විල්පත්තුවේ තවත් අක්කර 600ක් දේශපාලකයෙක් බලෙන් අල්ලාගනී..

December 17, 2016 at 3:50 pm | lanka C news
විල්පත්තුවේ තවත් අක්කර 600ක් දේශපාලකයෙක් බලෙන් අල්ලාගනී..

ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලඥයකු විසින් විල්පත්තු වනෝද්‍යානයට උතුරේ ඇති වනාන්තර ඉඩම් අක්කර 600ක පමණ ප‍්‍රමාණයක් එලි පෙහෙලි කරමින් සිටින බව වාර්තා වෙයි.

මන්නාරම-සිලාවතුර මාර්ගයේ 34 වැනි සැතපුම් කණුව අසල ප‍්‍රදේහයන් මෙසේ එළි පෙහෙලි කරමින් තිබේ.

පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට ගිය පසු අදාල දේශපාලඥයා විසින් ලියවිල්ලක් පෙන්වීමන නිසා පොලිස් නිලධාරීන් පිටව ගොස් ඇත.

මේ අතර වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ හා එම අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න පවසන්නේ එම වනාන්තරය එලි කිරීම සදහා කිසිදු අවසර පත‍්‍රයක් ලබාදී නැති බවයි.

7,682 Viewers

4 Comments to “විල්පත්තුවේ තවත් අක්කර 600ක් දේශපාලකයෙක් බලෙන් අල්ලාගනී..”

  1. Critic says:

    Ps,do reveal the name of that politician.

  2. lion says:

    ශ‍්‍රී ලංකාවේ තිබෙන පැරණිතම අභය භූමි තුනෙන් එකක් වන විල්පත්තු අභය භූමිය අද වන විට දැඩි ඛේදවාචකයකට මුහුණ පා සිටිම මුළු මහත් ජාතියේ ම අවාසනාවක් යැයි පැවසීම කණගාටුවට කරුණකි.

    එහෙත් අද වන විට මෙම වන රක්‍ෂිතයේ නීති විරෝධී ලෙස ජනතාව පදිංචි කර වීම හේතුවෙන් අනාගතයේ දී මෙම සම්පත අපගෙන් වෙන්ව යා හැක. වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත හා ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් අභය භූමිය තුළ සිදුකර ඇති මෙම ක‍්‍රියාවලියට මේ වන විටත් අදාළ බලධාරීන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මෙලෙස වන භූමිය පුරා ජනතාව පදිංචි කරවීම හේතුවෙන් අභය භූමියට අයත් භූමි ප‍්‍රමාණයෙන් අක්කර 500 ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වනවා.
    හෙක්ටයාර 632ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී ඇති විල්පත්තු උතුරු අභය භූමිය 1938 පෙබරවාරි මස 25 වන දින ලංකාවේ පැරණිතම අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. 1937 අංක 2 දරණ පනතින් වන සත්ත්ව ආරක්ෂක ආඥා පනත පළමුව නීති ගත වීමෙන් අනතුරුව ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත් කළ අභය භූමියක් ලෙස විල්පත්තු උතරු අභය භූමිය ස`දහන් වේ. මෙම අභය භූමියේ විශාල ප‍්‍රදේශයක් ආවරණය වී ඇත්තේ වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා කටු ප`දුරු සහිත ල`දු කැලෑ බිම් වලිනි. අලි – ඇතුන් මෙන්ම කොටින් බහුල ව ජීවත්වන ප‍්‍රදේශයක් ලෙස සුවිශේෂී ජෛව විද්‍යාත්මක, පාරිසරික මෙන්ම ජල විද්‍යාත්මක වටිනාකමක් පැවතීම හේතුවෙන් ඈත අතිතයේ දී ම මෙම ප‍්‍රදේශය අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ. එවන් අභය භූමියක මේ අයුරින් ජනතාව පදිංචි කිරීම ඉතා හානි කර මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. එහෙත් හෙක්ටයාර 3000ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ කර නීති විරෝධී ලෙස ජනතාව පදිංචි කිරීම සිදු කර තිබේ.

    කෙසේ වෙතත් සිදුවෙමින් පවතින මෙම විනාශය නවතාලීමට බලධාරීන් නිසි ලෙස ක‍්‍රියාත්මක නොවුවහොත් එය විල්පත්තු අභය භූමියේ පමණක් නොව මුළු මහත් ජාතියේම විනාශය විය හැකියි.

  3. gadol says:

    හොර ඔප්පුවකින් ඇමතිබෑණා විල්පත්තු මායිමේ වනාන්තර අක්කර 250ක් ගිල ගනියි.

    http://www.vikalpa.org/?p=14477

  4. sunimal says:

    පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන 68කින් සමන්විත විල්පත්තු වන උයන

    http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=ss1601101

Main News