වියත්මග පිරිසකුත් මැතිවරණයට එනවා..

February 12, 2020 at 12:00 pm | lanka C news
වියත්මග පිරිසකුත් මැතිවරණයට එනවා..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

සෑම ක්ෂේත්‍රයකම අයට මැතිවරණයට තරඟ කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් වියත්මගට විතරක් ඒ අයිතිය නැද්ද. ඔවුන්ටද ඒ අයිතිය දිය යුතුයි. ඔවුන් වෘත්තීයවේදීන්ගේ සංවිධානයක්. ඔවුන් ජනාධිපතිවරණයේ දී අපට සහාය දැක්වූවා. ඔවුන්ගෙන් යම් පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ඉල්ලා තියෙනවා. ඔවුන්ටද යම් අවස්ථාවක් ලැබෙයි.

දිණන පිලේ තමයි තියුණු තරගයක් තියෙන්නේ. පරදින පිලෙන් කවුරුවත් ඡන්දය ඉල්ලන්න දඟලන්නේ නැහැ නේ. නව සමසමාජ පක්ෂය කොළඹ මහනගර සභාවට තරග කරද්දී අපේක්ෂකයන් 58 දෙනා හොයාගන්නටත් ලොකු සටනක් දෙන්නට වුණා යැයි වික්‍රමබාහු කරුණාරත්න මහතා සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණා. මොකද පැරදෙන්න ඉදිරිපත් වෙන තැන තරගයක් නෑ. දිණන තැන තියුණු තරගයක් තියෙනවා.

අපට ඒ ඒ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ හැකියි හොඳම පිරිස, සමාජයේ සියලුම පැතිකඩවල් නියෝජනය වන හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. මොකද දේශපාලනයේ දී වඩා වැදගත් වන්නේ ඔබට දේශපාලනය පුළුවන්ද කියන එකයි. ඒකත් වෙනම ම වෘත්තියක්. දේශපාලනයේදී ඔබට ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීමට තරම් හොඳ ඉවසීමක් තියෙන්න ඕනෑ. ජනතාවගේ ප්‍රශ්න වලට සංවේදී වන හදවතක් තියෙන්ට ඕනෑ. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු හඳුනා ගැනීමට තරම් ඔබ නිර්මාණශීලී වෙන්නට ඕනෑ. පිළිතුරු ක්‍රියාත්මක කිරීමට තරම් හොඳ කොන්දක් තියෙන්න ඕනෑ. ඒ ක්‍රියාත්මකවීම අධීක්ෂණය කිරීමට තරම් කලමනාකරන හැකියාවක් තියෙන්න ඕනෑ.

ඔන්න ඔය ලක්ෂණ ඔබ සතුව තියෙනවා නම් කෙනෙකුට දේශපාලකයෙකු වෙන්නට පුළුවන්. ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මහතා ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ඉංජිනේරුවා. නමුත් එතුමාට සීසේරියන් සැත්කමක් කරන්නට භාර දුන්නොත් ඒක කරන්නට බැහැ. ඒ වගේ ඔබ නළුවෙක් වෙන්න පුළුවන්, වියතෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, ඒ මොන කෙනෙක් වුණත් ඔබ දේශපාලනය දැනගෙන දේශපාලනඥයෙකු වෙන්නට ඕනෑ. එහෙම නොවුනොත් තමයි අර හඬ පට හුටපට වගේ දේවල් වෙලා පාර්ලිමේන්තුවද විහිළුවක් බවට පත් වෙන්නේ.

– අරවින්ද අතුකෝරල

30,478 Viewers

13 Comments to “වියත්මග පිරිසකුත් මැතිවරණයට එනවා..”

  1. Eiffel says:

    ඔව් කුඩ්ඩොයි, මිරිස් කුඩ්ඩොයි, තගාලයි, නූගත් ගොන් වහන්සෙලාටයි, හොර උපාදි කාරයන්ටයි නාම යෝජනා දීලා අපිට කියන්න එපා සුපිරිපොරවල් පාර්ලිමේන්කුයවන්න කියලා..
    ඒක නිසා වියත් මගේ වියතුන්ට මෙදා පාර ලොකු ඉඩක් වෙන් වෙන්න ඕනා..ඒක ජනපතිගෙ ඉදිරි වැඩ පිළිවෙලට ශක්තියක්..

    බිම්මට්ටම් පොරවල් දාන්න බිම් මට්ටම් කර කර ඉන්නම.. උන් ඊට වඩා දේකට සුදුසු නෑ..

    • George says:

      කතාවෙන් තේරෙන්නේ වියත් මගට ටිකක් බයයි වගේ .ගම්මන්පිල මෙහෙමනම් අනෙක් අය ගැන කුමන කතාද. යකඩ මල්ලට ගුල්ලො ගැහුවනම් හාල් මල්ල ගැන මොන කතාද.

  2. අක්බාර් ලොක්කා says:

    ඔය වියතුන් වැඩිදෙනෙක් ධනවාදී නව ලිබරල් ප්‍රතිපත්ති අදහන රට විකුණා හෝ මඩිය තර කරගන්න් හදන ඈයො . උන් රට කන්න පටන්ගතාම ගම කන නූගතුන්ට වඩා දරුණුයි

    • Nish says:

      ඒ බාගෙට ඉගෙන ගත්තු එවුන්. ඊට වඩා ඉහලට ඉගෙන ගත්තු උගත්තු වමට බරයි, දේශීයත්වයක් තියෙනවා, රටට ආදරෙයි.

      • අක්බාර් ලොක්කා says:

        උන්ගෙ වම් ඇටේ ගැන වෙන්න ඇති ඔය කියන්නෙ

    • ඩපයා says:

      දැන් එතකොට ඔය දෙපැත්තේම මාරුවෙන් මාරුවට ඉන්න එකම සෙට් එක රට සංවර්දිත රටක් බවට පත් කරලද තියෙන්නේ? නිකන් මෝඩ කතා නොකියා හිටහන්. චන්දෙ වෙලාවට ජනතාවගේ ප්‍රශ්නවලට සාවදානව සවන් දීලා චන්දෙ ඉවර උනාම හොරකන් කොරන එකයී උන්ගේ පවුලේ උන්ටයී උන්ට කඩේ ගිය උන්ටයී තනතුරු බෙදල දීලා ජනතාවගේ බදු මුදල් වලින් ලැබෙන වරප්‍රසාද හැම එකක්ම බුක්ති විඳ විඳ තමුන්ට චන්දෙ දුන්නු ජනතාවට පස්ස පෙන්නපු එක ඇරෙන්න මුන් කොරපු වෙනත් දෙයක් කියහන් බලන්න? අපෙන් යැපෙන අවජාතක අපතයෝ.

      • අක්බාර් ලොක්කා says:

        මේ 3% ඩපයා නමින් ලියන ලපයා කියන්නෙ දෙගොල්ලටම නොදී උන්ට දෙන්න කියලනේ. නාල වරෙන්

        • ඩපයා says:

          ගොනෝ තෝ හිතන්නේ තොපේ වැරදි කියන උන් ඔක්කොම JVP, UNP නැත්තන් SLFP කියලද? අනේ ගොන් බූරුවෝ. තෝ හිතුවද ගෝටට චන්දෙ දුන්නේ ඔක්කොම පොහොට්ටු කාරයෝ කියල? තොපි වගේ ආතක් පාතක් නොදන්න ගොන් හැත්ත නිසා තමයී 2015 මහින්ද පැරදුනේ. නොදොකින් ගොනා.

  3. Cool says:

    මොක්කු දැමත් බඩට ආදරේ නැති රටට ආදරේ ඇති අය දාන්න එවිට ජනාධිපති තුමාට ලේසි යෙන් වැඩ කරන්න පුළුවන්

  4. P. Chang Hutang says:

    ජයම්පති වික්‍රමරත්න, වික්‍රමබාහු කරුණාරත්න වැනි උගතුන්ද මර්වින් සිල්වා,රන්ජන් රාමනායක වැනි බිම් මට්ටමේ නායකයන්ද සරත් ෆොන්සේකා, වැනි රණ ශුරයන්ද දේශපාලනයේදී අසාර්ථක වු නමුත් D. S සිරිමාවෝ වැනි නායකයන් අදටත් ගරු බුහුමන් ලබනවා.

  5. Ridmika says:

    Desheeyathwak thiyena ratata adare thiyena hondata igena gaththu varthamana ugathekuge namak kiyamu balanna.

  6. Ridmika says:

    Desheeyathwayak thiyena ratata adare thiyena hondata igena gaththu varthamana ugathekuge namak kiyamu balanna.

  7. Saradiel says:

    මොකා ආවත් වසර දෙකකදී රටට දියුණුවක් ගේන්න බැරිනම් ගෙදර

Main News