විල්පත්තුව ගැන දකුණේ බොරු කියා ජාතිවාදය පතුරන්න එපා යයි උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලති…

April 16, 2019 at 6:28 am | lanka C news
විල්පත්තුව ගැන දකුණේ බොරු කියා ජාතිවාදය පතුරන්න එපා යයි උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලති…

විල්පත්තු රක්ෂිතය හා අවට රජයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතම් පිරිස් විසින් ගෙන යන වැරදි සන්නිවේදනය තුලින් යලි ජාතිවාදය ඇවිස්සීමේ අවධානමක් ඇති හෙයින් උත්සහයන් වහාම නවත්වන ලෙස උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියහ.

වවුනියාව ශ්‍රී බෝධීදක්ෂිණාරාමයේදී උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව භික්ෂූන් වහන්සේලා වදාලා සිටියහ.

එහිදි අදහස් දැක්වූ පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන් කියා සිටියේ,

‘පටු දේශපාලන හා පෞද්ගලික අරුමුනු වෙනුවෙන් දකුණේ ඇතම් පිරිස් විසින් විල්පත්තු වනය පිළිබඳව අතීතය පිළිබඳව නොසයා පදනම් විරහිතව සිදුකරනු ලබන චෝදනා මගින් රටේ අනවශ්‍ය වූ ව්‍යාකූල තත්වයක් ඇති විය හැකියි විල්පත්තු වනය ආසන්නයේ හිටපු ජනතාව මීට වසර 30 කට අධික කාලයකට පෙරයි ඒ ප්‍රදේශයන් වලින් ඉවත් වුනේ යුද්දෙන් පසුව දැන් ඒ අය ඉඳපු පලාත් වලට ආවහම මේ කැලෑ එලි පෙහෙලි කරන්න ඕන තමයි අනිත් කාරණාව මේ ජනතාව මේ වෙනකොට ගිය පිරිසට වඩා වැඩි වෙලා ඉන්නේ ඒක සාමාන්‍ය දෙයක් ඒ අයගේ දරු මුණුබුරෝ ඉන්නවා ඒ අය දැන් පදිංචි වෙන්න ඕන මේ නැවත පදිංචි කිරීම් රාජ්‍යානුග්‍රහය යටතේ සිදු වෙලා තියෙන්නේ ඒ වගේම තමයි මේ පදිංචි වූ ජනතාවට ආර්ථික වශයෙන් සවියක් වීමට තමයි මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න රජය පියවර අරන් තියෙන්නේ මේ කරුනු දෙස සියලු දෙනාම මානුෂීය පදනමෙන් බලා මේ පලාත් වලට පැමිණ මේ ජනතාව විඳින දුක ගැන සොයා බලා තමයි සිදු කරන චෝදනාවක් කරන්න ඕන එහෙම නැතුව වෙනම ආකල්ප ඇතිව මේ දෙස බලනවානම් මෙය ජාතිවාදී ස්වරූයකට ගමන් කරනවා මේ ගැන රටේ නායකයින් අවධානය යොමු කළ යුතුයි.

තවද මෙම අවස්ථාවට වැලිඔය කිරිඉබ්බන්වැව විහාරාධිපති පූජ්‍ය පොලොන්නරුවේ විජිතාලංකාර හිමි ඇතුලු භික්ෂූන් වහන්සේ පිරිසක්ද උතුරු පලාත් සභාවේ හිටපු පලාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා ඇතුලු පිරිසක්ද සහභාගි වෙමින් කියා සිටියේ විල්පත්තු රක්ෂිතය යොදා ගනිමින් සිදු කරමින් යන ජාතිවාදී ව්‍යාපාරය සම්පූරණයෙන්ම නැවතීමට සියලු දෙනා එක්විය යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,963 Viewers

14 Comments to “විල්පත්තුව ගැන දකුණේ බොරු කියා ජාතිවාදය පතුරන්න එපා යයි උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලති…”

  1. වලා says:

    හම්බ සල්ලි වලට ජාතිය පාවාදෙන කැනහිලුන්

  2. Malvathu Asgiri Girigoris says:

    මේ ගණගෙඩි දන්න මගුලක් නෑ.

    නාගනන්ද මහතා අවුරුදු පතා සිදුවූ වන විනාශය, සැටලයිට් පින්තුර මගින් ඔප්පු කර පෙන්වූවා. මෙහි පදිංචි කර සිටින සමහරුන් මුලධර්මවාදී විදේශිකයන්. මොවුන්ගෙන් ඉදිරියේදී සිදුවියහැකි විනාශය LTTE විනාශයටවඩා දහස් ගුණයකින් වැඩිය. ඔවුන් පසු පස සිටින්නේ සවුදි අරාබි සල්ලි බැවිනි.

    දේශප්‍රේමී සිංහලුනි මෙයට විරුද්ධව නැගී සිටිමු.

  3. Mahen says:

    Rizad can currupt ANYBODY !!!

  4. සිංහල බන්ඩා says:

    වටරැක විජත නිකායෙ අපේ හාමුදුරුවරැ සංහිඳියාව නාමයෙන් විල්පත්තුව රකින්න බදුද්දීන්ට බාර දීල වගෙය්. නරකද සාසනයත් බදුද්දීන්ටම බාරදීල ඔහේල තොංගල කපාගන ලෙබ්බෙල උනොත්.

  5. Mahen says:

    SOMEONE MAY BE BEHIND THIS.
    THIS IS WHAT RIZAD TRIED TO SAY
    THISIS WT GOVERNMENT TRIED TO SAY

  6. Save Wilpattuwa!! says:

    බලන්න රිශාඩයා කොච්චර කපටියා ඌරෙක්ද කියලා, මූ ස්වාමීන්වහන්සේලාටත් ඉනා බෙහෙත් දීලා, කියන්න ඕනටිකත් කටපාඩම් කරවලා.

  7. sakalabujan says:

    Budda Cheewaraya yodagena Palliye walan balanawa kiyala Genasara hamuruduwo kiwwe meka tamai………….

  8. Me Mage Rata.. says:

    හරි හෝ වේවා වැරදි හෝ වේවා සිංහලයා වෙනුවෙන් උසාවිට අපහාස කලා යය් කියන ඥාණසාර හිමි හිරේ උසාවියට ගල් ගැසූ බදියුදීන් නිදහසේ කැලෑ කපනවා

    සිංහලය වගේ නෙවෙය් කිසිම මුසල්මනයෙක් බදුයුදීන්ට විරැද්ධ වන්නේ නැහැ.

  9. kalum says:

    me hamuduruwo okkoma , Badurdin ge salli aran thiyenne..Muna dakkam kiyanna puluwan…

  10. බෙර හඬ says:

    මේ පිළිබඳව එක් එක් කණ්ඩායම් වල අර්ථ දැක්වීම් නොසොයා මීට වසර 30කට පෙර මෙම ප්‍රදේශ මිනිස් වාසයෙන් තොරද, පදිංචියක් තිබුණාද යන්න ජාතික වනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සහ විල්පත්තු අභය භූමි ජාතික සංරක්ෂන ආයතනයෙන් ඔවුන්ගේ දත්ත පරීක්ෂා කර සෙවිය යුතුය.
    මෙම ප්‍රදේශය විල්පත්තු අභය භූමියට අයත් නොවන බව කීවද මෙහි සිදුව ඇත්තේ දැවැන්ත වන විනාශයකි. ගරුතර ස්වාමීන්වහන්සේලා මෙයට මැදිහත් කර ගත්තේ කවුද? මෙතැන ජාතිවාදයක් නොමැත. එසේනම් වෙනත් ප්‍රදේශ වල ඉස්ලාම් භක්තික ලංකික ජනතාව ගම්, නඟර තමාට නතු කරගන්නා අයුරු දැක දැක මිනිසුන් නිහඬව සිටින්නේ ජාතිවාදය මතු නොවූ නිසාද? ලංකාවේ සියළුම නගරයන්හි වෙළඳාම පවත්වාගන යන්නේ කවුරුන්ද? නමුත් වන විනාශය නිසා අද අප මුහුණදී සිටින උග්‍ර දේශගුණ විපර්‍යාශයට ඉදිරියේදී මුළු මහත් අනාගත පරපුරම බිහිසුණු අයුරින් අත්විඳීමට සිදුවනු නොඅනුමානය. එම විපර්‍යාශයට මුහුණ දෙන්නේ සිංහළුන් පමණක් නොවන බව මතක තබාගන්න.

  11. භික්ෂුව කියන්නේ අදීන වගේම සාධාරණ මනුස්සයෙක් විය යුතුයි.අපට කමක් නැහැ ඒ අය පදිංචිවෙලා හිටපු ඉඩම්වල නැවත පදිංචි වුනාට.නමුත් විල්පත්තු කලේ අභ්‍යන්තරයට 2km දක්වා එලි පෙහෙළි කරලා ඉඩම් ඇල්ලුවාම එකේ හානිය මේ රටට කියල හිතන්න බැරි ඇයි මේ භික්ෂුන්ට.වරදාන ,ප්‍රතිලාභ හෝ අනෙකුත් බලපෑම් මත මේ ආකාරයේ ප්‍රකාශ කිරීම කණගාටුයි.ජාසිම් සිටි නමින් අරාබි කරයක් හදනවා ඇස් වලට නොපෙනෙන්න තරම් මොවුන් අන්ධද

  12. Sanga sabawa says:

    Hamuduruwoth kona kapagena halal wela wage.

  13. analyst says:

    Rishad kaaraya ge rookada hamuduruwaru.
    Pallegama hemaratana saha Pallegama Sirinivasa yanu budu dahama vinaasha kireemata pamini cheevara dhariyo

  14. Eye says:

    පැවිද්දන් නිවැරැදි ගුණයෙන් යුත්ත වියයුතුයි පටු දේශපාලන අරමුණුවලින් තොර වියයුතුය ..ගිහියන් නොමග නොයා යුතුයි . අද මෙ දෙගොල්ලම තමන්ගෙ වාසිය වෙනුවෙන් ඔන ලබ්බග් කරයි.

Main News