, කප්පම් කාරයෝ, නූගත් අමනයෝ, පෝස්ටර් වලින් චන්ද හදාගන චන්දෙ දිනපු නූගතුන්, හදිසියේ පෝසත්වුන හොරු අපි හොඳට හඳුනනවා. තොපිට දෙන්නම් ගෙදර යන්න ටිකට් එක.

  5. Aurora says:

    වියත්මගේ අපේක්‍ෂකයෝ සියලු දෙනාම එක පුවත්පත් දැන්වීමක් දාපුවම ඇති, දිස්ත්‍රික්කයයි, මනාප අංකයයි, නමයි විතරක් තියන. තේරීම තියෙන්නේ අපේ අතේ, දෙන්නම් සියළු පාදඩයන්ට ගෙදරම යන්න.

  6. jagath says:

    oka natha deiyanta kivuwanam ivarai. ehema nathnam burumayata yanna

  7. රසික සූරියාරච්චි says:

    අනුන්ගේ පානෙන් එලිය බලන්නේ නැතුව තමන්ගෙම ‘වීයත්මග’ පක්ෂයක් හදාගෙන චන්දෙට ආවනං අහවරයිනේ.
    ඕනෙනං බැසිල් තුමාගෙන් ටියුෂන් ගන්නත් පුළුවනි නැත්තන් කාගෙන්හරි පරණ පක්ෂෙක බෝඩ් ලැල්ලක් ගන්නත් ඇහැකි.
    නිකං රන්ජන් වගේ බයිලා ගහන නැතුව ඉන්නන බබා.