වියලි කාලගුණයත් සමග රෝග පැතිරේ.. වමනය, පාචනය, උදර රෝග, වෛරස් පැතිරේ..
April 7, 2019 at 5:30 pm | lanka C news
පවතින වියළි කාලගුණයත් සමග වෛරසයක් පැතිර යාමෙන් තම රෝහලේ බාහිර රෝගි අංශයට ප්‍රතිකාර ලබා ගැනිමට කුඩා ළමුන් සහ වැඩිහිටියන් දිනපතා විශාල පිරිසක් පැමිණෙන බව බගවන්තලාව දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
වමනය , පාචනය සහ උදරයේ වේදනාව යන රෝග ලක්ෂණ සහිතව එම පිරිස් රෝහලට පැමිණෙන බවත්, ඉන් කිහිපදෙනෙක් රෝහලේ නේවාසිකවද ප්‍රතිකාර ලබන බව දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.
පවතින වියළි කාලගුණයත් සමග තේ වතු අශ්‍රිතව වතු කම්කරුවන් ලබා ගන්නා පානිය ජලය පිරිපහදු නොකර පානය කිරිම නිසා මෙම වෛරසය පැතිර යන්නට ඇති බව වෛද්‍යවරුන් සැකකරයි.
පවතින වියළි කාලගුණය හමුවේ ජලය හොදින් රත් කර නිවා පෙරා පානය කරන ලෙසත් , වැසිකිලි යාමෙන් පසු දැත් සබන් යොදා හොදින් සෝදන ලෙසත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.
වෛරසය පැතිර යාම විම හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගේ තත්ත්වය බරපතල නොවන බවද දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා වැඩි දුරටත් කියා සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
වියලි කාලගුණය නිසා කවුරු ලෙඩ වුනත් වුනත් රතු සහෝදර වරුන් නම් ලෙඩ වෙන්නේ නෑ.
රනිල් හාමු සහ ඇලෝසියස් හාමු ලග වැඩ කරණ නිසා ඒ වලවූ වල තියන සියලු පහසුකම් රතු සහෝදර වරුන්ටත් ලැබෙනවා.
ඉතින් අවුලක් නෑ.
මැදමූලන වලව්වෙ කක්කුස්සි හෝදපු ඈයොන්ට නම් හරිම රිදිලා වගෙයි
පෙර විසාලා නුවර වැසි නොවැසීමෙන් මහා දුර්භික්ෂයක් ඇති විය. බොහෝ දෙනෙක් මිය ගියහ. මළ සිරුරු බැහැර කිරීම දුෂ්කර විය. එනිසාම වසංගත රෝග ද දරුණු ලෙස පැතිර ගියේය. මරණ සංඛ්‍යාවද දෙගුණ තෙගුණ විය. අමනුෂ්‍යයන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍ය උපද්‍රව ද බහුල විය.
ලිච්චවි පාලනය සහ ශ්‍රී ලංකාවේ යහපාලනය
රටවැසියාගේ යහපත සඳහාම සාකච්ඡා කළෝය. වෛරය පළිගැනීම නොවීය. සාධාරණ අධිකරණ පත්කිරීම හා එම අණපනත්වලින් සාධාරණ තීන්දු තීරණ ගත්හ. තමන්ගේ වරප්‍රසාද තරකර ගැනීමට මහජන මුදල් වියදම් කළේ නැත.