වියත්මග කියන්නේ ජනාධිපති වටා ඉන්න බුද්ධි මණ්ඩලයක්..

January 30, 2022 at 11:20 am | lanka C news
වියත්මග කියන්නේ ජනාධිපති වටා ඉන්න බුද්ධි මණ්ඩලයක්..

‘වියත්මග කියන්නේ බුද්ධි මණ්ඩලයක් පමණයි. රජය කියන්නේ වියත්මග නෙමෙයි’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

මාධ්‍යවේදියා : කොහොමද වියත්මගේ දායකත්වය, වියත්මග නිහඬයිද? කි‍්‍රයාකාරී නැති හැඩක් පේනවා ඇත්තටම කොහොමද වියත්මගේ දායකත්වය මේ වැඩපිළිවෙලවල්වලට?

ආචාර්ය නාලක ගොඩහේවා : වියත්මග කියලා කියන කාරණය හුඟක් වෙලාවට දැන් සාකච්ඡාවට භාජනය වෙන දෙයක්නෙ. ඔය ප‍්‍රශ්නය අහපු එකත් හොඳයි. වියත්මග කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වශයෙන් පත්වන්නට පෙර ඔහු වටා ගොඩනැගුණු බුද්ධි මණ්ඩලයක්. ඒක දේශපාලන සංවිධානයක් නෙමෙයි. දේශපාලන පක්ෂයකුත් නෙමෙයි. එතන තිබුණේ බුද්ධි මණ්ඩලයක්. 2016 – 2019 දක්වා අවුරුදු 4 ක පමණ කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් සමග එකතු වෙලා මේ රටේ බොහෝ විද්වතුන්, ජනතාව එකතු කරගෙන සාකච්ඡා කරලා සෞභාග්‍යයේ දැක්ම කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරන්නට විශාල දායකත්වයක් දුන්නා වියත්මග කියන කණ්ඩායම. ඒක 100% ක් අපි කළා කියලා අපි කියන්නේ නැහැ. නමුත් වියත් මගෙන් තමයි ප‍්‍රධාන දායකත්වය දුන්නේ.

ඊට පස්සේ රජය පත්වුණාට පස්සේ සෞභාග්‍යයේ දැක්ම කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අරගෙන ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ රජය. දැන් මෙතනදි හුඟක් අය පටලා ගන්නවා වියත්මග කියන්නේ රජය කියලා. මම පැහැදිලිවම කියනවා ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක්. රජය කියලා කියන්නේ වියත්මග නෙමෙයි. රජය කියලා කියන්නේ ජනාධිපතිතුමා, කැබිනට් මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය පරිපාලනය. කැබිනට් මණ්ඩලය ගත්තොත් වියත්මගේ කවුරුත් එතන නැහැනේ. රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පමණ ඉන්නවා එතන ඉන්නේ වියත්මගේ තුන්දෙනයි. එතකොට මේ රට දුවන්නේ වියත්මගෙන් නෙමෙයි. අමාත්‍යාංශ ලේකම්වරු ගත්තහම අමාත්‍යාංශ 70 ක් තියෙනවා, මා දන්නා තරමට වියත්මගෙන් ඉන්නේ 4 දෙනයි.

ඒ නිසා සමහර අය ජනාධිපතිතුමාට අපහාස කරන්නට, මඩ ගහන්නට, කෝ වියත්මග, වියත්මග මොකද්ද කරන්නේ කියලා අහනවා. වියත්මග මේ රට පාලනය කරන්නේ නැහැ. වියත්මග තමයි මේකට සැලැස්ම හදලා දුන්නේ. දැන් ඒ සැලැස්ම අනුව පාලනය කරන එක රජයට අයිති කාරණයක්. රජය කියලා කියන්නේ වියත්මග නෙමෙයි.

මාධ්‍යවේදියා: එතකොට වියත්මගේ භූමිකාව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඉවර වෙනවා?.

ආචාර්ය නාලක ගොඩහේවා : වියත්මගේ භූමිකාව එතනින් එහාට යන්නට තිබුණා අර කියපු කැබිනට් මණ්ඩලයේ අනෙක් තැන්වල හිටිය නම්. එහෙම කරලා නැහැ. එහෙම වෙලත් නැහැනේ. එතකොට රජය කරන කටයුතුවල ගෞරවය ගැනීම හෝ ඒකේ වරද ගැනීම වියත්මගට කරන්නට බැහැ. මොකද වියත්මගේ කිහිප දෙනෙක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් මම වියත්මගේ සාමාජිකයෙක් මට රාජ්‍ය අමාත්‍යංශයක් භාර දීලා තිබෙනවා. මගේ රාජ්‍ය අමාත්‍යාංශයෙන් කරන වැඩකටයුතු ගැන මම ඕනේ කෙනෙක්ගේ අභියෝගයකට මුහුණ දෙන්න කැමතියි. අපි 100% ක්ම අපේ වගකීම ඉටු කරලා තිබෙනවා. පහුගිය අවුරුදු දෙකේ දවස් හතම අපි වැඩකරලා තිබෙනවා. අපේ අරමුණට අපි යනවා. එහෙම කියලා මේක රජය නෙමෙයිනේ. මේක එක අමාත්‍යාංශයක් පමණයි.

ඩබ්.ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

12,022 views

12 Comments to “වියත්මග කියන්නේ ජනාධිපති වටා ඉන්න බුද්ධි මණ්ඩලයක්..”

  1. ruwan says:

    apo muge keruwawa..loka horek…muge horakam gana irida diwaine pituwakma thibuna…mu supiri gahili gahala tiyenne..kalakanniya

  2. LalithM says:

    මොක්කු වුනත් පොදු ජනතාවට පෙනෙන්නේ තකතීරු හරක් රෑනක් වගේ. කියන කරන දේවල්වල හැටියට හරකුන්ට අපහාසයක්.

    • කැන්දසේන නරියා says:

      ධාතු සුනඛ තක්කඩි මූසල හොර වසලයා. පල ඩෝ යන්න ගෙඩි හේවා නපුන්සක කම්බ හොරා. බුද්ධි නෙමෙයි සක්කිලි හොරෝ. ඒක හොරාකන්න හදාගත්තු මන්ද බුද්ධි මන්ඩලයක්.

  3. Modayange Maga says:

    Buddi mandalya ratata karapu haaniya pahadiwama thbiyadeeth, me mola baila kiyawanawa.

  4. Nalaka says:

    OK ok… Wiyath mage inna ewunuth gon harak ne oi… Hondama udaharanaya tamuse. Maha loku acharya upadi karayo… Tope katawal witarai… Tamusela ekek wath wadak karanna puluwan ewun newei. Topi okkoma horu…. Talks witarai gon namba ge….

  5. GAMS - ZIGHY says:

    පකිස්තානයෙන් ණයට හාල් ඉල්ලයි…

  6. සෝමෙ says:

    මන්ඩලේ නිසා තමයි මෙහෙම පෝලිම් හැදිල කෙලවෙලාම හිහින් තියන්නෙ

  7. Ampare Somasiri says:

    All in Viyath Maga are jokers and clowns. See what has happened to the country. This bunch of water buffalos are responsible for the present status of the country.

  8. ටිං ටිං says:

    රෙද්ද තමයි……….

  9. 3% ට බය බයියා. says:

    නැවතත් ජනතාවට සහන දීලා රට බේරා ගන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගන්නවා .ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන කොට පොහොට්ටුවේ හොර දේශප්‍රේමී නඩය මර නින්දේ .

  10. LOL says:

    මෙතෙන නූගත් විදියට ලියන්නෙ සජිත්ගෙ කට්ටිය කුනුහරුප ලියන්නෙ ජවිපෙ නව කාඩරයො .ඒ වර්ගයෙ කුනුහරුප වලින් බනුම් අහන්න ඕනානම් ජනතාව ජවිපෙට රටේ බලය දෙන්න,නූගත් අන්තවාදීසෙට් එකක් ලවා සහනාදාර රටක් ඔනානම් එම්සිසී එකට රට විකුණා මොන්සෙන්ටෝලාට ගොවිතෙන විකුණා රට පාලනය කරන සජියාට චන්දෙ ඩෙන්න

Main News