විල්පත්තු මහ නඩුව කරලියේ.. බදියුදීන්ට නොතිසි නිකුත් කෙරේ…

June 9, 2020 at 11:20 am | lanka C news
විල්පත්තු මහ නඩුව කරලියේ.. බදියුදීන්ට නොතිසි නිකුත් කෙරේ…

විල්පත්තු කල්ලාරු රක්ෂිතයෙන් අක්කර 2,300 ඉක්මවා ප්‍රමාණයක් එළිපෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් වන නඩුවට හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය විසින් ඊයේ දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ නොතීසි නිකුත් කර ඇත.

ඊයේ දිනයේ දී හිටපු අමාත්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු ඊයේ දිනයේ පෙනී නොසිටි නිසා එළැඹෙන 29 වැනිදා අනිවාර්යෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස මෙසේ නිතර නොතීසි නිකුත් කර ඇත.

මෙම නඩුව ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනෙන අතර පෙත්සම ගොනු කොට ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.

31,088 Viewers

25 Comments to “විල්පත්තු මහ නඩුව කරලියේ.. බදියුදීන්ට නොතිසි නිකුත් කෙරේ…”

  1. NGO හා ඩයස්පොරාවේ මුදල් ලංකාවට නැවත පොම්ප වේ. ඊට උඩ පනින සමහරක් අමුතු කොමෙන්ටු දමා 2015 සේ මොඩයන් අන්දවයි. පෙර වසර හතරාමාර ඔබට මතකද? ඔබට ලැබුනේ කුමක්ද? නොතෙමී යන්න වාහනයක්.. ෆුි වයිෆයි, රැකියා දසලක්ෂයක්. හිතන්න නැවත රැවටෙනවාද කියා. ගරු ජනාධිපතිතුමා හා ගරු අගමැතිතුමා නොසිටින්න අප සැමට සොරි තමයි.

  2. Aurora says:

    1980 ගණන් වෙනතෙක් කොන්ඩච්චි කජු වතු යාය ක්‍රියාත්මක වුණා. ඔය කාලයේදී එහි සේවයකළ නිලධාරීන් දන්නවා බදුර්දීන් එලිකරලා තියන පළාත්වල ඒ කාලයේ ස්වභාවය. ඒ කාලයේ අලි ඉන්න කැලෑවක් තමයි මේ ප්‍රදේශය. මෝටර් සයිකලයකින් හෝ ට්‍රැක්ටරයකින් පමණයි යාහැක්කේ ඒ තරම් කැලෑව. ඉතින් අලින්ට ඉන්න තැනක් නැතිව කැලෑවදින එක පුදුමයක් නොවේ.

  3. Gal paththuwa says:

    Dan nadu dammata ho danduwam kalaata, padinchi kaarayo aiyn karanneth naha, owun kohen aapu ewunda kiyalath balana ekak naha. Mun hunga denek videshikayo. Prathamayen, owunge ananyathaawaya soya baliya yuthui!

  4. saman says:

    Ha haa මේ නඩු සේරම මතු වෙන්නේ election ලංවෙනකොට තමයි. කෝ දැන් මහබැංකුව කඩපු අය ඇල්ලුව?

    • Kalana says:

      කෙබර කෙලින් නැතුව හිටපන්! දැන් තියෙන කොමිසමේ ඉන්න සාමාජිකයන් තුන්දෙනා වලකජ්ජ ගහනකම් මේ රටේ ඡන්දයක් තියනවයි කියන එකත් හීනයක් තමයි.

Main News