විරෝධතා කර මාව දුර්වල කරන්න එපා.. එතකොට යක්‍ෂයා බලවත් වෙනවා..- ජනපති දරුණු කතාවක් කියයි..

October 14, 2017 at 10:39 pm | lanka C news
විරෝධතා කර මාව දුර්වල කරන්න එපා.. එතකොට යක්‍ෂයා බලවත් වෙනවා..- ජනපති දරුණු කතාවක් කියයි..

යම් යම් විරෝධතා කරලා උද්ඝෝෂණ කලොත් ශක්තිමත් වෙන්නේ යක්‍ෂයා බව අමතක නොකරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ යාපනයේදී පැවති දෙමල භාෂා දින සැමරුම් උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයාට විරෝධය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයකම පැවති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම අදහස් පල කලේය.

එක් විරෝධතාවයක් පැවති ස්ථානයට ජනාධිපතිවරයා වාහනයෙන් බැස ගිය අතර එහිදී විරෝධතාවරුවන් සිය ගැටළු පවසා සිටිහය. එම ස්ථානයේ දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විය.

ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවන කාල සීමාවේදී යාපනයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහන්ම කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබින.

182 views

36 Comments to “විරෝධතා කර මාව දුර්වල කරන්න එපා.. එතකොට යක්‍ෂයා බලවත් වෙනවා..- ජනපති දරුණු කතාවක් කියයි..”

  1. gamarala says:

    ආප්ප කාලා පැන්න යක්ෂයා

  2. Mahasona says:

    This guy does not have brain to understand who is real ‘Yakshaya’.

  3. සුබවාදියා says:

    ඔන්න ඔහොම එන්න, අයුක්තිය ඉදිරියේ දණ නොනමන අභීත නායකයෙක් වී නිවැරදි තීරණ රටේ බහුතර ජනතාවගේ යහපත උදෙසා ක්‍රියා කරන්න. ඔය ගොං හෙංචයියලාගෙන් වෙන් වී මහින්ද වාදීන්ගේ සිත් දිනාගෙන ශ්‍රී ලනිපය ශක්තිමත්කරගෙන හොද පාලනයක් ගෙනයන්න. අන්තවාදී දෙමල මුස්ලිම් ජාතිවාදය සිංහළ ජාතිවාදී අදහස් නැති කරන්න.

  4. සාධාරණ සෝභිත​ says:

    නිදා හුන් යක්‍ෂයෝ අවදිව ඇත​.ඒ යක්‍ෂයෝ අවදි වූ හෝරාවේ සිහළුන් අවමානයට ලක් කරන පඹයින් ක්‍රියාත්මක වීම ජාතියේ අභාග්‍යයකි.රණ විරුවන් බේරා දුන් බිමේ ඔව්හු බඩ පිණුම් ගසති.කට මැත දොඩවති.පුරාජේරු දොඩවති.අවසන යකුනට හීලෑ වෙති.මේ යක්‍ෂයාගේ හෝරාවයි.හෙළයිනි,අවදානම අත ළඟය​.දකුණ ගිනි ගෙනය​.යක්‍ෂයිනට අනුව නම් එහි උද්ඝෝෂකයෝ ජාති ද්‍රෝහියෝය​.උතුරේ උද්ඝෝෂකයෝ සුපේෂල ශික්‍ෂාකාමී අහිංසකයෝය​.උන්ගේ හිස් අතගා සනසන්නට උපන් අපේම කියනා අපේම නොවන උන් යක්‍ෂයෝද ප්‍රේතයෝද කියා තේරුම් ගැනීම නුඹලා සතුය​.

  5. Bend To Bend says:

    සිංහල නොවන පුද්ගලයෙකු මෙරට ජනාධිපතිවරයා වන දිනයක් එනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.එවැනි ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා කැපවී සිටින බවද ඔහු කියා සිටී.

  6. සෝමාරාම says:

    හෙහ්…යක්ෂයා.me වගේ පාවා දෙන යක්කු සොහොන් වල ඉන්නවා. මැදියම් රැයේ සොහොන් උඩින් යන අපි කොරන්න සරමමෙන් මුඋන වහ ගන්න එක විතරයි. me නරි වාදම් 2020 ඩි ඉවරයි යකෝ.

Main News