වියත් මඟ ඔස්සේ බිහිසුණු තුවක්කුකරුවෙක්…

June 3, 2018 at 10:00 am | lanka C news
වියත් මඟ ඔස්සේ බිහිසුණු තුවක්කුකරුවෙක්…

සුදු වෑන් සංස්කෘතිය, නාදුනන තුවක්කු කරුවන් සහ අන්තවාදී බලවේග වියත් මඟ ඔස්සේ යළී පණ ලැබුවා හොත් ඒ පිටුපස සිටි බිහිසුණු ඒකාධිපතියා යලි හිස ඔසවනු ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසිය.

රටේ වත්මන් තත්ත්වය පිලිබඳ කොළඹ පවතී දේශනයකදී අදහස් දක්වමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා

‘පසුගිය රාජපක්ෂ පාලන සාමය තුළ මෙරට යුධ හමුදා මුලස්ථාන භුමිය නිදහස් පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්. අර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවටද අගෞරව කරමින් සින්නක්කරව විකුණා දැමුවා. යලි කිසිදු හිරිකිතයකින් තොරව 2020 දී රාජ්‍ය බලය අල්ලා රට නැවත ඒකාධිපතිවාදයකට තල්ලු කිරීමේ විපත්මඟට එම භුමියේ සිටම සැලසුම් සකස් කිරීම දෛවයේ සරදමක්.

රාජපක්‍ෂ පවුල් සන්ධානය සිය ගජමිතුරු ව්‍යාපාරික ප්‍රජාව පිරිවරා ගෙන තරු හතේ හෝටල් පහසුකම් විදිමින්, රටත්, ජනතාවත් දුප්පත්කමින් මුදවා ගැනීමේ දර්ශනයක් ඉදිරිපත් කිරීම නිර්ලජ්ජිත ප්‍රයත්නයක්. එමඟින් ඔවුන්ගේ සැබෑ අරමුණ සහ ගමන් මඟ විපත් මඟක් බව පැහැදිලිව පෙන්නුම් කළා. පුදුමයට කරුණ නම් ජනතාවාදී යැයි කියන විපත් මඟ කරවන්නන් රුපියල් 50ක මාළුපාන් ගෙඩියක් තරු හතේ ශැන්ග්‍රිල්ලා හෝටලයේදී රුපියල් 195කට භුක්තිවිදිමින් තමන් නිර්ධන පන්තිය සමඟ ජිවත් වන බව පෙන්නුම් උත්සාහ කිරීමයි. රාජපක්‍ෂ රෙජීමය දැඩිව වාමාංශික දේශපාලන ධාරාව නියෝජනය කරන බව කියාපාමින් සිටී. කෙසේ වුවත් ඔවුන් වටා රැදී ඇත්තේ මෙරට සම්පත් සුරා කෑ ධන කුවේරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බව නොරහසකි.

මෙරට ඒකාධිපතිවාදය, සුදු වැන් සංස්කෘතිය සහ නාදුනන තුවක්කුකරුවන්ගේ ප්‍රහාර වලට මුල් වූ පිරිස් වලට යලි බලය ලබා දීම තුලින් සිදු වන්නේ රටේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම අහෝසි වී යාමයි. ජාතින් අතර සංහිඳියාව වෙනුවට ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී පිරිස් වලට බලය ලබා දීමෙන් රට විනාශය කරා ලඟා වීම වැළක්විය නොහැකි වනු ඇති. අශුද්ධ සන්ධානය වාමාංශික කඩතුරාවට මුවාවී බලය ඉල්ලන්නේ ජනතාවගේ විපත්මඟ පසක් කිරීමට බව මද සිහි බුද්ධියක් හෝ ඇති අයෙකුට පවා තේරුම් යන කරුණක්’ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සඳහන් කළේය.

– Media Unit

113 views

18 Comments to “වියත් මඟ ඔස්සේ බිහිසුණු තුවක්කුකරුවෙක්…”

  1. Manel says:

    Has this man never been to a 5 star hotel. How can he rate Shangrila as a 7 star hotel? Is it like Goldenhorses and Lamborghini?

  2. Kadiya says:

    87-90 මහා භීෂණයේ නිර්මාතෘ වරු අතරින් වයඹ පළාතේ ප්‍රමුඛ වධකාගාර පවත්වාගෙන ගිය දේශපාලන උරුමය තමයි මේ කථාකරන්නේ. ඒ වධකාගාර තුල වේදනා විඳලා මැරුණ දේශයේ තරුණ තරුණියන්ගේ කෙඳිරිය තමයි මේ හිපාටුවගේ කටින් පිටවෙන්නේ. ඒ කාලේ හොඳම ප්‍රජාතන්ත්‍රවාදය තමයි වෙන්නප්පුව, නාත්තන්ඩිය, දන්කොටුව, මාරවිල, හලාවත දක්වා UNP නොවන මිනිසුන්ට ලැබුනේ.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගැන උන්ටත් නැති රුදාවක් මූට ඇතිවෙලා තියෙන්නේ මොකද? අර තියෙන්නේ රුසියන් බණ්ඩාරනායක හිටි විධියටම ගෝල්පේස් එකේ. යහපාලන ඌරං වියුරුවැටී සිටින බවනම් පෙනෙනවා.
    Remember this is the last chance.

  3. Hitan@Hutan.com says:

    මූට මුගෙ තාත්ත කල වැඩ මතක් වෙලා හීනෙන් දොඩවනව​.

  4. Prince Bucket Harry says:

    Hooenpee ewunta boruwen thora lokayak nometha. unge ekama aviya boruwai. Ane gono, mahajanathawa umbata wada buddhimath. eka denagena hari deyak kiyapan, tikak (tikak hari) lakunu lebai.

  5. බලාගෙන අධෝ මුඛේ says:

    සමලින්ගිකයෝ ඔට්ටුයිලු. ඔය කියන එකාගේ අධෝ මුඛේ ඉරගන්නයි දගලන්නේ.

Main News