‘වියත්මග රට කනවා..’- පොහොට්ටු මූලස්ථානයේ සිට වියත්මගට ප්‍රහාරයක්…
December 23, 2021 at 10:00 am | lanka C news
ජනතාවට ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් කරන්නැයි සියලු දෙනා ඉල්ලා සිටින බවත් එය සිදු කළ නොහැකි වුවොත් විපක්ෂ යාමට සූදානම් විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.
වියත්මග වැනි සංවිධාන වලින් ආණ්ඩුවට පැමිණ විවිධ තනතුරු ගත් පුද්ගලයන් රටේ විනාශයට උදව් කරමින් සිටින්නේ දැයි සැක මතුවන බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් පල කරන ලදී.
“අපි විශ්වාස කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ පළපුරුද්ද සහ රටට තියෙන ආදරයත් එක්ක මේක ගොඩගන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා තවමත් එතුමාලා මේ උත්සාහ දරන්නේ ඒකට. හැබැයි ඉතිං අනිත් “මගවල්” වලින් ආපු අය, රැල්ලට ආපු අය තනතුරුවලට ඇවිල්ලා සමහර වෙලාවට රටේ විනාශයට උදව් කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකනෙ සමහරු කියන්නෙ මේක වියත් මග නෙවෙයි කියත් මග කියලා.
හැමෝගෙම ඉල්ලීම තියෙන්නෙ කෙසේ හෝ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ බිම්මට්ටමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හදන්න කියලා. ඒක බැරි වුණොත් ඇත්තටම ඉතින් අපට විපක්ෂයට යන්න සූදානම් වෙන්න වෙන්නෙ. සමහර සිද්ධි වලට බලපාන්නෙ කොරෝනාමත් නෙවෙයි”
When this government was formed A committee of 5 Viyath maga stalwarts appointed to select suitable people for top administrative positions. They advertised the posts in the press and 800 people applied. This Viyathmaga Committee selected their henchman with no proper qualifications for the relevant posts. The disaster has stuck now with these people and the country is facing a FAMINE
යන විදියටනම් විපක්ශයවත් සුවර් නැහැ
චියත්මග කැවේ සර් වටේ හිටපු සුකිරි බටිලි සෙට් එකයි හොර මුදලාලි ලා සෙට් එකයි තමයි
The majority of vitathmaga are only theoreticians without practical knowledge. They can not understand a neither problem or solution.
So sad about our country.
Gota gone blind with 20+and got his molay koloppang. ….. Does not know or see anything beyond his nose. This lion has become helpless & useless. Hyenas are attacking him & unable to defend.