විල්පත්තු ප්‍රශ්ණයේ දී මම මුස්ලිම් ජාතිකයින් පැත්තේ…

April 24, 2017 at 3:26 am | lanka C news
විල්පත්තු ප්‍රශ්ණයේ දී මම මුස්ලිම් ජාතිකයින් පැත්තේ…

පුත්තලම මදුරන්කුලිය විරුතොඩෙයි අසීෂියා අරාබි විද්‍යාලයේ මවුලවි සහතික පත්‍ර ප්‍රධානෝත්සවය සහ අන්තර් අගම්ක ගෝලීය සංවාදය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“රට ඉදිරියට ගෙනයාම සදහා සියළු ජාතීන් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවෙි සිංහල, ද්‍රවිඩ මුස්ලිම් ජාතිකයින් ජිවත් වෙනවා. ඔවුන් වෙනත් රට වලින් පැමිණි අයයි. එම නිසා අපේ රට කාගේවත් නිජ භූමියක් නොවෙයි. කාටවත් තනි අයිතියක් නැහැ. කෝට්ටේ රාජධානිය ආරක්ෂා කර ගැනීමට සිංහලයන් මෙන්ම මුස්ලිම්වරුන් ද දායක වුනා.

පසුගිය රජය සමයේ දී මුස්ලිම් ජාතිකයින්ට අසාධාරණකම් සිදු වුනා. මම එම අසාධාරණකම් වලට එරෙහිව විරෝධය පළ කළා. රජයේ ආධාර මත අන්තවාදී කණ්ඩායම් කටයුතු කළා. මට කළකිරීමක් තමයි ඇති වී තිබුනේ. ජාතිවාදය, ආගම්වාදය මුලික වුනා. මට හිරිකිතයක් මෙන්ම ලැඡ්ජාවක් ද ඇති වුනා. පැවැති රජය වෙනස් කරන්න හිතුනේ එම නිසයි. රජය වෙනස්වෙයි කියලා කවුරුත්වත් හිතුවෙි නැහැ. ජනවාරි 08 විප්ලවය සදහා මුස්ලිම් ජාතිකයින් විශාල දායකත්වයක් දැක්වූවා. යහපාලන රජය තුලත් විවිධ ජාතීන්ට විරුද්ධව ඇතැම් අය කටයුතු කරනවා නම් මම ඊට විරෝධය පළ කරනවා. විල්පත්තු ප්‍රශ්ණයේ දී මම මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් අදහස් පළ කලා එල්.ටි.ටි.ඊ සංවිධානය පැය 24 ක් තුල උතුරේ මුස්ලිම් ජාතිකයින් පළවා හැරියා. සිංහල ජාතිකයින් පළවා හැරියා. ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දිය යුතුයි. විල්පත්තුව මුස්ලිම්වරුන්ටත් අයිතියි. දශක ගණනාවක් කදවුරුවල ජීවත් වූ ඔවුන් මුල් වාසස්ථාන වලට ගොස් සිටිය දී තමයි විරෝධතාවයක් මතු වුනේ. මම ඉඩම් නීතිය ගැන හොදට දන්නවා. එම නිසයි විල්පත්තුව පිළිබදව අදහස් පළ කළේ. රක්ෂිත හදන්නත් පුළුවන්. රක්ෂිත අවම කරන්නත් පුළුවන්. අතීතයේ සිට විල්පත්තුවෙි මුස්ලිම් ජාතිකයින් සිටි බව ඔප්පු වී තිඛෙනවා. රාජ්‍ය ආයතන, ආගමික සිද්ධස්ථාන එම භූමියේ තිබුනා. එම නිසයි මුස්ලිම් ජනතාවගේ පදිංචිවීමෙි අයිතිය ඔවුන්ට ලබාදිය යුත්තේ. නීතියට අනුව කටයුතු කළ යුතුයි.

යහපාලන රජය විධායක ජනාධිපති බලතල අඩු කළා. ජනාධිපතිධූරය නීතිය යටතට ගෙනාවා. හිටපු ජනාධිපතිවරයා සිටියේ නීතියට උඩින්. රට තුළ නීති දෙකක් ක්‍රියාත්මක කෙරුනා. නීතිමය ප්‍රශ්ණ තිඛෙනවා නම් ඒවා වෙනස් කළ යුත්තේ ජනතාවට සාධාරණත්වය ඉටු වන අයුරින්. අපේ රටේ සිංහල ජාතිය ආරක්ෂා කිරීමෙි සටන ආරම්භ වුයේ 1958 දී. තාමත් එය ඉටු කර ගන්න බැරි වුනා. එම නිසා රට අරාජික වුනා. අපේ අසමගියත් ඊට බලපෑවා. ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව ජනවාරි 08 වන දා ජනතාව නැගී සිටියා. ජාතිවාදය, ආගම්වාදය උඩ මැතිවරණ දිනන්න බැහැ. මම ජාතිවාදයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන විට මගේ චරිතයත් ඝාතනය කළා. ජාතීන්ගේ පක්ෂ ජාතික පක්ෂ විය යුතුයි.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

33 views

23 Comments to “විල්පත්තු ප්‍රශ්ණයේ දී මම මුස්ලිම් ජාතිකයින් පැත්තේ…”

  1. jaya says:

    This is what will happen. Sinhala politician will depend on Muslim votes as the multiply without birth control and all the electorate will be gradually becoming filled with Muslims. Then Politician even though Singhalese start interpreting the things not to save this country’s heritage or other but for their survival.

    At the end of the day roads names get changed to Muslims names – Sinhala politicians will find the way to justify (for the sake of Muslim votes)
    Halal will come – Sinhala politicians not Muslim, will find the way to justify (for the sake of Muslim votes)
    Sharia will come– Sinhala politicians will find the way to justify (for the sake of Muslim votes)

    After generation or two, once the population is sufficient to be majority, they will come as politicians themselves on those electorates. Then damage had been done irreversibly.
    After 3-4 generations, this country’s Buddhist heritage will be erased destroyed by majority Muslims just like in Bangladesh Maldives and Afghanistan.

    Can any body/organization come up with clear and clean plan to avoid this scenario without getting too late and irreversible? That program should not be based on immature and cheap emotional acts.

  2. Clem says:

    Thota ayithi depala. Issella deepan muslim minissunta. Val paraya. Thoge ships 8 deepan Muslim minissunta.

  3. love nature says:

    ලෝකෙන්ම වාචාල මාධ්‍ය ප්‍රකාශකයා ලංකාවේ රාජිත වාචාලයායි” – විජයදාස රාජපක්‍ෂ

  4. sinha le says:

    අලුත්ගම ගින්නේ බොරු කතා සහ ඇත්ත කතා

    http://www.colombotruth.com/2014/06/blog-post_22.html

  5. love nature says:

    ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දුන් ප්‍රමුඛතාවය නැති කොට සියලුම ආගම් වලට සමතැන දෙන බවට රාජිත මරක්කල රැස්වීමකදී පවසයි..

  6. john the baptice says:

    රාජිත අමාත්‍ය මණ්ඩල තීරණ

    https://www.facebook.com/Dinamina.lk/videos/1667713809921375/

  7. sam says:

    Palayan yako yanna umba kawadatha mulim ewunge patthe.

  8. love nature says:

    දැන් law college එකේ ටික ටික බුර්කාව ඇදගෙන එන මුස්ලිම් ගෑනු ළමයි වැඩි වෙලාලු .. ඉස්සර මුස්ලිම් ළමයි ආවේ වේල් එකක් විතරක් ඇදගෙන (මූණ පේනවා ) දැන් senior මුස්ලිම් කොල්ලෝ ටික ටික බලපෑම් කරන්න පටන් අරන්ලු බුර්කාව අදින්න කියල එකේ කෙල්ලන්ට . අනික සිංහල students ලට වඩා , මුස්ලිම් studentsලගේ ප්‍රතිෂතයත් වැඩි වේගෙනලු එන්නේ (මන් දැන් නෑ මේකට හේතුව , මුස්ලිම් භාෂාවෙන් විභාගේ තියෙනවද කියල ) , දැනට law college ඉන්න සින්හල ළමයින් මේගැන සද්ද නැතිව ඉන්නවලු .

    අනික ලංකාවේ උසාවියක් ඇතුලට මුස්ලිම් තොප්පිය දා ගෙන යන්න පුළුවන්ලු .. judge එක ඇහුවම එයාල තර්ක කාරනවලු .. අපේ ජාතික ඇදුම මේක නීති පොතේ තියෙන්නේ ජාතික ඇදුමින් උසාවි අවට කමක් නෑ කියල ..මන් නිකන් හොයල බැලුව විදියට ලංකාවේ නීති පද්දතියේ ශාරිය නීතිය නෑ .. හැබැයි ගම් මට්ටමේ .. පොඩි ප්‍රශ්නවලදී ශාරිය නීතිය වගේ පාවිච්චි කලාලු.. හැබැයි දැන් ලොකු නඩු වලදිත් “ශාරිය නීතිය අනුව ” කියල වචනේ එනවා කියල ආරංචියක් අවා ..

  9. sinha le says:

    විල්පත්තු මහා වන සංහාරයේ සජීවි දසුන්

    https://www.facebook.com/NewsfirstSL/videos/927906380602954/

  10. pp says:

    desapalana wasiyata.

Main News