විල්ගමුවට ටොනේඩෝ තත්ත්වයක්… නිවාස 60කට හානි…
August 10, 2017 at 6:48 pm | lanka C news
මාතලේ – විල්ගමුව ප්රාදේශය හරහා ඉකුත් ඊයේ (09) ඇති වු ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් නිවාස හැටකට පමණ හානි සිදුව ඇතැයි විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි.
ඇතිවු සුළං තත්ත්ව හේතුවෙන් ආපදා තත්ත්වයට පත්වු නිවාස වල පදිංචි පවුල් සංඛ්‍යාව 250 ක් බව අප කල විමසීමක දී විල්ගමුව ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය මහතා සදහන් කළේය.
මිට අමතරව ව්‍යාපාරික ස්ථාන 09 කට හා ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හලකට හානි සිදුව තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පුද්ගලයෝ තිදෙනෙක් තුවාල ලැබීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද ප්‍රාදේශිය ලේකම් වරයා සදහන් කළේය.
සිදුව ඇති අලාභ සම්බන්ධයෙන් තක්සේරු වාර්තා රැස්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතරප ප්‍රදේශවාසින් කියා සිටියේ රාත්‍රි හතට පමණ එක්වරම විශාල සුළං තත්ත්වයක් හටගත් බවත් බොහෝ පිරිස් ආරක්ෂක ස්ථින කරා දිවයද්දී නිවාස රැසක වහල කඩාවැටෙන අයුරු සියැසින් දුටු බවයි.
– ඉන්දික අරුණ කුමාර
තව මොන මොනවා වෙයිද ? මීහරක් මිනිසුනේ , අඩුම වසයෙන් පන්සිල්වත් රැකපල්ලා. යන්තමින්හෝ තමන්ටත් දරුවන්ටත් හොඳක් සිද්දවෙයි. නැත්නම් විරුවපට්ටන් ගහගෙන බොරුවයි , ආතල් එකයි රජකරගෙනම හිටපල්ලා තමන්ගේ ගෙයි දොරකඩටම වියරු විනාසය එනකම්ම.
ඔන්න ඕකයි රනිල් කිව්වේ රවියව අයින් කරන්න එපා කියල. දැන් පේනවනේ, අර්ජුන් කාරයා ටොර්නඩෝ එකකුත් එවලා. අනේ මන්දා හෙට අනිද්දට මොනවා එවයිද දන්නේ නැහැ.
මේ ලඟදී මාතලේ හුඇන්පි මන්ත්‍රීවරිය කිව්වානෙ යහාපාලනයේ පින්ගුත්තරයා රට සුකිත මුකිත කරනවා කියලා, ඒකට ස්වභාව දර්මයා කෝපවෙලා දුන්නා වැඩක්, කවිරත්න අක්කට සැපද දැන්