විල්පත්තු රක්‍ෂිතයෙන් අක්කර 75ක් කර්මාන්ත පුරයකට වෙන් කෙරේ.. කඩිමුඩියේ ඉඩම් මනී…

March 22, 2019 at 12:02 am | lanka C news
විල්පත්තු රක්‍ෂිතයෙන් අක්කර 75ක් කර්මාන්ත පුරයකට වෙන් කෙරේ.. කඩිමුඩියේ ඉඩම් මනී…

විල්පත්තු වන රක්ෂිතය ඇතුලත පිහිටි මුල්ලිකුලම් ප්‍රදේශයේ අක්කර 75 ක කර්මාන්ත පුරයක් වෙන්කරගෙන ඇති බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

ඊට අදාළ ඉඩම් ප්‍රමාණය නිදහස් කරන ලෙස ඉඩම් නිදහස් කිරීමේ කමිටුව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද උන්වහන්සේ පවසති.

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් මෙම ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය මැනුම් කටයුතු සිදුකරමින් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ විසින් මෙම චෝදනා එල්ල කරන ලද්දේ ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා වෙතයි.

මේ වන විටත් විල්පත්තු රක්‍ෂිතයේ අලූතින් ජනාවාස ඇතිකර ඒවාට විදුලිය ජලය මාර්ග පද්දති පවා ලබා දී ඇති බවත් උන් වහන්සේ එහිදී කියා සිටියහ.

14,449 Viewers

8 Comments to “විල්පත්තු රක්‍ෂිතයෙන් අක්කර 75ක් කර්මාන්ත පුරයකට වෙන් කෙරේ.. කඩිමුඩියේ ඉඩම් මනී…”

  1. ජෙපි දර්ශණය says:

    යහපාලන කැලෑ කැපිල්ල…………
    මේ ගැන රතු සහෝදරයන්ගෙන් අදහස් විමසීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.

  2. අප්පුහාමි says:

    මේ වසලයෝ 225ත් උන් නියෝජනය කරන පක්ෂත් වසලයන්ගේ නායකයනුත් මෙවර සියලු මැතිවරණ වලින් පරාජය කරන්න මේ රටට ආදරේ ජනතාව කටයුතු කරත්වා.
    රට බේරා ගැනීමට ජනතාව අතරින් මතුවන අළුත් නායකයෙකුට හා අළුත් වැඩපිලිවලකට සහය දෙමු.
    වසලයෝ 225 ස් දෙනාගෙම වැරදි වලට නිසි දඩුවම් පමුණවා උංගේ දේපල රාජසන්තක කරමු.
    -වසලයෝ රාජ්‍ය දේපල අවභාවිතා කලා
    -වසලයෝ මහ බැංකුව කොල්ල කෑවා
    -වසලයෝ උන් උන් ඩීල් දාගෙන උන් උන්ව බේරගත්තා
    – වසලයෝ තමන්ගේ මාතෘ භූමිය දකින්නේ බිස්නස් එකක් විදියට
    -වසලයෝ හැම එකාටම තව රටක් තියෙනවා මේ රට කාලා විනාස කලාට පස්සේ යන්න.නමුත් අපට මේ රට විතරයි !!!

  3. මුං හෙළදිව පතුරු ගහල කාබාසිනියා කරනවා දෙයි හාමුදුරුවනේ!

    මේ “62 ලක්ෂයක් බත් කන ගවයින්” ඉල්ලපු දෙයයි.

    දැන් ඉතිං පාර්ලි……වේ 106යි , මුං ටිකයි ඒ විල්පත්තු තණ පිටිවල තණ කකා පිණුම් ගහන්න යවල හිත හදාගම්මු අපේ හාමුදුරුවනේ!

  4. Pasan says:

    Where are so called Red liberators -JVP . Must be at 5 star hotels eating people’s money. Or are they waiting for Ranil to bring 20th constitution, before they are swept away by people in the next election. Politically, JVP is in trouble.

  5. Soma Himi says:

    විල්පත්තු වන විනාශයට එරෙහිව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ඉඩම් කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් ඉන් වගඋත්තරකරුවන් කර ගොනු කළ පෙත්සම ජුනි මස 28 වන දා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළේ ය.

  6. sakalabujan says:

    මේ ගැටළුව නිර්මාණය වුනේ මහින්ද ආන්ඩුව යටතේ. අපට එදා ඒක වලක්වා ගන්න බැරි වුනා.

    හොයා ගත යුත්තේ මේක නතර කරන්න සෘජු හයියක් තියෙන තැනට පත්වීමයි.

    ඊලග ජනාධිපතිවරණයට
    ප්‍රධාන පක්ෂ දෙකෙන්(, පෙරමුණු දෙකෙන්)එකකටවත් රිෂාඩි නොගන්න තැනට රට පත්කර ගත්තොත්
    අපට පුළුවන් ඔහුගෙන් විල්පත්තුව රැකගන්න.

    එහෙම නැතුව තව අවුරැදු 50ක් අපි සමාජජාලා මගින් පෙත්සම් ලීවත් කැ ගැහුවත් වෙන සෙතක් නෑ.

    කෙසේ වෙතත් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී විගණකාධිපතිවරයා විසින් විල්පත්තු වන සංහාරය පිළිබදව නිකුත් කළ වාර්තාව මගින් අනාවරණය කෙරුණේ, ඉදිකල නව ජනාවාසවල පදිංචිකර ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූ පිරිස් නොව වෙනත් ප්‍ර දේශවලින් ගෙන්වූ මුස්ලිම් ජාතිකයන් බවයි. පාකිස්ථානයේ හා විවිධ රටවලින් මෙරටට අනවසරයෙන් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතිකයන් ද මෙම ජනපදවල පදිංචි කර ඇති බවටද මිට පෙර චෝදනා එල්ලවිණි.

  7. Janathaw says:

    බහුතර ජනතා පැතුම

Main News