විල්පත්තු ගැසට් පත්‍රයට විරෝධය.. බදියුදීන් ඇමතිකමින් අස්වෙන්න සූදානම්..
April 2, 2017 at 3:00 pm | lanka C news
ජනාධිපතිවරා විසින් සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන ලද විල්පත්තු ජාතික වනෝද්‍යානයට ආසන්න රක්ෂිත වනාන්තර සම්බන්ධ ගැසට් නිවේදනය අහෝසි නොකරන්නේ නම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අදාල ගැසට් පත්‍රය සම්බන්දයෙන් සාකච්චා කිරීමට ජනාධිපතිවරයා මෙතෙක් ඒ සදහා අවස්ථාව ලබා දී නැති අතර ඇමති බදුරුදීන් අගමැති රනිල් වික්රසිංහද මුණගැසී අදාල ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය දක්වා තිබේ.