විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…

October 1, 2021 at 3:50 pm | lanka C news
විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…

කඩාකප්පල්කාරී විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව රජය මෘදු ප‍්‍රතිපන්තියක සිටිය නොයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

එම විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොකළහොත් රට හැදීමට නොහැකි බවද පවසන අමාත්‍යවරයා තමන් කැබිනට් මණ්ඩලයේ දී පවා ඒ පිළිබඳව සඳහන් කර ඇතැයි කියා සිටියේය.

කොරෝනා වසංගතය මෙරට පැතිරෙමින් ඇති අවස්ථාවක කඩා කඩාකප්පල්කාරීන් විසින් ලක්ෂය ඉක්මවූ පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට ගෙන ආ බවත් අමාත්‍යවරයා පැවසීය.

කඩාකප්පල්කාරීන්ට විරුද්ධව පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස තමන් ඉතා දැඩිව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.

වසංගත තත්වය හා ආර්ථිකය ඉතා පහළ වැටී ඇති අවස්ථාවක පඩි වැඩි කිරීමක් ඉල්ලා අහිංසක ගුරුවරු නොමඟ යවා ඇති බවත් ඔහු සිහිපත් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

34,241 views

40 Comments to “විරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි… නැතොත් රට හදන්න බෑ…”

  1. Jude perera says:

    Ane me jangi sara neda

  2. 3% ජේවීපී කාරයෝ 1971 අපේ රට කෑවා. ආයෙමත් 88/89 දී මහා විනාශයක් කලා. රටේ අධ්යාපන පද්ධතිය කඩාකප්පල්කාරී කලා.
    දැන් ආයෙමත් උන් හතර අතින් එකතුවෙලා ලොකු විනාශයකට අර අදිනවා. වහාම දැඩි පියවර ගන්න.

  3. LalithM says:

    තඩි ඔලුව ඉදිමුන ගොනෙක් තප්පුලනව. දන්නේ නැතිද කොහෙද අන්තිමට වැඩ අරන් ඉවරවුනදාට ඌත් කොක්කේ එල්ලෙනව කියල. පව් ආචාර්ය අවියත් මෝඩයා..

  4. Tdsolo says:

    යකෝ රෙදි ඇඳන්ද කතා කොරන්නේ.දන්නේ නැත්නම් MR ගෙන් අහගනින් උද්ගෝශන කියන්නේ මොනාද කියලා.කට මැත දොඩන්නේ නැතිව.මහ ලොකු වියත්මගේ පප්පලා.තිබිච්ච ගරුත්වය 0ටම වට්ට ගත්තා…..

  5. කමල් says:

    අනිවාර්යයෙන්ම ඇමතිතුමනි ඉතා දැඩි ක්‍රියාමාර්ග ගන්න. නැතිනම් කොරෝනා ඔඩුදුවනවා රටේ… මුන්ට ඕනේ රට අරාජික කරන්න. ඉතා ඉහල දඩ නියමකරන්න. මුන්ට ගෙවාගන්න බැරි දඩ ගහන්න. අපේ දරුවන්ගේ අනාගතය කනවා මදිවට මුන් රටත් කරනවා.

  6. Priyantha says:

    වැටුප් විෂමතාව….සත්‍ය ගැටළුවකි…දේශපාලනයක් සම්බන්ධ කර මග හැරීමක් කරන්නේ… ජඩ දේශපාලනය…

  7. සම්පත් says:

    විරසෙකර මතිතුමනි මෙ රටෙ ලක්ශ ගනනක්වු රජයෙ පාසල් වලට දරුවන් යවන දෙමාපියන් ඔබතුමා සමගයි .මෙ උඩ්ඝොශන රජයන් පෙරලිමට මිස පඩි වඩිකරගනිමට නොවෙ .මෙවෙනි උද්ගොශන වෙනුවෙන් සහය දෙන්නෙ රට වලපල්ලට යවා බලය ලබාගනිම්ට වෙර දරන් බටහිර ගෙති ඩෙශපාලුවන් සහ ඔවුන්ටකඩෙ යන මෙවෙනි වෙබ් අඩවි වල මෙ දිනවල නිරතුරුව ගෙවසෙන එන්ජිඔ කාරයන් පමනකි .මොවුන්ට උපරිම බලය යොදා මෙ රටෙ දරුවන්ගෙ අනාගතය ආරක්ශා කර දෙන්න

  8. Puncha says:

    Good decision.

  9. Boris Vanculenberg says:

    First correct your cabinet colleagues…sorry the donkeys. You are certainly one of them! Then go & correct others! When Gnanasara Thera told about the second attack, where the hell you were! Don’t talk crap!

Main News