විලි ලැජ්ජාවයි.. අයර්ලන්ත මාලිගා නඩුව ජවිපෙම අහලා ජවිපෙම තීන්දුව දීගෙන අනුර නිදොස්, නිදහස් කරලා..
February 5, 2017 at 11:26 pm | lanka C news
අනුර දිසානායකට අයර්ලන්තයේ නිවසක් ඇතැයි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය හමුවේදී එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ අතර ඊට ඔහු මෙසේ පිලිතුරු දුන්නේය.
ප්රශ්නය: – ජවිපෙ නායක අනුර දිසානායකට අයර්ලන්තයේ නිවසක් තිබෙන බවට පළවන වාර්තා, ඔබත් සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී එහි දේශපාලන මණ්ඩල සභික, බිමල් රත්නායක දැඩිව ප්‍රතික්ෂේප කළා. ඔබ එය පිළිගන්නවාද?
”එතැනදී සිදු වූයේ බිමල් රත්නායක මහතා, අනුර දිසානායකගේ නඩුව අහලා තීන්දුව ලබා දීමයි. අනුර දිසානායක මහතාට අයර්ලන්තයේ මාලිගාවක් තිබෙන බවට ප්රවෘත්ති පළ වුණාම ජවිපෙ මොකද කළේ? පක්ෂ නායකයාට එරෙහි චෝදනාව විමර්ශනයට පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් යවලා විමර්ශනයක් කරලා බිමල්ට වාර්තාව ගෙනල්ලා දෙනවා. බිමල් ඒ වාර්තාව ඒ වැඩසටහනට ගෙනවිත් අනුර දිසානායක නිදොස් කොට නිදහස් කරනවා. ඒ වගේම බාප්පාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන අනුර දිසානායක මහතා අයර්ලන්තය වැනි රටක අධික හෝටල් බිල් ගෙවා ගෙන මාසයක් රැදී සිටීම ගැටළුකාරී නැද්ද?
අනෙක් අතට මඩ ගහලා තමන්ගේ ඇගේ තිබෙන කුණු, දූවිලි, අසූචි වහ ගන්නයි අද ජවිපෙ හදන්නේ”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ