විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…

October 1, 2021 at 3:50 pm | lanka C news
විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…

කඩාකප්පල්කාරී විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව රජය මෘදු ප‍්‍රතිපන්තියක සිටිය නොයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

එම විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොකළහොත් රට හැදීමට නොහැකි බවද පවසන අමාත්‍යවරයා තමන් කැබිනට් මණ්ඩලයේ දී පවා ඒ පිළිබඳව සඳහන් කර ඇතැයි කියා සිටියේය.

කොරෝනා වසංගතය මෙරට පැතිරෙමින් ඇති අවස්ථාවක කඩා කඩාකප්පල්කාරීන් විසින් ලක්ෂය ඉක්මවූ පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට ගෙන ආ බවත් අමාත්‍යවරයා පැවසීය.

කඩාකප්පල්කාරීන්ට විරුද්ධව පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස තමන් ඉතා දැඩිව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.

වසංගත තත්වය හා ආර්ථිකය ඉතා පහළ වැටී ඇති අවස්ථාවක පඩි වැඩි කිරීමක් ඉල්ලා අහිංසක ගුරුවරු නොමඟ යවා ඇති බවත් ඔහු සිහිපත් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

34,159 views

40 Comments to “විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…”

  1. සත්‍යා says:

    ඔබතුමාට හො රජයට මෙ කාර්‍ය, සිදුකිරිමට අපි ඉඩ නොතබමු .
    ලක්ශසන්ක්‍යාතවු දෙමාපියන් එකාවන්ව මෙ එන්ජිඔ ඩොලර් කක්කන්ගෙ මුහුනු සමතලා කිරිමට එක්වෙමු

  2. JH urumaya says:

    ඡන්දෙ ගන්න කොට තිබුණ මුහුණ නිසා ගුරුවරුන් රැවටුනා….
    දැක්කෙ නියම මුහුණ පේන්නෙ….
    කමක් නෑ සරත් මහත්තයා….
    අප්පිරියයි

  3. neil says:

    BTW, Can you please publicly inform what you are doing to those narcotics being caught by the Police.

    Where they end Up?. All media publicity to caught up narcotics bundles. But no body knows where they end up.

    Back to dealers?

  4. Manel says:

    Correct. Do the highest possible thing within legal framework. Country can not run as union leaders say. Union are there to look after only their interest but the need of the country is much complex and has to see from many angles.

  5. Dengu Nona says:

    Rata hadanna issellaa thamuselaa hadilaa hitiyoth narakada?

  6. SAMAN says:

    ගුණමකු වගේ අවසාන තප්පුලාම ඊලග චන්දෙදි මුගේ සනුහරේ එකෙක්ට චන්දයක් දෙන්නේ නෑ

  7. අනෙ වීරසේකර මහත්තයො මෙපාරනම් මෙවුන් ට නටන්න දෙන්න එපා
    රට ආයෙ වහගන්න හදනවා
    මෙවර විරොදතා ඕන නෑ
    ඔබතුමා හරියට හිටගෙන දැඩි තීන්දු ගන්න
    ඔවුන් ගුරු වරු නෙමෙයි
    ඒ ක රටම දන්නවා

Main News