වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..

December 9, 2019 at 3:28 am | lanka C news
වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ගණනාවක් එවන් තනතුරු ලබා නොගැනීම පසුගිය සති කිහිපයේ දේශපාලන කරලියේ කතා බහට ලක් වූ සිදු වීමකි.

මීට හේතුව මේ වන විට අනාවරණය වී ඇති ඇත. ඒ අනුව මේ පිරිසට රජයේ ඉහල තනතුරු භාර නොගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඊට පාදක වී ඇත්තේ මෙම වෘත්තිකයන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඇති සැලසුමයි.

මේ අයට අමතරව වියත්මග, එළිය වැඩසටහන් සමග සම්බන්ධ වූ වෘත්තිකයන් කිහිප දෙනෙක්ම මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇති බව වාර්තා වේ. දැන උගත් දේශප්‍රේමී වෘත්තිකයන් දේශපාලනයට පිවිසිය යුතු බවට රට පුරා ප්‍රබල ජනමතයක් මේ වන විටත් නිර්මාණය වී ඇත.

දේශපාලන ආරංචිමාර්ග අනුව මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇත.

– ශානක ප්‍රසන්න

101,034 Viewers

31 Comments to “වියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..”

  1. Open mind says:

    ටකරං කැල්ලට කසිප්පු උගුරට……ඡන්දය නොදී, ගැලපෙන අයට පමණක් ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකයන් පෙළගැස්වීම බැරැරුම් අභියෝගයක්.

  2. ජනපතිගේ හුදී ජන හදවත් වල ගැබුරුම තැනට අමතන සෞභාග්‍යයේ චාරිකාවේ අත්තිවාරම වන
    විද්වතුන් ජනයා පාලනයට එක්වීම ඉතා සුභ පෙරනිමිත්තකි. මෙය ඉතා උතුම් ආදර්ශයකි.
    දේසපලනයට මැරයින් හදුන්වාදුන්නේ නමගිය මාරයෙකු වන ජේ.ආර්, ය. ප්‍රේමදාස එහි අග්‍ර පලයකි.
    මර බලයෙන් ජේ.අර.ට ද කෙලි ඔහු දරුණු මිනීමරුවෙකු වූ සිරිසේන කුරේ කරලිය ගෙනවිත් තම දුර්දාන්ත මිනීමරු පාලනය
    ඉදිරෝයට ගෙන ගියේය.
    රට නිවැරදි මගට ගන්න රාජපක්ෂ වරුනට ජාතිය සද නය ගැතියි.
    ජය ධරණී!
    ගෙවිඳු විද්වතානන්ද මෙහි අනිවා කොටස්කරුවෙකු කොට ගැනීම යෙහෙකි.

  3. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    සරත් වීරසේකර වැනි රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමීන් කොළඹ දිස්ත්‍රික්කයේ අවශ්‍ය තරම් සිටින නිසා (ගම්මන්පිල, විමල්, දිනේෂ්, බන්දුල වැනි) සරත් වීරසේකරයන් තමුන් සුපුරුදු අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම ඉතාමත්ම යෝග්‍ය වේ. නැත්නම් දේශප්‍රේමී ඡන්ද වලට වෙනත් දිස්ත්‍රික්ක වල සුදුසු අපේක්ෂකයන් නැතිව යනවා. එබැවින් මෙවැනි දේශප්‍රේමී පුද්ගලයින් හැකිතාක් අනෙක් දිස්ත්‍රික්ක වලට බෙදා හරිය යුතුයි…

  4. nanda says:

    gewiduge nama nette mokada. ow eyatah hoda thanathurak diya uthumay. thanks.teruwansaranai. jayawewa !!!!!

  5. nanda says:

    samahara ayage nam nette mokada thanathuru diya uthu thawath aya sitithy eyalath denna.. thanks.teruwansaranai. jayawewa !!!!!

  6. හෙළයා says:

    ලබන පාර්ලිමේන්තු මැතිවරණයට එක දිස්ත්රිකක්කයකින් අඩුම වශයෙන් අටදෙනෙකුට වඩා ඔබ සුදුසුයි සලකන උගත් බුධිමත් අවංක පිරිස් චන්දයට ඉදිරිපත්කර ඒ පිළිබද චන්ද දායකයා දනුවත් කරන්න. ලක්ෂ 69 යක් ඔබව විශ්වාශ කර චන්දය දුන්න සේ එම පිරිස් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එවනවා. ඔබට දැන් පාර්ලිමේන්තුව පවත්වා ගැනීම සදහා දොළ පිදේනි දෙන්න වෙලාතියන යක්ෂයන්ගෙන් බේරීමේ එකම මග එයයි.

  7. බය්යා says:

    උගතුන්,සාර්ථක ව්‍යාපාරිකයන්, හමුදා නිලධාරීන්, පරිපාලකයන්, චින්තකයන් තමයි ජනාධිපති තුමාගේ ගමනට අවශ්‍යය. ඔවුන් බුරුතු පිටින් අප පත්කළ යුතුයි. තවද, මෙම ඉදිරි මැතිවරණයේදී ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිංහල අපි සැම එකව තනි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දෙමු. අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය වෙනුවෙන් චන්දය දෙමු. පසුව පසුතැවී වැඩක් නැහැ!!!!

  8. Nuwan says:

    At least minimum 60 members should come from WIYATHMAGA and ELIYA

  9. Hari says:

    GHANSERA & WIMAL WEERAWANSATA DIYA UTHU MAIE

Main News