විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

June 27, 2022 at 4:40 pm | lanka C news
විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකරන ලදී.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ‍්‍රයට පැමිණ මෙසේ විරෝධතාවය දැක්වූහ.

තෙග් සංස්ථාවේ පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කංචන විජේසේකර සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව දැනගැනීමට විරෝධතාකරුවන් එහි පැමිණ ඇත.

කෙසේ වෙතත් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ කැබිනට් රහස් හෙලි කිරීමට නොහැකි බවය.

එම ප‍්‍රකාශයත් සමග විරෝධතාකරුවන් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉන් බැහැරවීමට නොහැකි වන ලෙස වාහනය වට කරමින් විරෝධතාවයේ යෙදුනහ.

38,927 views

10 Comments to “විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…”

  1. මහජනයා says:

    කංචනයා බැසිල් එක්ක එකතුවෙලා මෙරට ෂෙඩ් ටික පිටරටට දෙන්න පිඹුරුපත් හදද්දී අහිංසක අමාත්‍යාංශ ලේකම් සේවකයන්ගෙන් ගුටිකනවා.

    • dev says:

      dela danmama iwarai. me hora nade meka karnawta wada. kalakanni ape salli winasa karnawa. dela danna okkoma pitaratata.

  2. කුඹුක්කණ් says:

    දේශපාලුවන් තක්කඩි චීවරදාරීන් ලගට රටට වින කරන ඊලග හිපාටුවන් මේ රජයේ සේවක හූනියම් යූනියන් බහුතරය.මුන් කවදාවත් රටට බරක් උන රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරල ලාබ ලබන්න දෙන්නෙ නෑ.ලෝකෙ දියුණු කලමනාකරනය තාක්ෂණය එන්න දෙන්නෙ නෑ.තෙල් විදුලි ශ්‍රීලන්කන් වහාම ප්‍රතිව්‍යුහගත කරන්න ඕනි.රජයේ හොරණෑ වශයෙන් නඩත්තු කරන රූපවාහිනී අයි ටී එන් ලේක් හවුස් වසා දමන්න ඕන.කවුද මේව නඩත්තු කරන්නෙ බන්කොලොත් රටක.

  3. Jayantha says:

    ඌ සැපට v8 එකක යනවා මෙච්චර තෙල් ප්‍රශ්න තියෙද්දි. ඕකව බස්සලා පයින් යවපන්. නැත්තම් three wheel එකක යවන්න. මේ වගේ උද්දජ්ජ එකෙක් ලේක්ම් කරන් රටක් ගොඩක් දාන්න පුලුවන්ද. අනික මූට මොකටද ඔච්චර සැප. එලියට අරන් පයින් යවන්න.

    • dev says:

      varya tamai rata kawe

      anith eka sapa windinawa enna baa. aragyaalay yanu vaiaye prakashanaya.

  4. Susantha says:

    මේ මාස 5 ට විදේශ වෙලඳාමෙන් ඩොලර් බිලියන 5ක් උපයා ඇත. එසේනම් ඩොලර් නෑ කියන්නේ කෙසේද . සංස්ඵාව පුද්ගලික කරනයට පසුබිම හදන්න තමයි මේ සියලුම නාටක

    • dev says:

      Gon kama tamai. pugalika ewuta meka dennama ona. kalakanni nikan padi gannawa.

      IOC tiyana nisa tamai mehema hari tel tiyenne.

      giyama 5 adayamen tel genna athi, beheth genna athi. danna magulak kata karanna.

  5. බයිසන් says:

    මුන් නිකං ඉඳලා ලක්ෂ පහ හය පඩි ගන්නවා. ඔය පෙට්‍රල් ෂෙඩ් ඔක්කොම පුද්ගලික අංශයට දීල දැම්මා නම් අපිට පෝලිම්වල ඉන්න වෙන්නෙ නැහැ.

  6. හනුම says:

    ගොනා පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ.මේ ආයතන පුද්ගලික කල යුතුමයි.ඕවා වල ඉන්නේ පට්ට හොරු.

  7. atta says:

    ඉන්පසු මොකද වුනේ දන්නේ නැහැනේ.

Main News