විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…

February 25, 2020 at 3:00 pm | lanka C news
විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වේ.

පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද අනාවරණය වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, යාය 18 ප්‍රදේශය මුල් කරගනිමින් දිවයින පුරාම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

මෙම පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවද අනාවරණය වෙයි.

මෙම මහා පරිමාණ කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා අදාළ පෞද්ගලික සමාගම විසින් පරිසර ඇගයීම් වාර්තාවක් ද සකස් කර නැතැයි පැවසේ.

මේ පිළිබඳ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන්ගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

‘‘මේ භූමි ප්‍රදේශයේ තිබෙන්නේ බලපත්‍ර ඉඩම්. මෙම ඉඩම්වල පසුගිය කාලයේදී ගොවීන් හේන් ගොවිතැන් කරනවා. අදාළ සමාගමේ උදව් ඇතිව ගොවීන් කෝමාරිකා වගා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් මගෙන් ඉල්ලීමක් කළා. මම ඊට අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කළා. විල්පත්තුව ජාතික වනෝද්‍යානය සීමාවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මේ ඉඩම් පිහිටා තිබෙන්නේ අදාළ සමාගම විසින් ගොවීන්ට දන්වා තිබෙනවා මෙම වගා ව්‍යාපෘතියත් සමග ජල ටැංකි, මාර්ග පද්ධති සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් සකස් කර දෙන බව. යාය 18 ප්‍රදේශයේ අක්කර 100 කට වැඩි භූමි ප්‍රදේශයක කෝමාරිකා වගාව සිදු කිරීමට භූමිය සකස් කෙරෙනවා.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ පවසන්නේ මෙවැනි අදහසකි.

දැනට එළිපෙහෙළි කර තිබෙන අක්කර සියයක් කියන්නේ විශාල භූමි ප්‍රදේශයක්. විල්පතතුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) මෙවැනි පාරිසරික තත්ත්වයන්ට බලපාන යම් ව්‍යාපෘතියක් සිදු කරනවා නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුයි. විල්පත්තුව සුද්ද කරනවා වගේ වැඩක් මේක. මේ කටයුතු කෙරෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නෙවෙයි. මේක කරන්නේ කාගේ වුවමනාවටද, කාගේ බලයටද කියන ප්‍රශ්නය තියෙනවා. රාජාංගණයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද? ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් තිබෙනවා. උඩින් පෙන්වන ව්‍යාපෘතිය නෙවෙයි පසුව සිදු කරන්නේ. අවසානයේ සිදුවන්නේ විල්පත්තුව ප්‍රේරණ කලාපයේ ඉඩම් ටිකක් නැති වීමයි. මේ කටයුතුවලදී රාජ්‍ය අංශයේ නිසි අවසරයක් නැතිව දේශපාලන හයියකින් මේ වැඩේ කරන්නේ.

මේ පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ අදාළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ වහාම සොයා බැලීමට කටයුතු කරන බවය.

– aruna

66,152 Viewers

31 Comments to “විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…”

  1. Love nature says:

    පසුගිය රජය කලදේ මේ රජය නොකලොත් නොට්ටිගේ පුතාලු හිරු කරුණාකර මේ ගැන සොයා බලා ජනතාවට දන්වන්න

    • 👺👺👺👹👹🐷🐷🐷 says:

      අත්සන් දශ ලක්‍ෂයක් නොවෙයි කෝටි දෙකක් ගෙනාවත් මගේ වැඩේ නවත්වන්නේ නෑ..-
      බදියුදීන්

      • Saman says:

        රාජපක්සලා යටතේ මේවා අවුලක් නෑ. මේව දේශප්‍රෙමි වැඩ.

    • කොණ්ඩ කැවුමා says:

      විල්පත්තුව කපල හිටන් පඹයයි, රන්න පොනිලයි, බදුර්දීනුයි ලෑස්ති වෙලා හිටපල්ලා ගෝඨ ජනාධිපති උනාම හිරේ යන්න

    • Hiru says:

      අපි මේගැන මහින්ද මහත්තයගෙන් අහල ඒ කියල ආකරයට වැඩසටහනක් කරන්නම්. හිරු

  2. kawinda says:

    emathi Chandrasena samaga Wimal Weerawansa ekwiya yuthu katayuththak meka. eththatama komaarika wagaawa weni deyak ei rajayata karanna beri.? rekiya dennath puluwan. vishaala videsha aadayamak labannath puluwan.

  3. Saibal says:

    PRESIDENT NEED TO GET INVOLVED AsAp.

  4. sl says:

    විල්පත්තු කපන්න පටන්ගත්තේ මුන් නේ.ඉතින් නවත්වයි ද…හිටපල්ලකො දෙනවා ජවිපෙට ඕනේ මගුලක් වෙන්න කියල .දිව දෙකේ උන්ට දෙනවට වැඩිය හොඳයි

    • ලක්වැසියා says:

      ඔව්. ජෙප්පන්ට තියෙන දිවවල් ගාන උන්වත් දන්නෙ නෑනෙ. අනික උන් නානලගෙ ගැලවුම්කාරයොනෙ. උන්ටම තමයි දෙන්න ඕනෙ.

  5. Kgs basnayake says:

    Please reveal the names of politicians who are involved in this destruction

  6. David Milli-banda says:

    President are you asleep ??????????

    • Siriya says:

      yes president and the government has become deaf and mute, this so frustrating, separate renegade rule for extremists. we expected government will razor the illegal construction at willpaththu, now we see a nothere 100 acres taken over by goons.

  7. විල්පත්තුවෙ කොන කපාපු බදුර්දීන් මං
    අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං
    කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු
    අර ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු……… ඔන්න iraj වැඩ පටන් අරගෙන දැන් මොකද කියන්නේ උඹලගෙ බයිලා තමයි බං ගෝඨාභය නෙමෙයි මොකා ආවත් මෙව්වා නවත්තන්න බෑ බලා බොරු බයිලා තමයි කිව්වේ කොහොමද දැන් ලක්ෂ 62 හොඳට සනීප ඇති තව තුනෙන් දෙකකුත් ඉල්ලනවා අපිටත් මාර පූ…. අමාරුවක් තිබුනේ ලංකාවට ඇවිල්ලා ඉක්මනට ගෝඨාභයගේ ගේන්න

  8. Bandara says:

    Does the president care about the environment, he presented to be but for these several months he have not cared. Sri lanka need a environmental policy and all forests left should be protected.

    • Siriya says:

      It seams President is not interested or he has different priorities, neither his ministers are interested.

  9. saman says:

    api chande dunne vilpaththu kapapu ewun hire yawanna ..eth awasane..ane manda ita wada hondai jvp ekata dunnanam..monawa unath un gawa me wage katha wada na.

  10. B4 UNP now Gota says:

    Pls Stop

  11. හික් හිහි හි හි says:

    කෝ මේ හිරු,අපත රතන

  12. රට වෙනු වේන අපි says:

    ඇත්තටම මොනවද මේ වෙන්නේ අපි මේවටද එයාලට ජන්දේ දුන්නේ එපා වෙලා තියේන්නේ

  13. කොයි මෝඩයා කොරත් කොයි දේෂපාලුවාකොරත් වරද වරදමයි මේ පාර්ලිමේන්තුවට එන හරක්ට පරිසරයේ වටිනා කම පලමුව උගන්වන්න ඕනේ ගහ කොල නැතුව ගියකාලයකදී මුං වතුර නැතුව මරෙනබව කවුරුන් හරි මුන්ට උගන්නපල්ලා???? සමහර ආගම්වල ඉන්න මෝඩයන් කියන්නේ ලෝකය පැතලි වස්තුවක් කියා මේ වගේ මෝඩයන්ට මොකා කිව්වත් උගන්වන්න බැ????

  14. tyron says:

    ko ara parisara surakina ananda sagara hamuduruwo . okkoma mahindage sarama asse inne.

    • Gunp says:

      Ananda hamuduruwo thamai mekatath kagahanne, ubala wage nemei anduwa shot 500 bedapunweleth kagahuwa, kawuru rajayata awath ananda hamuduruwo parisaraya wenuwrn wada karanawa.

  15. බයියෙක් says:

    කෝමාරිකා කියන්නෙ කොයිතරම් වටිනා බෙහෙතක්ද. කෝමාරිකා වලට පිටරට ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒ නිසා මුලු ලන්කාවෙම කෝමාරිකා වගේ වටිනා බෙහෙත් පැල වගා කරන්න ඕන. ඒවගෙ අස්සෙ අලින්ට හැන්ගෙන්නත් බෑනේ ඒක අලි ප්‍රශ්නෙටත් විසදුමක්.

  16. Kalana says:

    Mona kaalakanni ratakda? Paalanayak eththema nehene

  17. Aniwa says:

    Our beloved appachchi and family are running our motherland now. Badurdeen can have the whole Wilpattu as long as he supports our Gota sir. GuNP and JVP can jump in the sea.
    Jaya wewa sir !

  18. maha raja says:

    koo dan ara ganayo set eka………

  19. Sun says:

    Where is the lady who was representing forestry of the country with a deep voice against illegal deforestation of the country. This is almost the same from where you are cutting down trees from the land tat case the problem of oxygen. These fellows do not know what the use of oxygen. Even the government do not care about such thing as they do not have sufficient brains to understand such things in long term with their primary school qualifications. W hat will happen to the country. We are running short of drinking water at the moment not only oxygen my dear friends. Thank you for publishing these dirty tricks.

  20. Dalpadaadu says:

    Wadakarana Wiruwage Aaanduwa ..Nikammma Kale Wawila Yanna Denna Puluwanda ???
    Anna Thawaat 5 Kata Wade Denawa
    walikatayakwath mhudata hedila yanna denawada ?

    Wada pae karana wiruwaaaaaaaaaaaaa..aaaaaaaa…aaaaaaaa..

  21. Sun says:

    In other countries cutting down trees is prohibited and pay big fines. But our primary school qualified ministers cannot understand the value of the forests.They want to make some quick money by selling the wood.That is the mentality of these poorly educated politicians who cannot see the harm they are doing to the country in long term my dear friends.

Main News