වියපත් මවක් සතිපොලට ගෙනවිත් අතහැර දමයි..

September 1, 2021 at 3:26 am | lanka C news
වියපත් මවක් සතිපොලට ගෙනවිත් අතහැර දමයි..

නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට රැගෙනවිත් අතහැර දමා ගොස් ඇති අවු 75 පමණ වයසැති මහළු මවගේ භාරකරුවන් නුවරඑලිය පොලිසිය (31) දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.

(30) දින පස්වරුවේ එම මව සතිපොල භුමිය වෙත රැගෙනවිත් අතහැර දමා යන්නට ඇති බවයි සතිපොල භුමිය අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.

(30) දින පස්වරු සිට නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මක නුවරඑලිය පොලිසිය විසින් (31) දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,856 views

6 Comments to “වියපත් මවක් සතිපොලට ගෙනවිත් අතහැර දමයි..”

  1. MD says:

    කිරිටික පොවනකොට නාවනකොට කොච්චර පරිස්සමින් ආදරයෙන් කරුණාවෙන් ඔයා දරුවන් බලාගන්න ඇතිද?සමාවෙන්න අම්මේ.ඔයාට නීරෝගී සුවය පතනවා.තෙරුවන් සරණයි!

  2. දේවින්ද says:

    පෙර ආත්ම වල තමන්ගේ ළමයි දාල යනකොට, ගෙදර ඉන්න අම්මල තාත්තාලා මහ මග දාලා යනකොට, ගෙදර පැටව් ගහපු බල්ලා, බැල්ලි. පැටව් එක්කම පාරවල් අයින්වල, පන්සල් ගේට්ටු ඉස්සහරහ, කානු වලට විසිකරලා යනකොට හිතන්න නැතුව ඇති සසරේ කවදා හරි මේක මටත් මේ විදියටම වෙයි කියල. පටිච්චසමුපන්න වූ මේ ලෝකයේ හැමෝටම මේ කර්ම ඵල විපාක වලින් ගැලවීමක් නම් නැත. මෙම සිදුවීම කියවන ඔබ මෙවැනි දේවල් නොකිරීමට වග බලාගන්න ( කර්ම සහ ඵලය විශ්වාස කරනවා නම්)

    • cobra says:

      වියපත් මවගේ කොරෝනා වෛරසය පිලිබදව ප්‍රථමයෙන් පරික්ෂා කරන්න …සමහර විට ඇය රෝගී කාන්තාවක් විය හැකියි ..ඇයට තෙරුවන් සරණයි ඇයගේ පවුලේ සැමට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි

  3. Love nature says:

    මේ මවගෙන් කිරි බීපු වසලයන්ට හෙන වදින්න ඕනේ.

  4. Sumudu says:

    නුවර එළිය සුන්දරත්වය හා සදාචාරය විනාශ කළ හිටපු පුරපති දොඩම්පේ පවුල කෝටිපතියෝ වෙලා ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන බලපත්‍ර ඉඩම් බලෙන් අල්ලාගෙන කරාපු අපරාද අද ජනතාව මහ මග

  5. JR says:

    දසමාසේ උරේකත්වා,
    පෝසෙසි වුද්ධිකාරණං,
    ආයු දීඝං වස්ස සතං,
    මාතු පාදං නමාමහං….!!

Main News