විරෝධතාකරැවන් විශාල පිරිසක් කඩා වැදී පාර්ලිමේන්තුව ගිනි තියනු ඇතැයි අනතුරු අගවයි..

May 7, 2022 at 3:50 pm | lanka C news
විරෝධතාකරැවන් විශාල පිරිසක් කඩා වැදී පාර්ලිමේන්තුව ගිනි තියනු ඇතැයි අනතුරු අගවයි..

නුදුරේදීම තරුණයන් ලක්ෂ ගණන් පාර්ලිමේන්තුව ඇතුළට කඩා වැදී ගිනි තබා දමනු ඇතැයි සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මම කණගාටු වෙනවා මේ කථානායකතුමත්, ආණ්ඩු පක්ෂයත්, ඒ වගේම පක්ෂ නායකයෝ ත් මේ සුමාන තුනක් තිස්සේ එකතු වෙලා මේ කරන්නේ මොකක්ද කියලා . රටේ ජනතාව විශේෂයෙන්ම තරුණයන්ගේ මතවාදයන්ට ඇහුම්කන් දෙන්නේ නැතුව , ස්ථාවර නියෝග අත්හිටුවලා පාර්ලිමේන්තුව තුළට මේ රටේ ජනතාව ඉල්ලන විසදුම්, ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ලබා දෙන විසදුම් මොකක්ද කියලා කියනවා වෙනුවට මේ නිල සම්ප්‍රදායික විදියට වාද කරගෙන, එහාට බැනලා මෙහාට බැනලා මොකක්ද කරන්නේ කියලා මටනම් තේරෙන්නේ නෑ .ඒ නිසා තමා දැන් gota go home කියන එක පටන් අරගෙන දැන් මයිනා go home වලට ගිහිල්ලා , හොරා go gama ට දැන් ඇවිල්ලා තියෙනවා .එතකොට මේ තත්ත්වය තුළ තවදුරටත් මේ බැරිගේට්ස් දාගෙන , පොලිස් නිලධාරින් හමුදා නිලධාරින් දාගෙන මෙහෙම පාර්ලිමේන්තුවක් ගෙනියන එක සත පහකට වැඩක් නැති වැඩක්. මේ විදියට නම් මේ විහිලු සපයන්න යන්නේ ඊලගට තරුණයෝ මේ පාර්ලිමේන්තුව ඇතුලටත් ලක්ෂ ගණන් ඇවිදිල්ලා මේක ගිනි තියලා දායි. එතකොට ඒකත් සමාජය පිළිගනීවි .

ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න කැමතියි මෙතන ජනතාව ඉල්ලන දේවල් කිහිපයක් තියෙනවා .ඒ ප්‍රමුඛතාව අපි අදුරගෙන නෑ. මේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ ඇයි ? මේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ මිනිස්සු ගෑස් පෝලිම්වල , තෙල් පෝලිම්වල ඉන්නවා , ඒවයෙ හිටියත් කන්න සල්ලිත් නෑ. තුන්වේල කාපු මිනිස්සුන්ට දෙවේලක් කන්න වෙලා තියෙනවා . රෑට කලුවරේ ඉන්න වෙලා තියෙනවා . ජනතාව ඉල්ලන්නේ මේකට විසදුමක්. එතකොට මුදල් ඇමතිතුමා IMF එකට ගිහිල්ලා ඇවිල්ලා කිව්වම දැන් අපි මෙන්න මෙන්න මේවා මේවා තමයි කරන්න ඕන කියලා කිව්වම අඩුතරමින් අඩුම ගානෙ ඒ කලයුතු යෝජනා පිලිබදවවත් මේ පක්ෂ විපක්ෂ දෙකෙන්ම සාකච්ඡා නොකිරීම ඇත්තටම කණගාටුදායකයි ඇත්තටම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩකුත් නෑ කියලයි . මොකද පුද්ගලික අංශයේ වැඩ කරපු කෙනෙක් විදියට අපි දන්නවා අපි කොච්චර කාර්‍යක්ෂමව වැඩ කරනවද කියලා . ප්‍රතිඵල ඉලක්ක කරලා කොච්චර වැඩ කරනවද කියලා . නමුත් මේ තත්ත්වයෙන් නම් ගෙනියන්නෙ අපේ රටට අබ සරණයි කියලා තමා කියන්න තියෙන්නේ .

ඒ වගේම මුදල් ඇමතිතුමාගේ කතාවෙදී කිව්වා දැන් ඓතිහාසික වැරැද්දක් කියලා මේ IMF එකට යන එක පරක්කු කරන එක. අපි විපක්ෂය විදියට මුල ඉදලාම මේක කියද්දී අපට කිව්වා ඔන්න පිස්සු දොඩවනවා කියලා . ඒ වගේම ජනාධිපතිවරයාගේ උද්ධච්ජ තකතීරු පොහොර තහනම් කිරීම හා කාබනික පොහොරවලට එක පාර යෑම පිලිබදව අපි කරුණු දක්වනකොට ඔය ආණ්ඩු පක්ෂයේ උදවිය අපිට මඩ ගහන්න ගත්තා අන්න රසායනික පොහොර සමාගම්වලින් සල්ලි ගන්න කට්ටිය කියලා . දැන් ඇවිල්ලා සමාව ඉල්ලලා , ඓතිහාසික වැරැද්දක් කියලා වැඩක් නෑ.

ඒ වගේම රුපියල ක්‍රමිකව අතෑරියා නම් ශ්‍රමිකයන්ගෙන් මුදල් එනවා. මුදල් ආවනම් , ඩොලර් ආවානම් ආනයනය සදහා සල්ලි තියෙනවා . එහෙනම් බඩු ආනයනය කරන්න පුලුවන් . මෙහෙම පෝලිම් හැදෙන්නේ නෑ . අපි ඕවා කියද්දී අජිත් නිවාඩ් කබ්‍රාල් මොකක්ද කිව්වෙ . අපි ගාව සැලසුම් තියෙනවා . ඔක්කෝම කරනවා කියලා . මට කියන්න කණගාටුයි. කෝප් සභාවේ මන්තීවරයෙක් ලෙස මම දකිනවා විවිධ රාජ්‍ය ආයතන ඇවිල්ලා කතා කරනකොට මේ මහ බැංකු අධිපතිවරයා , හිටපු අජිත් නිවාඩ් කබ්‍රාල් කොයිම ආකාරයට උද්දච්ච විදියට , ඒකාධිපති විදියට , මේ රටේ ආර්ථිකය ඝාතනය කිරීම සදහා පියවර අරන් තියෙනවා ද කියලා .

ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ නිවාඩ් කබ්‍රාල් හිරේ යන්න ඕන මිනිහෙක් . ආර්ථික ඝාතකයෙක්. ඔහු නිසා එදා රු. 180ට බාර දුන්න ඩොලර් එක අද රු. 370 පැනල තියෙනවා . මං දන්නෑ අද 375 ද 380 ද කියලා . ඒ නිසා නිවාඩ් කබ්‍රාල් ඉල්ලා අස් උනා කියලා උත්තරේ ලැබෙන්නේ නෑ.

තව කාරණයක් කියන්න ඕන මේ පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තුවේ ඉන්න අය කරන වැඩ ගැන විතරයි කතා කරන්නේ . නමුත් රාජ්‍ය ආයතනවල , රාජ්‍ය නිලධාරින් හරහා සිදු වන දූෂණ හා අක්‍රමිකතා ගැන කවුරුත් කතා කරන්නේ නෑ . අපි විවිධ ආයතන ගේනකොට ඒවයේ සිදු වන විවිධ හොරකම් , වංචා , දූෂණ පිලිබද හෙලිදරව් වෙනවා . ඒත් ගන්න පියවරක් නෑ . පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා, එතනින් එහාට නෑ. උදාහරණයක් විදියට සමහර බැංකුවලින් රුපියල් බිලියන ගණන් ණය දීලා එක එක පුද්ගලයන්ට . ඇප තැන්පතුවක්වත් නැතුව ණය දීලා . අද අය කරගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා .

දැන් සාමාන්‍ය මිනිහෙක් , කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෙක් ණයක් ගන්න ගියාම රටේ නැති ෆෝම් පුරවලා, ඇප තැන්පතුවක් ඉල්ලනවා . නමුත් බිලියන ගණන් ණය දීලා තියෙනවා මේ ඇප තැන්පතුවක්වත් හරියාකාරව නැතුව .

ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මේ කතන්දරය හරියාකාරව තේරුම් ගන්නෙ නැතුව සමහරු එනවා ඒගොල්ලො වෙනුවට මේගොල්ලො ඇමතිකම් ගන්න . එතකොට අපි එකතුවෙලා කොහොමද අරගොල්ලො අයින් කරලා මේගොල්ලො ඇමතිකම් ගන්නෙ කියලා . එක එක්කෙනාගේ මේ තට්ටු මාරු ක්‍රමයට ඇමතිකම් දීලා හරියන්නේ නෑ . මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය තමා ජනතාව ඉල්ලන ආර්ථික සහන ලබා දෙන ක්‍රමවේදය සහ මේ දේශපාලන ක්‍රමයේ තියෙන මජර ස්වභාවය නැති කිරීම සදහා ව්‍යවස්ථාව තුලින් ගන්නා වූ ප්‍රතිසංස්කරණ පිලිබද ජනතාවට දැනුම් දෙන්න ඕනෑ . ඒ නිසා මේ සතියක් හැර සතියක් පාර්ලිමේන්තුව කැදවීම නෙවෙයි මේ මොහොතේ කල යුත්තේ .

දැන් කථානායකතුමාට කියනවා hora gogama ගම්මුලාදෑනි කියලා . එතුමාට ලැජ්ජාවක් තියෙනවා නම්, පක්ෂ නායකයන්ට ලැජ්ජාවක් තියෙනවා නම් , මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍ර තීරණය කරන්නේ පක්ෂ නායකයෝ නේ. ඒගොල්ලො මේ ප්‍රශ්නය පිලිබද අවබෝධයක් ගන්න ඕන . මේ සතියේ පාර්ලිමේන්තුව රැස් වෙනවා, ආවා, කතා ටිකක් කලා, කාට හරි බැන්නා, ගියා. එහෙම නෙමෙයි විය යුත්තේ . මේ හදිසි අවස්ථාවකදී, අයවැය කාලේ හැමදාම පාර්ලිමේන්තුව රැස් වෙන්න පුලුවන් නම් , සෙනසුරාදාටත් රැස් වෙන්න පුළුවන් නම් , මේ රටේ 1953 පස්සේ අවුරුදු 69 ට පස්සේ හර්තාල් එකක් ඇවිල්ලා තියෙන්නේ .

අපි පහුගිය කාලේ දිගින් දිගට කිව්වා , ඇහුවෙ නෑ . දැන්වත් අපි කියන නිසා නෙමෙයි ජනතාව කියන නිසා මේ ස්ථාවර නියෝග අත්හිටුවලා , මේකට විශේෂ කමිටුවක් දාලා මේ පාර්ලිමේන්තුව රැස් වෙලා මේ ප්‍රතිසංස්කරණ දෙක ලබා දෙන විදිය ගැන කියන්න . එහෙම නොවුනොත් මටනම් පෞද්ගලිකව මේ පාර්ලිමේන්තුවට පැමිණීමත් අප්පිරියා වෙලා තියෙනවා කියලා තමා කියන්න තියෙන්නේ .

67,911 views

10 Comments to “විරෝධතාකරැවන් විශාල පිරිසක් කඩා වැදී පාර්ලිමේන්තුව ගිනි තියනු ඇතැයි අනතුරු අගවයි..”

  1. Mithun says:

    Bota parliament ekata enda appiriyanam umba newith idapan kari hambayo 🤬🤬🤬🤬🤬🤬

    • Pronto says:

      Very beautiful comment!!!

    • සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-BOC-චාමර පිම්පියා says:

      මාත් ගහනවා අම්මපා ඩොමිනික් මල්ලි ඔය බඩ ප්‍රසන්නය ගෙ පුකට පඉන්. මෙකගෙන් ගන්ඩ ඕනෑ වැසි මම ඔක්කොම ගත්තා.
      නොදකින් මම හිතුවේ මේකා අගමැති වෙනවා කියලා. දැන් මම පනිනවා ඩොමිනික් මල්ලි. ඔයාගේ පක්ෂෙට.

  2. RAGA says:

    මෙයා ප්රිවෙට් sector එකේ වැඩ කරපු නිසා දන්නවා ආණ්ඩුවේ අකර්යක්ෂයම තාව,ඕව දන්නවද මල හොරා,ම්ය්න,කාක්ක,පිස්සා නැනේ,කතාව සම්පුර්ර්ණ ඇත්ත

  3. දේපළ හානි නොකර හොරුන් පමණක් ගැන සිතන්න says:

    තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ මෙතෙක් පවත්වා ගත් විනය පවත්වා ගන්නා ලෙසත් පාර්ලිමේන්තුවෙ උන් වගේ (මිරිස් කුඩු seen එක) නොහැසිරෙන ලෙසත්.කරුණාකර කිසි ලෙසක මන්ත්‍රීවරු ආදර්ශයට නොගන්න. ඔවුන් මයික්‍රපෝන කඩා ජනතා බදු මුදල් විනාශ කළ බව අපට අමතක නැහැ.

  4. තොපි ඔක්කොම එකයි.තොපි ටික එක්ක දියවන්නාවම ගිනි තියෙන දිනයක් ලගදිම එයි.
    එතකල් පාර්මේන්තු භොජනාගාරේ රස නහර පිනවන කෑම කාපියව්.බයිල කෙලපියව්

  5. kk says:

    thery are not distory eny property they know the valuve it. i thin your the one who want to do it. same time you will guide your members to do it.

  6. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    වල් මරික්කාර් තෝත් ඵක පර බල්ලෙක් තමයි 225 ඉන්න ඒක මතක තියාගනින් කෙළතොල්ලා…

  7. අනූන්ගේ මළ ගෙවල් වල දානෙ බෙදන්න මූං හරි දස්සයි පෙරේත හූ. ත්තෝ.. says:

    අනූන්ගේ මළ ගෙවල් වල දානෙ බෙදන්න මූං හරි දස්සයි පෙරේත හූ. ත්තෝ..

  8. අර්යාව says:

    Hamba Marikar thoi ithuru 224 dhaalama thamai parlimenthiluwa ginithiyana one. Ratata waedak wenna.

Main News