විල්පත්තු උතුරේ වන රක්ෂිත වනසා අලූතින් ජනාවාස ඇති කළ බව සත්‍යයකි..

February 9, 2017 at 8:40 am | lanka C news
විල්පත්තු උතුරේ වන රක්ෂිත වනසා අලූතින් ජනාවාස ඇති කළ බව සත්‍යයකි..

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් වන රක්ෂිත හතරට අයත් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බව පැහැදිලිව සාධක සහිතව අප විසින් ඔප්පු කර තිබිය දී වැරදි මතයක් සමාජ ගත කිරීමට හා වන රක්ෂිත විනාශ කිරීම සාධාරනීකරණය කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ප‍්‍රමුඛ සංවිධානාත්මක පිරිසක් විසින් උත්සාහ දැරීම දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දකිමු.

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

238 views
Main News