විල්පත්තු වැනසීම නීති විරෝධීයි.. පුද්ගලික ධනයෙන් යලි වවන්නැයි අධිකරණයෙන් බදියුදීන්ට නියෝග..

November 16, 2020 at 11:28 am | lanka C news
විල්පත්තු වැනසීම නීති විරෝධීයි.. පුද්ගලික ධනයෙන් යලි වවන්නැයි අධිකරණයෙන් බදියුදීන්ට නියෝග..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ කල්ලාරු රක්ෂිතය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.

එම නඩුවට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, වනය එළිකර ජනාවාස ඉදිකළ ප්‍රදේශවල හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය පෞද්ගලික වියදමින් නැවත ගස් සිටුවීමට පියවර ගතයුතු බවය.

2015 වර්ෂයේදී “පරිසර යුක්ති කේන්ද්‍රය” මගින් ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ඒ අනුව විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයයේ, කල්ලාරු වනාන්තරය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අධිකරණය තීන්දු කරනු ලැබීය.

එමෙන්ම එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසද අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වෙත නියෝග කෙරුනි.

ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබුණි

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2,388 ක් එළිකර එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදුවී ඇති බව පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පැවසීය.

එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් එළි කිරීම් සිදුකර අනවසර ඉදිකිරීම් කිරීම වැළැක්වීමට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් 2019 වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුලසිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර කළේය.

– adaderana

68,050 views

43 Comments to “විල්පත්තු වැනසීම නීති විරෝධීයි.. පුද්ගලික ධනයෙන් යලි වවන්නැයි අධිකරණයෙන් බදියුදීන්ට නියෝග..”

  1. sumudhu says:

    යකෝ අම්මගේ නීතියක් නේ සල්ලි තියන එකාට පුද්ගලික ධනයෙන් ෂේප් වෙන්න පුළුවං . නැති එකා විනාසයි . අනෙක පුද්ගලික ධනයෙන් කීයක් වියදම් කරලා ද ගස් හිටවන්න කියලා කියල නැහැනේ . කැකිල්ලේ තීන්දුවක් . පැල හිටවල ගස් වෙන්න කොච්චර කල් යනවද . පැල ගස් වෙනකල් නඩත්තු කරන්න කියලත් නැහැ .

    • senanayake says:

      exactly. decision is not precise, not properly detailed and no punishment for such a huge offence. this is bigger crime than killing thousand people. he can plant some trees and go away. what a shame. how can we and our children live in a society without justice.

  2. rathna says:

    නීතියෙන් දඩුවමක් නැද්ද වැරදිකාරයානම්? 😡😡

  3. Buddhist says:

    Sri Lankan Judges who give this rule are correct if Badurdeen has destroyed Sinharajah. At the same time I would like to ask the Judges why in the case of Basil’s ghost mansion such a decision was not given to confiscate and sell the mansion? Is it because he is a Rajapakse or is it a racist decision of SL Judiciary?

  4. Sunil Dahanayake says:

    As some body has commented, this decision is not clear. But we have not seen the court decision in written form.

    Baludeen should have given a maximum jail term with hard labour and severe fine.

    We will wait and see. there is a difference in court decisions for poor farmer who clears the forest and politicians.

  5. On The Spot says:

    මේ නියෝගයෙ තියෙන්නෙ විනාශ කරපු විල්පත්තුවෙ ගස් සිටවන්න කියා නෙමෙයි.ඒ සඳහා තෝරා ගන්නා සුදුසු භූමියක බදුර්දීන්ගේ වියදමෙන් ගස් සිටුවන්න කියා පමණයි. ඔහු විසින් නීති විරෝධීව සිදු කල ජනාවාස ඉවත් කර ගස් සිටුවන්න කියා එයින් කියැවෙන්නේ නැහැ.බදුර්දීන් දිණුම්?????????????

  6. කැලෙන් එලවන්නෙ නැතුව වැඩක් නෑ.. says:

    අර අටවපු ගෙවල් ටිකට, පදින්චි කරවපු එවුන්ට මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය ..
    ඕකුන් කැලෙන් එලවන්නෙ නැතුව වැඩක් නෑ

    දඬුවම මොකක්ද…………….???????????????????????????????????

    පිළිගන්න පුළුවන් නඩු තීර්න්දුවක් නෙමෙයි. !

  7. ලොලිපොප් මොංගල් says:

    කපපු ගහක වටිනාකම 50000/= නං ගහක් හිටවන්න යන වියදම කීයද? එ් වැඩනු ගස් වලින් පරිසරයට ඔක්සිජන් සහ පරිසර අාරක්ෂාව ගණනය කලාද? ඉදිකරපු ගොඩනැගිලි ඉවත් කරනවාද? එය කරන්නේ කවුද? එයට වියදමි දරන්නේ කවුද? එ්වා ගැන තීරණයක් නැද්ද? දඩුවම හොඳටම මදි. සල්ලි වලට නීතිය නැවිල.

  8. Sarath Bulathsinghala says:

    මේ නඩු තීන්දුව විහිළුවක්! බදුර්දීන් පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති!

    රටේ ජාතික සම්පතක් විනාශ කල එකාට සහ මුසොල්මානුවන්ට රැසකට අක්කර දෙදාහම අයිති වෙනවා.

    කොහෙද කියලා දන්නේ නැති ඉඩමක ගස් වවන්නලු!

    මේ විනිශ්චය හරියට එලිවෙන්නත් ඉස්සර කුණු වෙච්ච ඉස්සෝ ගඳයි!

Main News