විල්පත්තුවේ ගෙවල් හදන්නේ ඔප්පු තිබෙන ඉඩම්වල.. ඔවුනට ඒ අයිතිය දිය යුතුයි.. – රාජිත
January 5, 2017 at 11:20 am | lanka C news
විල්පත්තු අභය භූමියට අයත් භූමිය තුල අනවසර නිවාස ඉදි කරන්නේ යයි සිදුවන ප්රචාරයන්හි සත්‍ය තත්ත්වය වෙනත් එකක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
‘මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වන සංරක්ෂණ නිලධාරීන් ගෙන්වා කරුණු විමසුවා. 1915 ලියන ලද ඔප්පු සහිත ඉඩම් මේ ප්‍රදේශයේ තිබෙනවා. මේ නිවාස හැදෙන්නේ අභය භූමිය තුළ නොවෙයි මායිමේ.
කලින් මෙතන මිනිස්සු පදිංචි වෙලා හිටියා. නමුත් යුද්ධය නිසා මුස්ලිම් ජනතාවට නිවාස දාලා යන්න සිදුවුණා. එහෙම එදා දාලා ගිය මිනිස්සු තමයි අද පදිංචි කරවන්නේ. එදා කුඩා දරුවකු විදියට රිෂාඞ් බදියුදීන් උන්හිටි තැන් දාලා පුත්තලමට ගියා. එයාටත් කැක්කුමක් තියෙනවා තමන්ගේ ඥාතීන්ට මුලින් අයිතිව තිබූ ඉඩම්වල තමයි අද ගෙවල් හදන්නේ. ඔවුන්ට ඔවුන්ගේ අයිතිය ලබාදිය යුතුයි’
මේක දකින කොට මගේ ඇගේ ලේ විතරද රත්වෙන්නේ…?