විල්පත්තුවේ කිසිම වන විනාශයක් සිදුව නෑ.. – ඇමති බදියුදීන් ජනාධිති කොමිසමේ සාක්‍ෂි දෙයි..

September 12, 2017 at 8:02 am | lanka C news
විල්පත්තුවේ කිසිම වන විනාශයක් සිදුව නෑ.. – ඇමති බදියුදීන් ජනාධිති කොමිසමේ සාක්‍ෂි දෙයි..

මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති.

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දන වල අදාල ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් විල්පත්තු වනාන්තරය අවට පදිංචිව සිටින වැසියන්ගේ ජනතා අදහස් විමසීම අරඹා ඇත.

මෙහිදී වි්පත්තුව අවට පදිංචිව සිටින වැසියන් රැසක් ජනාධිපති කොමිෂමේ නිලධාරීන් හමුවේ ඔවුන්ගේ මුල් ගම් බිම් වල අයිතිය තහවුරු කරවීම සඳහා වූ මුල් ඔප්පු ඇතුලු බොහෝ ලියකියවිලි කොමිෂමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්දෙට පිර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසටයි.

එහිදී කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුධීනන් මහතාද ජනාධිපති කොමිෂම් නිලධාරීන් විසින් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ජන හමුව වෙත ගොස් කියා සිටියේ,

‘පරම්පරාගතව සිටින් වැසියන්ගේ මුල් ඉඩම් නැවත ඔවුන් වෙත ලැබිය යුතු බවටත් යුද සමයේදී කොටි සංවිධානය විසින් එකවරම විල්පත්තු අවට වැසියන් පන්නා දැමීමෙන් පසුව වසර ගණනාව් අවතැන්ව සිට නැවත පදිංචි වූ මේ වැසියන්ට ඔවුන්ගේ අයිතිය ලබා දීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවටය.

එමෙන්ම විල්පත්තු අවට නැවත් පදිංචි වූ ජනතාව කිසිලෙසකින් විල්පත්තු වනාන්තරයට හානියක් නොකොට ඇති අතරම ඇත්ම් සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් බොරු ප්‍රචාරයන් පතුරා නැවත පදිංචි වූ ජනතාවගේ අයිතිය අවධානමකට ලක් කොට ඇති බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

183 views