විරෝධය පල දරයි.. පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දමයි..
December 30, 2020 at 8:40 am | lanka C news
පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ඊයේ දින පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ බව තීරණය කළ බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ මෙම රැස්වීම පැවැත්විණි.
මහා සංඝරත්නය හා සහෝදර පක්ෂ විසින් ඉදිරිපත් කරන විරෝධතා ද සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වූයේ ද පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ පැවැත්වීම උචිත නොවන බව යැයිද ඔහු පැවසීය.
චන්දෙ තිබ්බ නම් පොහොට්ටුවට ඇපත් නෑ. ලොවෙත් නෑ
පළාත් සභා ඡන්දය කල් දැම්මේ ගිය ආණ්ඩුව. ඒ කාලේ ඒකට විරුද්ධ වෙච්ච අය ඒකම කරනවා.