විරෝධතාකරුවෝ කොටුව පිටකොටුව සියළු මාර්ග අල්ලා ගනිති.. ගමනාගමනය මුළුමනින්ම නවතී…

September 5, 2018 at 4:40 pm | lanka C news
විරෝධතාකරුවෝ කොටුව පිටකොටුව සියළු මාර්ග අල්ලා ගනිති.. ගමනාගමනය මුළුමනින්ම නවතී…

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වමින් තිබෙන ‘ජන බලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් කොටුව පිටකොටුව ආශි‍්‍රත සියලු මාර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම ගමනාගමනය ඇණහිට තිබේ.

පෙලපාලි කිහිපයක් මාර්ග කීපයක් ඔස්සේ ගමන් කරමින් මේ වන විට කොළඹ ලේක්හවුස් වටරවුම අසලට එක් වෙමින් සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පිටකොටුව බෝධිය අසලදී විරෝධතාවට එක් විය.

රාජපක්ෂ මහතා ඊට එක්වෙද්දී ජනතාවගෙන් ඉමහත් ප‍්‍රතිචාරයක් ලැබින.

186 views
Main News