විරෝධතාකරුවන්ට හමුදාවෙන් මතක හිටින පාඩමක්… විරෝධතාව දියවෙයි..

February 16, 2022 at 3:00 pm | lanka C news
විරෝධතාකරුවන්ට හමුදාවෙන් මතක හිටින පාඩමක්… විරෝධතාව දියවෙයි..

යාපනය සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කල්ලුණ්ඩායි ප්‍රදේශයේ වැසියන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට පානීය ජලය නොමැති බව පවසමින් ඊයේ (15) දින පැවත්වූ උද්ඝෝෂණයට විසඳුමක් ලෙස යුදහමුදාව විසින් පානීය ජලය ලබා දීමට පියවර ගෙන ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා මහතා අදාල ජලගැටලුව පිළිබඳව අවධානය යොමු කොට කල්ලුණ්ඩායි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඊයේ දින සිටම පානීය ජල බවුසර මගින් ජලය ලබා දීමට පියවර ගැනුණි.

කල්ලුණ්ඩායි ප්‍රදේශයේ වැසියන් යුද්දෙන් පසුව නැවත පදිංචි කරවීමේ නව නිවාස යෝජනා ක්‍රමය යටතේ නැවත පදිංචි වී සිටියද ඔවුන්ට දෛනික ජල අවශ්‍යතාවයන් පිළිබඳව වසර දෙකක් පුරාවට ගැටලුවක්ව පවතින බවට එම වැසියන් කියා සිටිති.

නමුත් මේ පිළිබඳව කල්ලුණ්ඩායි ප්‍රාදේශීය සභාවෙන් හෝ සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කිසිදු විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව එක්වී ඊයේ දින උද්ඝෝෂණයක නිරත විය.

යුද හමුදාව මගින් ලබා දෙන පානීය ජලය මහත් ශක්තියක් වුවද එය  ස්ථීර විසඳුමක් නොවන බවටත් තම ගම්මානයට ස්ථීර ජලය ලබා දීමේ වැඩපිළිවලක් දියත් කර දෙන ලෙසටද ගම්වාසීන් විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

182,235 views

3 Comments to “විරෝධතාකරුවන්ට හමුදාවෙන් මතක හිටින පාඩමක්… විරෝධතාව දියවෙයි..”

  1. Sarath Jb Rajaguru says:

    What are the non- essential services?

    • ජුණ්ඩප්පුවා says:

      ඕකවත් දන්නෙ නැතුවද ඛොමෙන්ටු කොටන්නෙ?

      ……. රාජගුරු කීවෙ විහිළුවටද ආයිබොවං.

  2. LION says:

    T N A එකට රජය ලබා දුන් මුදල් වලින් කර ගන්න බැරිඋනාද?

Main News