විල්පත්තු කෝමාරිකා වගාව සිවු දිග ඇවිලේ.. ඇමති එස්.එම්. ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි..

February 28, 2020 at 10:13 pm | lanka C news
විල්පත්තු කෝමාරිකා වගාව සිවු දිග ඇවිලේ.. ඇමති එස්.එම්. ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි..

විල්පත්තුව රක්ෂිත සීමාවේ එක බිම් අඟලක් හෝ තමන් විසින් කිසිවකුට හෝ ලබා නොදුන් බව ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එක බිම් අඟලක් හෝ ලබාදුන් බව කිසිවකු ඔප්පු කරන්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

විල්පත්තු රක්ෂිතය ආසන්නයේ කෝමාරිකා වගාවකට විශාල බිම් ප‍්‍රදේශයක් ලබා දුන් බවට එල්ල වන චෝදනා වලට පිළිතුරු දීම සඳහා කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙරට බැංකුවලින් කිසිදු ණය මුදලක් නොගත් තරුණයකු රාජාංගන ප්‍රදේශයේ කෝමාරිකා වගාවක් ආරම්භ කිරීම සඳහා පසුගිය රජය සමයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ බවත් ඔහු පැවසීය.

එය එම ප්‍රදේශයට ගැලපෙන ව්‍යාපෘතියක් බවද කී ඇමැතිවරයා තමන් එම ආයෝජකයාට ජනතාව සම්බන්ධ කර දීමට පොරොන්දු වූ සදහන් කලේය.

7 views

14 Comments to “විල්පත්තු කෝමාරිකා වගාව සිවු දිග ඇවිලේ.. ඇමති එස්.එම්. ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව කියයි..”

  1. David Milli-banda says:

    You are very much in the news for all the wrong reasons. better resign your seat get ready for the general elections.

    • kawinda says:

      kiyalawath karaganna beri deyak. ” ane methiduni aswenna epa ” kiyala misissu kiyai kiyalada hithuwe..? nehe. api hemoma hari sathutui. Channa Jayasumana wage ugathek misa hampada naaki anuradhapurayata ona nehe.

  2. " සිදත්- එංගලන්තයේ සිට " says:

    නුවරඑළිය කැලැ කපල ගෙවල් හැදුවා…දැකුම්කලු දිය ඇලි හිඳෙනකම් වතුර බෝතල් කෙරෙව්වා… බොහෝ කැලෑ කපල රටටම මහා විනාශයක් කරනවා… අද විල්පත්තුව රක්‍ෂණ කැලෑවක් නොවේ…. අද තම වාසියට හැම දෙයක්ම බලන මේවගේ අය නිසා ඉදිරියේ රට කාන්තාරයක් බවට පත්වෙනවා…
    එංගලන්තයේ පාසල් යන ‘දරුවෙක්’ අද පරිසරයට වෙන හානිය වලක්වන්න ලොවම අගයකල පෙලපාලියක් කලා පාසල් ලමුන් එකතු කරගෙන මහවැස්සේ…. Greta Thunberg Bristol climate strike: ‘The world is on fire’
    අපේ රටේ ඊලඟ පරම්පරාව ගැන කවුරු සලකයිද..?
    ගූගල් ගිහිල්ලා බලන්න ” විල්පත්තු විනාශය ” ! විල්පත්තුවේ එක ගහක් කපනකොට ඒක ඔය මහ පුටුවල ඉඳගෙන ඉන්න අයට පෙනුනේ නැද්ද ? ඒ වුනාට ගමක කොස් ගහක් කපන කොට අවසර පත්‍රය ලබා ගත්තද බලනවා …! ඔය පලාත්වල නාගරික මන්ත්‍රී … ඇමති… විල්පත්තු විනාශය දෑසින්ම දැක්කේ නැද්ද? හැබැයි දේව පූජා තියල… හාමුදුරුවරු වඩම්මවලා සෙත් කරගෙන වැඩ බාර ගන්නේ… ටික කාලයක් යනකොට මැරෙන මුන්ගෙ ” මිනී පෙට්ටියත් ” හදන්න ලෑලි ‘ඇමසන්’ වනාන්තරයෙන්ම ගෙන්ව ගන්න වෙයිද දන්නේ නැහැ… මේ විදියට කැලෑ එලිකිරිල්ල නිසා!!
    ” සිදත්- එංගලන්තයේ සිට “

    • Lakshman says:

      What a commendable statement that you have made – hats off to you my friend.

    • lanka says:

      එංගලන්තේ ඉන්න උඹ ඕක එච්චර ගණන් ගන්ට, විස්සෝප වෙන්ට එපා මචන් ..මෙහෙ ඉන්ට බැරි නිසානේ උඹලා එංගලන්තේ ගියේ ….මෙහෙ ඉන්න උන් චන්ද්‍රසේනය උඩින්ම පාර්ලිමේන්තු යවයි ….ඉතිරි වෙච්ච ටිකත් එලි කරන්ට

      • 🤣🤣🤣😄😄😄 says:

        ඉල් — Lanka ට….😈😈

        කන්දෙක මැදක් මොලයක් තිබ්බාට
        කන්දෙක මැදින් ඇස්දෙකද තිබ්බාට
        මත්කුඩට ඇබ්බැහි අන්ධවී දැක්කාට
        වඳයෙක් බව පෙන්නුවා පිට රැටියාට

  3. sudath says:

    තව අවුරුද්දක් යනකොට සීමා වෙනස් වෙයි. බයිල එපා

  4. Kamal says:

    People of sri lanka dont vote for this man in rhe genaral election.

  5. නිමල් says:

    තියෙන කැලැ ටික එලි කොරන්න දීලා මැරෙන්නේ වතුර නැතිව..උශ්නය නිසා

  6. Nawodhi says:

    GOTA will lose in the election due to this man’s corruptive works and Anuradhapura Railway Officer attacks by GOTA’s supporting politically lady.

  7. Sun says:

    Without knowing the after effect of deforestation one cannot run a ministry. Get advise from the learners in the department. At the moment we are facing running water problem round the country as a result of large scale deforestation countrywide. All the natural trees are gone due to shallow knowledge of the top people. I know in some village areas no drinking water available as a result of deforestation. It will take a long time to get back the lost vegetation. due to shallow knowledge of the authority round the country. People do not know such things but you have to educate them rather destroying what we have.

  8. Siriya says:

    This man is unintelligent conventional politician, we cannot expect a positive change from him, do not vote and elect these people again !!

  9. Upali Hemachandra says:

    Resigning is not enough. He should be sent to jail.

  10. Rabok says:

    Please resign from politics , not only from Minister post – that would be the best service you can do to Pohottuwa – you idiot have already done enough damage with your doing – Paadadain like you should not be in politics

Main News