විල්පත්තුවට කිසිම හානියක් කර නෑ.. හානි වී ඇත්තේ වෙනත් වනාන්තරවලටයි.. – ජනාධිපති

January 1, 2017 at 3:50 pm | lanka C news
විල්පත්තුවට කිසිම හානියක් කර නෑ.. හානි වී ඇත්තේ වෙනත් වනාන්තරවලටයි.. – ජනාධිපති

කිසිම අවස්ථාවක විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු ආකාරයක හානියක් සිදුව නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නමුත් වනෝද්‍යානය ආසන්නයෙන් ඇති වෙනත් වනාන්තර වලට ඇතැම් අවස්ථාවල යම් යම් හානි සිදුව ඇති බවද ජනාදීපතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් විල්පත්තු වනෝද්‍යානය තවත් පුළුල් කර වනජීවී ප‍්‍රදේශයක් ලෙස නැවත ගැසට් කරන ලෙස අදාල නිලධාරීන්ට දැන්වූ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

172 views
Main News